121. මේ කය අනාත්ම නං, බිම ඇදගෙන වැටෙන්නේ නැත්තේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මෙ කය යම් ඉරියව්වකින් පවතින්නේ නම් එ සදහා සිතක් මුලින් හටගන්න ඔන බව ඔබ සියලු දෙනා දන්නා කාරන්‍යකි. උදා ලෙස අප සිට ගන්නා විට ඉට අදාළ සිතක් හටගෙන ඉට අනුරුපව රුප උපදවා සිටගැනිම නම් කියාව සිඩුවෙ. මට ඇති ගැටලුව නම් සිත හටගෙන නිරුඩ්ඩ වන ශනය තුල (එම ශනය තුල සිත නොමැති බැවින්) මෙ අනාත්ම ශරිරය බ්මට වැටෙන්නෙ නැතිව තියෙන්නේ කොහොමද?

A. # ඔබ සිතා සිටිනා පරිදි සිත් දෙකක් අතර කිසිදු පරතරයක්-ඉඩක්-හිඩැසක් නැත.

# (සිත සමඟ ම) සිතින් ම උපදනා (චිත්තජ) රූප මඟින් ඉරියව් ඒ ආකාරයෙන් ම පැවැත්වීම - ඉරියව් දැරීම - ශරීරය ඇද වැටීමට නොදීම ආදිය කරනු ලැබේ.

[# අතුරු ප්‍රශ්න ඇතොත් (පහත) මේ අනුසාරයෙන් සිතා බලන්න; ගවේෂණශීලී වෙන්න -

 “මේ ශරීරය ඉබේ සෙලවෙන්නේ නැත. අරූපී වූ සිත ද ශරීරය සෙලවීමට සමත් නො වේ. යාම් - ඊම් අත්පාදිය එසවීම් - පහත් කිරීම් ආදි ශරීරයෙන් කෙරෙන සියලුම ක්‍රියා සිදු වන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙනි. සිට ගෙන සිටින තැනැත්තා ගේ ශරීරය නො වැටී කෙළින් සිටින්නේත් වාඩි වී ඉන්නා තැනැත්තාගේ ශරීරය නො වැටී එසේ තිබෙන්නේත් චිත්තජ රූපයන්ගේ බලයෙනි.

රූප උපදවන සිත් පන් සැත්තෑව අතුරෙන් අර්පණා ජවන නම් වූ මහග්ගත ලෝකෝත්තර ජවන් සවිස්ස සාමාන්‍යයෙන් රූප ඉපදවීම පමණක් නොව, සිටීම හිඳීම ශයනය යන ඉරියව් නො බිඳ පැවැත්වීම ද සිදු කරන්නේ ය. අර්පණා ජවනයන් ගෙන් උපදවන රූප ශරීරය සෙලවීමට සමත් නො වේ. එබැවින් නිදා සිටින ශරීරය නැගිටුවා හිඳ වීම, හිඳිනා ශරීරය නැගිටුවා සිට වීම, අර්පණා ජවනයෙන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරනු නො ලැබේ. ඒවායින් සිදු කරන්නේ අන් සිතකින් ඉපද වූ චිත්තජ රූපවලින් මුලින් ඇති කළ ඉරියව්ව ඒ සැටියට පැවැත්වීම ය. ඇද වැටෙන්නට නො දීමය. භවාඞ්ග සිත්වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්‍ය්‍යය සිදු කිරීමට ද සමත් නො වේ. සිට ගෙන සිටින තැනැත්තාට හෝ වාඩි වී සිටින තැනැත්තාට හෝ නින්ද ගියහොත් වැටෙන්නේ එහෙයිනි.

ව්‍යවස්ථාපනය ය, කාමාවචර ජවන් එකුන් තිසය, අභිඥා දෙසිතය යන මේ සිත් දෙතිස, රූප ඉපදවීම ය, ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඥප්තීන් ඉපදවීම ද කරන්නේ ය. ගමනාදි ක්‍රියා සිදු වන්නේ විඥප්ති උපදවන සිත්වලිනි.

ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, හසිතුප්පාදයය, මහා කුශල මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් අටය යන මේ සෝමනස්ස දහතුනෙන් ඉහත කී දෑ පමණක් නොව, සිනාවත් ඇති කරනු ලැබේ.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll