73. අත්තුක්කංසන - පරවම්භන යනු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අන් අයගේ මත නොඉවසීම හා තම මතය පමනක් හුවා දැක්වීම අකුසලයක්ද?

A. {“තමා උසස් කොට සැලකීම අනුන්ට නින්දා කිරීම යනු දෙආකාරයකින් මාන්නයයි.”
“දුවිධෙන මානො - අත්තුක්කංසනමානො, පරවම්භනමානො.”

“අතතුකකංසන මානො යනු තමා උසස් කර දක්වන මානයයි. පරවමභනමානො යනු අනුන්‌ හෙළා දකින, ලඝුකර සිතන මානයයි. මේ මාන දෙක බොහෝ වශයෙන්‌ ම එසේ පවත්නා ආකාරයෙන්ම කියන ලදී.”
Maha. Nidde. Att – 233P

“අත්තුක්කංසනමානොති අත්තානං උපරි ඨපනමානො. පරවම්භනමානොති පරෙ ලාමකකරණමානො. ඉමෙ ද්වෙ මානා යෙභුය්‍යෙන තථා පවත්තාකාරවසෙන වුත්තා.”


[“ශුද්ධ පුරුෂතෙමේ මායාද මානයද හැර” යන්නෙහි රැවටිලි හැසිරීම මායාවයයි කියනු ලැබේ. (ii) මේ ලෝකයෙහි ඇතමෙක් කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර එය වැසීමේ හේතුවෙන් ලාමක කල්පනාවට බැස ගනියි. මා අන්‍යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි බලාපොරොත්තු වෙයි. මා අන්‍යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි කල්පනා කරයි. මා අන්‍යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි කයින් ඉක්මවයි. මෙබඳුවූ යම් රැවටිල්ලක් රැවටිලි බවක් වරදක් කෛරාටික කමක් සැඟවීමක් වැසීමක් අප්‍රකට කිරීමක් පාප ක්‍රියාවක් ඇද්ද මෙය රැවටිල්ලයයි කියනු ලැබේ. “මාන” යනු (iii) යම් චිත්තයාගේ උන්නති භාවයක් ඇද්ද එක් ආකාරයකින් මාන්නයයි. තමා උසස් කොට සැලකීම අනුන්ට නින්දා කිරීම යනු දෙආකාරයකින් මාන්නයයි ශ්‍රේෂ්ඨ වෙමියි සිතන මානය, සමාන වෙමියි සිතන මානය පහත් වෙමියි සිතන මානය යනු තුන් ආකාරයකින් මානයයි. (iv) ලාභයෙන් මානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි. ප්‍රශංසාවෙන් මානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. යනු කරුණු සතරකින් මානය උපදවීමයි. මනවඩන්නාවූ රූපයන් ලැබුවේ වෙමියි මාන්නය උපදවයි මනවඩන්නාවූ ශබ්දයන් ලැබුවේ වෙමියි මාන්නය උපදවයි. මනවඩන්නාවූ ගන්ධයන් රශයෙන් ස්පර්ශයන් ලැබුවේ වෙමියි මානය උපදවයි යනු පස් ආකාරයකින් මාන්නය උපදවයි (v) ඇස් ලැබීම නිසා මානය උපදවයි. කන් ලැබීම නිසා මානය උපදවයි. නාසය ලැබීම නිසා මානය උපදවයි. දිව ලැබීම නිසා කායයන් ලැබීම නිසා මානය උපදවයි යනු සය ආකාරයකින් මාන්නය උපදවීමයි. මානය අතිමානය මානාතිමානය අවමානය අධිමානය අස්මි මානය මිථ්‍යා මානය යනු සත් ආකාරයකින් මාන්නය ඉපදවීමයි (vi) ලාභයෙන් මාන්නය උපදවයි. අලාභයෙන් අවමානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි අපකීර්තියෙන් අවමානය උපදවයි. ප්‍රශංසාවෙන් මානය උපදවයි. නින්දාවෙන් අවමානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. දුකෙන් අවමානය උපදවයි නවවැදෑරුම් මානයෙන් එනම් ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨවෙමියි ඇතිවන මානය, ශ්‍රේෂ්ඨයාට සමානවෙමියි ශ්‍රේෂ්ඨයාට හීනවෙමියි. සමානයාට ශ්‍රේෂ්ඨවෙමි. සමානයාට සමාන වෙමි. සමානයාට හින වෙමියි ඇතිවන මානය යනු නවවැදෑරුම් මානයයි, දශවැදෑරුම් මානය නම්, (vii) මේ ලෝකයෙහි ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ පැහැසපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මාන්තයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්‍යායතනයෙන් හෝ බොහෝ දේ දැනීමෙන් හෝ වැටහීමෙන් හෝ වෙන යම් කරුණකින් හෝ යමෙක් මෙබඳු මානයක් සිතේ උසස් බවක් උසස්යයි හැඟීමක් කොඩියක්සේ ඉදිරිපත් කරගත් මානයක් වේනම් එයයි. මෙය මානයයි කියනු ලැබේ “ශුද්ධ පුරුෂයා මායාවද මානයද හැරදමා’ යනු නුවණැත්තා රැවටිල්ලද මානයද හැර දුරුකොට පහකොට නූපදනා බවට පමුණුවා වාසය කරයි.”]

[මෙකල සමහරුන්ගේ (නිතර ම වගේ) දකින්න තියන දෙයක් තමා, කොහෙන් හරි/හෝ උපුටාගෙන, (එසේ ම හෝ සංස්කරණය කොට) තමන්ගේ වගේ පළකිරීම / පිළිතුරුදීම - එයින් ද (ධර්ම දානමය) කුසලය බාල/හීන වේ.]}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll