115. ආදරය (Love - ලව්) කරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. විවාහ නොවු දෙදෙනෙක් පිරිසිදුව ආදරය කරන්නේ කෙසේද. දෙවිවරුන්ගේ පවා ආශිර්වාදය ලැබෙන විදිහට පිරිසිදුව ආදරයක් පවත්වාගෙන යන්නේ කෙසේද?
(අදාල ගැටලුවට පමණක් පිලිතුරු දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි)
(මෙම ගැටලුවට විසදුම් වර්තමාන තරුණ, තරුණියන්ට බොහෝ වැදගත් වෙයි කියා සිතමි.එම නිසා කරුණාකර post එක approve කරන්න.)

A. ආලය සුන්දර ය 
රාගය ගින්දර ය
ස්නේහය වින්දන ය
ලෝබය බන්දන ය

[ආදරය සුන්දර වූ හැඟීමකි. රාගය නමැති ගින්නෙන් (රාගාග්නියෙන්) සිත-කය දෙක ම දවයි. සෙනෙහස වින්දනීය හැඟීමකි. ලෝභයෙන් බැඳීම් (බන්ධන) ඇතිකර ගනී.]

ආලය / ස්නේහය / ප්‍රේමය අවිහිංසක ය
රාගය / ලෝභය / කාමය හිංසක ය

[ආදරය .... කායිකව හෝ මානසිකව අවිහිංසාව උපදවන්නා වූ මනෝභාවයකි. රාගය .... කායිකව හෝ මානසිකව විහිංසාව උපදවන්නා වූ මනෝභාවයකි.]

ප්‍රේමය නන්දන ය
කාමය නිර්-වින්දන ය
විරහව සුන්දර ය
තරහව ගින්දර ය

[ප්‍රේමාන්විත හැඟීම් සිත-කය ප්‍රීතිමත් කරයි. කාමය පියවි සිහිය නැති කරවයි. වියෝගය ද යෝගය (පෙම්වතුන් සේ එක්ව සිටීම) සේ ම සුන්දර හැඟීමකි (ඒ දෙස බලන දෘෂ්ටිකෝණය වෙනස් කරගත් කළ). ද්වේෂය නැමති ගින්දරෙන් (දෝසාග්නියෙන්) පෙමින් වෙලී සිටින හෝ හැරගිය පෙම්වතා / පෙම්වතිය සිතින් හෝ කයින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ හිංසාවක් රිදවීමක් වත් නොකළ යුතු ය.]

රාගය රෝගය කි - ස්නේහය සාමය කි.
[රාගය නම් සිත-ගත දෙක ම දවන-තවන මානසික ව්‍යාධියකි - සනහස නම් සිත-කය දෙකට ම සාමය-සිසිල ඇති කරවන්නකි.]

ගත නොවේ සිත තමා වැදගත්
නැත නොවේ ඇත තමා වැදගත්
පොෂ් නොවේ කුෂ් තමා වැදගත්
රෂ් නොවේ ගතිගුණයි වැදගත් 
පුෂ් නොවී ඉවසීමමයි වැදගත්

[අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනාගේ ම ගත සිත දෙක ම රැකබලා ගත යුතු වුව ද, ගතට නොවේ ආදරය කළ යුත්තේ හිතටයි. ඍණාතමක නොවී ධනාත්මක වීම වටී. ධනවත්කමට වඩා සතුට වැදගත්ය (වත්-පොහොසත්කම් වලට වඩා සිත්-පොහොසත්කම් වටින්නේ ය). ඉක්මන් නොවී ගතිගුණ සොයා බැලිය යුතුය. අනුන් (රටේ / ලෝකේ අය) කරනවාට (කරන්නං වාලේ අහන දකින දේ ආදිය) කිරීම නොව, ඉවසා දරා සිට හරි දේ හරි වෙලාවේ දී කිරීම ම යි වැදගත් වනුයේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll