248. පරමාර්ථ තියනවා ද, නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පරමාර්ථ ධර්ම සියල්ලම තියෙනවාද? නැතිනම් නිවන විතරද තියෙන්නේ? නිවන කියන පරමාර්ථය වෙනස් නොවී තියෙනවා වගේම, අනිත් පරමාර්ථ තුනත් වෙනස් නොවී තියෙනවද?

A. "තියෙනවා" කියන වචනය තුළ අර්ථ දෙකක් ඇති බව මෙහි දී මුලින් ම සඳහන් කළ යුතුය.

1. වෙනස් නොවී පවතිනවා.

[වෙනස් නොවී පවතින්නේ/තියෙන්නේ "අසංඛත පරමාර්ථය" (නිවන) පමණ ම යි.

2. වෙනස් වෙවී පවතිනවා. 

[එවැනි ශක්ති විශේෂ (චිත්ත, චෛතසික, රූප ලෙස) කොටස් 3ක් ඇති/පවතින නමුදු, ඒවා මොහොතක් (චිතක්ෂණයක් / චිතක්ෂණ 17ක්) පාසා වෙනස් (අනිත්‍ය = අනිත්‍ය ලක්ෂණය) වෙමින් තිබේ/පවතී.

Q. සංඛත පරමාර්ථ තුනත් වෙනස් වෙනවද? නැත්තං සංඛත පරමාර්ථ වලින් හැදුණු සජීවී අජීවී සත්ත්ව පුද්ගල දේවල් ආදිය විතරද වෙනස් වෙන්නේ?

A. "සංඛත පරමාර්ථ" කියන්නේ "හේතු-ප්‍රත්‍යවලින් සකස් වුණා" කියන එකනි. ඒ නිසා "සංඛත පරමාර්ථත්" වෙනස් වෙනවා; මොහොතක් ((චිතක්ෂණයක් / චිතක්ෂණ 17ක්)) පාසා වෙනස් (අනිත්‍ය) වෙනවා.

සංඛත පරමාර්ථවලින් හැදුණු සජීවී අජීවී සත්ත්ව පුද්ගල දේවල් ආදියත් මොහොතක් (චිතක්ෂණයක්) පාසා වෙනස් (අනිත්‍ය) වෙමින්, (සම්මුතියෙන්) ඒ එක් එක් සතා/කෙනා/දෙය පරම්පරා වශයෙන් ඇතිවෙමින් (උදය-ව්‍යය/උදය-වැය වශයෙන් ඇතිවෙමින්-නැතිවෙමින්, පරම්පරා/ඝන සතර නිසා විද්‍යමානව) පවතිනවා/තිබෙනවා.

T/S. "රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණය ය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ඒ ධර්මය ඇති කිරීමට නිසි හේතූන් එක් රැස් වීමෙන් ම ඇති වන ධර්මයෝ ය. ප්‍ර‍ත්‍යයෙන් ඇති කරන බැවින් ඒවාට සඞ්ඛත ධර්මයෝ ය යි කියනු ලැබේ. සඞ්ඛත ධර්මයෝ ඇති වීමෙන් පසු මොහොතකුදු නො පැවතී බිඳෙන්නෝ ය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝ ය. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හටගැන්වීමක් නැති ව ම ඇති ධර්මයෙකි. එබැවින් එයට අසඞ්ඛත ධාතුව යයි කියනු ලැබේ. එය කවදාවත් නැති නො වන සෑම කල්හි ම පවත්නා ධර්මයෙකි. එය ඉතා ගැඹුරු ධර්මයෙකි. මහත් වූ වීර්‍ය්‍යයකින් ම ප්‍ර‍ත්‍යක්ෂ කරගත හැකි ධර්මයෙකි. ලොකොත්තර මාර්ගය වඩා එය ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්‍ය්‍යයෝ සසර දුකින් මිදෙති. බුද්ධාගමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස් ම දෙය ඒ නිර්වාණය ය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll