A. “පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි. ‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ.
පදුට‍්ඨෙනාති ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨෙන. පකතිමනො හි භවඞ‍්ගචිත‍්තං, තං අපදුට‍්ඨං. යථා හි පසන‍්නං උදකං ආගන‍්තුකෙහි නීලාදීහි උපක‍්කිලිට‍්ඨං නීලොදකාදිභෙදං හොති, න ච නවං උදකං, නාපි පුරිමං පසන‍්නඋදකමෙව, තථා තම‍්පි ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨං හොති, න ච නවං චිත‍්තං, නාපි පුරිමං භවඞ‍්ගචිත‍්තමෙව, තෙනාහ භගවා – “පභස‍්සරමිදං, භික්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.49). එවං මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා සො භාසමානො චතුබ‍්බිධං වචීදුච‍්චරිතමෙව භාසති, කරොන‍්තො තිවිධං කායදුච‍්චරිතමෙව කරොති, අභාසන‍්තො අකරොන‍්තො තාය අභිජ‍්ඣාදීහි පදුට‍්ඨමානසතාය තිවිධං මනොදුච‍්චරිතං පූරෙති. එවමස‍්ස දස අකුසලකම‍්මපථා පාරිපූරිං ගච‍්ඡන‍්ති."
“පභස‍්සරමිදං භික්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨන‍්ති.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වුයේ ය.”