94. සිතු දේ නොම වෙයි - නොසිතු දේ ම වෙයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදු දහමේ "සිතු දේ නොම වෙයි" කියලා කොතන හරි කියනවද?

A. මෙසේ ජාතක පාළියේ ද සඳහන් :-

"නො සිතූ දැය සිදු වෙයි. සිතූ දැය නො සිදු වෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතූ ලෙස වස්තුව නො ලැබේ."

"නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනැසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතීමෙන් මැ සිදුවන සම්පත් නැතැ යි (මහාජනක රජතෙමේ උදන් ඇණී ය.)"

"නොසිතූ දෙයම සිදුවෙයි. සිතූදෙය නොසිදුවෙයි. ස්ත්‍රියට හෝ පුරුෂයාට සිතන පරිදිවූ වස්තුව නොලැබේ."

“නොසිතන ලද්දේ වේ. සිතනලද්දද වැනසේ. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම වන්නාවූ සම්පත්තීහු නොමවෙත්යයි” මහාජනක රජතෙම ප්‍රීතිය ප්‍රකාශ කෙළේය."

නොසිතන ලද්දවේ. සිතන ලද්ද වැනසේ. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම පම්පත් නොලැබෙතියි (රජතෙම උදන් ඇනීය.)

“අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා”.


"අවින‍්තිතම‍්පි භවති චින‍්තිතම‍්පි විනස‍්සති.
නහි චින‍්තාමයා භොගා ඉත්‍ථියා පුරිසස‍්ස වා."

{A. මෙය වංශකතාවක ද  සඳහන්වන්නකි :- 

"අචින්තිතම්පි ¶ භවති, චින්ති තම්පි විනස්සති;
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වාති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll