Q. මූලපරියාය සූත්‍රයේ ඒකත්වය පිරිසිඳ නොදැනීමක් ගැන සඳහන් වෙනවා. මෙහි දැක්වෙන ඒකත්වය යනු කුමක්ද? එය හින්දු ආදී වූ අනෙක් ආගම් වල සඳහන් වන බ්‍රහ්මන් වගේ තත්වයක්ද?
මූලපරියාය සූත්‍රයෙන් -: එකත්‍වය එකත්‍ව වශයෙන් හඳුනයි. එකත්‍වය එකත්‍ව වශයෙන් හැඳින එකත්‍වය ආත්මය යි හඟියි. එකත්‍වයෙහි හඟියි. එකත්‍වයෙන් බැහැර හඟියි. “එකත්‍වය මාගේය” යි හඟියි. එකත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: එකත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
එකත්තං එකත්තතො සඤ්ජානාති; එකත්තං එකත්තතො සඤ්ඤත්වා එකත්තං මඤ්ඤති, එකත්තස්මිං මඤ්ඤති, එකත්තතො මඤ්ඤති, එකත්තං මෙති මඤ්ඤති, එකත්තං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
A. මෙහි වේදනාදී නාමස්ඛන්ධ හතර සමාන ලක්ෂණ වශයෙන් (එනම් “අරූපී ධර්ම” හෝ “අරමුණු වෙතට නැමෙන” එකත්ත්වයෙන්/එක්කොට/එකක් ලෙසින්) ආත්ම (වේදනාව විඳින්නේ මම / සත්ත්ව / පුද්ගල ආදී ලෙස) යැයි ගැනීම බව පරිවර්තනයේ වරහන් තුළින් ම වටහා ගත හැකි බව සිතේ.
“එකත්‍වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්‍ධ) එකත්‍ව වශයෙන් හඳුනයි.”
[“එකත්තතායාති ¶ එකස්ස භාවො එකත්තං, එකත්තමෙව එකත්තතා, තාය එකත්තතාය. එක-සද්දො චෙත්ථ සමානසද්දපරියායො, තස්මා සාමඤ්ඤෙනාති අත්ථො. විසිට්ඨා මත්තා විමත්තා, විමත්තාව වෙමත්තං, තස්ස භාවො වෙමත්තතා, තාය වෙමත්තතාය, විසෙසෙනාති අත්ථො.”]
A. “එකත්තතාය ධම්මා යෙ’පි ච වෙමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්‍ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශෙෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)
....
“මෙසේ ජාති ආදි යම් ධර්‍මයෙක් එයින් අන්‍ය වූ ජරා ආදි අන් ධර්‍මයකට දුක්ඛාදි භාවයෙන් සමානබව ඇද්ද, ඒ ජාත්‍යාදි ධර්‍මය ඒ ජරාදි ධර්‍මයට (දුක්ඛාදි) සමානස්වභාවයෙන් (සමානශබ්දාභිධෙයත්‍වයෙන්) එකත්‍වය ට පැමිණෙයි. (මේ එකත්‍ව ලක්‍ෂණ යැ.) යළි යම් යම් ස්වභාවයෙකින් (යම් ධර්‍මයෙක් යම් ධර්‍මයකට) විසදෘශ ලක්‍ෂණ ඇද්ද ඒ ඒ ස්වභාවයෙන් (ඒ ධර්‍මය ඒ ධර්‍මයට) වේමත්තතාවට - විසදෘශබවට පැමිණෙයි. (මේ වේමත්තතායෙහි ලක්‍ෂණ යැ.) මෙසේ සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ ගාථායෙහි හෝ පුළුවුස්නා ලද්දහු විසින් කිම එකත්තතායෙන් විචාරා ද නොහොත් වේමත්තතායෙන් විචාරා දැයි විමසියැ යුතු ය. ඉදින් එකත්තතායෙන් පුළුවුස්නාලද නම් එකත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් වේමත්තතායෙන් පුළුවුස්නාලද නම්, වේමත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් සත්ත්‍වප්‍රඥප්තිමුඛයෙන් පුළුවුස්නා ලද නම්, සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් විසඳියැ යුතු ය. ඉදින් ධර්‍ම වශයෙන් පුළුවුස්නා ලද නම්, ධර්‍මවශයෙන් විසඳියැ යුතු ය. යළි යම් යම් පරිද්දෙකින් පුළුවුස්නාලද නම් ඒ ඒ පරිදිදෙන් විසඳියැ යුත්තේ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “එකත්තතාය ධම්මා” යනාදිය.”
A. [“ඒකත්ත නය.
සහලෙන් බත ඇති වේ. සහල කෑමට නුසුදුසු තද දෙයකි. බත කෑමට සුදුසු මෘදු දෙයකි. සහල හා බත ලක්‍ෂණ වශයෙන් එකිනෙකට ඉතා වෙනස් ය. එකිනෙකට වෙනස් වූ සහල හා බත දෙකක් ද? එකක් ද? යනු විසඳා ගත යුත්තකි. බතෙහි සහල් ලක්‍ෂණයත් සහල්වල බතේ ලක්‍ෂණයත් නැති බැවින් ඒ දෙක එකකැ යි නො කිය හැකි ය. ඉදින් ඒ දෙක දෙකක් ම ය යි ගත හොත් සහල් හිමියාට බත අහිමි වීමෙන් අවුලක් වේ. එබඳු අවුලක් නො වන්නට නම් සහල හා බත ඒකත්වයෙන් ද පිළිගත යුතු ය. ඒ ඒකත්වය නම් පරම්පරා සම්බන්ධය යි. එමෙන් අවිද්‍යාවෙන් හටගන්නා සංස්කාරය අවිද්‍යාවට ඉතා වෙනස් වූ අන්‍ය ධර්මයකි. සංස්කාරයෙන් හටගන්නා විඥානය අවිද්‍යා සංස්කාර දෙකටම ලක්ෂණ වශයෙන් වෙනස් වූ ධර්මයෙකි. එහෙත් එක ම පරම්පරාවකට අයත් වීම් වශයෙන් ඒවායේ ඒකත්වයක් ද ඇත්තේ ය.
පටිච්චසමුප්පාදයේ ඒකත්තනය ය යි කියනුයේ ඒ ඒකත්වයට ය. මේ එකත්තනය මැනවින් දත් කල්හි “මැරෙන්නේ අනෙකෙක, උපදින්නේ අනෙකෙක, පින් පව් කරන්නේ අනෙකෙක, සුවදුක් විඳින්නේ අනෙකෙකැ” යි ගන්නා වූ උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. ඒකත්තනය වරදවා තේරුම් ගත් කල්හි ලක්‍ෂණ වශයෙන් එකිනෙකට වෙනස් වූ අවිද්‍යාදි ධර්ම සමූහය එක් කොට එක් දෙයක් සැටියට හෙවත් එක් සත්ත්වයකු සැටියට ගෙන “සෝ කරෝති සෝ පටිසංවේදේති” යනාදීන් දැක්වෙන පින් පව් කරන තැනැත්තා ම සුව දුක් විඳින්නේ ය, මේ සත්ත්වයා ම පරලොව යන්නේ ය යි ශාශ්වත දෘෂ්ටිය ගනී.
නානත්ත නය.
අවිද්‍යාදි ධර්ම සමූහය ඒකත්වයෙන් දත යුතුවාක් මෙන් ම නානත්වයෙන් ද දත යුතු ය. එක් දෙයක් එක් සත්ත්වයකු එක් පුද්ගලයකු වශයෙන් පෙනෙන සේ සන්තති ප්‍රඥප්තියෙන් වැසී තිබෙන මේ ධර්ම සමූහය හේතු ඵල වශයෙන් හා ඒ ඒ ධර්මයට අයත් ලක්‍ෂණයන්ගේ වශයෙන් ද කාල වශයෙන් ද වෙන් වෙන් වූ ධර්මයන් ගේ සමූහයකි. අවිද්‍යාදීන් ගේ ඒ නානත්වය හෙවත් ධර්ම බොහෝ ගණනක් බව පටිච්චසමුප්පාදයාගේ නානත්ත නයයි.
මෙය මනාකොට දක්නා තැනැත්තා හට පරණ පරණ වූ සංස්කාරයන් ගේ බිඳී යාම හා අලුත් අලුත් සංස්කාරයන් පහළ වන බවත් අවබෝධ වීමෙන් භවයෙන් භවයට යෙමින් සුව දුක් විඳින සත්ත්වයකු ඇතය යි ගන්නා ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. වරදවා ගත් තැනැත්තා එක සන්තානයකට අයත් ධර්මයන් වෙන් වෙන් වූ සන්තානයන්ට අයත් ධර්ම සේ පමණ ඉක්මවා නානත්වයෙන් ගෙන අනෙකෙක් මැරෙන්නේ ය, අනෙකෙක් උපදින්නේ ය. අනෙකෙක් කර්ම කරන්නේ ය, අනෙකෙක් සුව දුක් විඳින්නේ යයි උච්ඡේද දෘෂ්ටිය ගනී.”
[T. "නානත්තාති නානා බහූ අනෙකප්පකාරා. නානත්තසිතාති නානාරම්මණනිස්සිතා. එකත්තාති එකා. එකත්තසිතාති එකාරම්මණනිස්සිතා. කතමා පනායං උපෙක්ඛාති? හෙට්ඨා තාව අඤ්ඤාණුපෙක්ඛා වුත්තා, උපරි ඡළඞ්ගුපෙක්ඛා වක්ඛති, ඉධ සමථඋපෙක්ඛා, විපස්සනුපෙක්ඛාති ද්වෙ උපෙක්ඛා ගහිතා."
"නානත්තා නොයෙක් ආකාරය. නානත්තසිතා නොයෙක් නොයෙක් අරමුණු ඇසුරු කළ එකත්තා එක. එකත්තසිතා එක් අරමුණක් ඇසුරු කළ කතමාපනායං උපෙඛා යට පළමු කොට අඤ්ඤානුපේක්‍ෂාව කියන ලදි. මතු ඡළංගුපේක්‍ෂාව කියන ලදි. මෙහි සමථ උපේක්‍ෂාව විදර්ශනා උපේක්‍ෂාව යන උපේක්‍ෂා දෙක ගන්නා ලද්දාහ."
"ඉමෙ ධම්මාති ඉමෙ ඤාණසඞ්ඛාතා ධම්මා, ඤාණපරියායො වා ඉධ ධම්ම-සද්දො, තස්මා ඉමානි ඤාණානීති අත්ථො. එකත්තාති එකසභාවා."