126. ගන්ධබ්බ කියන්නේ කුමන සත්ත්වයෝ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. විඤ්ඤාණය බැස ගැනීම යනු ගන්ධබ්බයාගේ පැමිණීමද?
ගන්ධබ්බයාගේ ඇතිවීම හා හැසිරීම මොනයම් ආකාරද?

A. ගන්ධබ්බයාගේ පැමිණීම කියල අදහස් කරල තියෙන්නෙ ප්‍රතිසන්ධි විඤ්ඤාණයට. තවත් සත්වයෙකු ඒ භවයෙන් චුතවනවාත් සමඟම අතරක් නැතිව ප්‍රතිසන්ධි සිත හටගන්නවා.
ඔතන අදහස් කරන ගන්ධබ්බ නම් සත්වයෙක් නැහැ. ප්‍රතිසන්ධි විඤ්ඤානයම තේරුම් ගත යුතුයි.
ගන්ධබ්බ කියල දිව්‍ය පිරිසක් නම් ඉන්නව.

A. “ගන්‍ධබ්බො එහි එළඹෙන සත්ත්වයා පච්චුපට්ඨිතො හොති ළඟ සිටියේ ම නො වේ. කර්මය නමැති යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වූ එක් සත්ත්වයෙක් ඒ (ගර්භාෂය නම් වූ ගර්භාෂ) අවකාශයෙහි උපදනේ වෙයි යන්න මෙහි අදහසයි.”


"ගන්ධබ්බොති තත්‍රූපගසත්තො. පච්චුපට්ඨිතො හොතීති න මාතාපිතූනං සන්නිපාතං ඔලොකයමානො සමීපෙ ඨිතො පච්චුපට්ඨිතො නාම හොති. කම්මයන්තයන්තිතො පන එකො සත්තො තස්මිං ඔකාසෙ නිබ්බත්තනකො හොතීති අයමෙත්ථ අධිප්පායො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll