157. එක සිතකට පසු තව සිතක් ඇතිවෙන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. එක් සිතකට පසු ඊලග සිත උපදින්නෙ. සිතක් හා අනෙක් සිතක් අතර ඇති මේ සබඳතාවය කවරාකාරද යන්න වන වග පහදා දෙන්න.

A. “සත්ත්වයකුගේ සන්තානයෙහි උපදනා චිත්ත පරම්පරාවෙහි පසු පසු සිත් ඇති වන්නේ පූර්ව පූර්ව වූ සිත් නිසාය. පූර්ව පූර්ව සිත් නූපන්න හොත් පසු පසු සිත් නූපදින්නේ ය. පරම්පරාව නො සිඳී පැවැත්ම සඳහා පූර්ව පූර්ව චිත්තය පසු පසු සිතට උපකාර වන්නේය. අනන්තර ප්‍ර‍ත්‍යයයි කියනුයේ ද සමනන්තර ප්‍ර‍ත්‍යයයි කියනුයේ ද පසු පසු සිත්වලට උපකාර වන පූර්ව පූර්ව චිත්තයට ය. එය පිළිබඳව ආචාර්‍ය්‍ය මත භේදයක් නැත්තේය. ඒ ප්‍ර‍ත්‍යය දෙක්හි ම පශ්චිම චිත්තයන්ට ප්‍ර‍ත්‍යය වන ආකාරය පිළිබඳ මත භේද ඇත්තේ ය. එබැවින් එය ගැන බුදුන් වහන්සේගේ අදහස නිශ්චය කිරීම දුෂ්කරය. >>>”


“සත්ත්වයන් කෙරෙහි පවත්නා චිත්ත පරම්පරාවෙහි පසු පසු සිත් ඇතිවන්නේ පළමු පළමු සිත් නිසා ය. පූර්ව පූර්ව සිත් නො වී නම් පසු පසු සිතත් ද ඇති නො වන්නේ ය. සැම සිතක ම තමා නිරුද්ධ වනු සමග ම ස්ථානය සිස්වන්නට නො දී අතරක් නො දැනෙන සැටියට තවත් සිතක් ඉපදීමට උපකාර වන ස්වභාවයක් ඇත්තේ ය. ඒ නිසා එක් සිතක් නිරුද්ධ වනු සමග ම තවත් සිතක් උපදී. නිරුද්ධ වන පූර්ව පූර්ව චිත්තයන්හි ඇති තමන් ළඟින් ම තවත් සිතක් උපදවන ශක්තිය අනන්තර ශක්තිය ය. අනන්තර ශක්තියෙන් උපදකාරවන ධර්මය අනන්තර ප්‍ර‍ත්‍යය නම් වේ. තමාට අනතුරු ව උපදනා සිත තැනට සුදුසු පරිදි ඉපදීමට උපකාරවන ස්වභාවයක් ද නිරුද්ධ වන සිත්වල ඇත්තේ ය. එයට සමනන්තර ශක්තිය යි කියනු ලැබේ. සමනන්තර ශක්තියෙන් උපකාර වන ධර්මය සමනන්තර ප්‍ර‍ත්‍යයය. අනන්තර සමනන්තර ශක්ති දෙක ම එක ම සිතේ ඇත්තේ ය. එබැවින් අරහන්ත චුතිය හැර නිරුද්ධ වන්නා වු සැම සිතක් ම සැම චෛතසිකයක් ම අනන්තර ප්‍ර‍ත්‍යය ද වේ. සමනන්තර ප්‍ර‍ත්‍යය ද වේ. අරහන්ත චුතිය සහිත වූ පසු පසුව උපදනා සිත් හා චෛතසික සියල්ල අනන්තර ප්‍ර‍ත්‍යයෝත්පන්න ද සමනන්තර ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වේ.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll