226. මිනිස්සු තිරිසන්නුන්ටත් හපන්/අන්ත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිද්ධ කිරීමේදී සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඒ අකුසල් සිත් සතෙක්ට වඩා ප්‍රභලව පහළ වෙනවද?

A. මේ පිළිබඳව ඍජුව ම සඳහන් විශ්වාසදායී මූලාශ්‍රයක් මෙතෙක් හමු නොවුණ අතර, හමු වුවහොත් මෙම පිළිතුර යාවත්කාලීන කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, අභිධර්මානුකූල කල්පනා කරන විට, අනාගාමී ආර්යයන් වහන්සේ ගෙන් පහළ ඕනෑම මිනිසෙකුට/සතෙකුට ද්වේෂ මූල සිත් දෙක ලැබෙන බැවින්, සමාන්‍යයෙන් ද්වේෂ මූල සිත් දෙක පහළ වීම:

1. කර්ම විපාක(ය) අනුව, 

[කුසල/අකුසල ප්‍රතිසන්ධි සිතේ විපාක(ය); අකුසල් සිත්වලින් ඇති කරන්නේ අහේතුක අකුසල විපාක පමණක් වීම හා ද්වේෂ මූල ජවන්/ජවන සිත් දෙක මඟින් ප්‍රතිසන්ධි/ප්‍රවෘත්ති විපාක දෙක ම ඇති කිරීම.]

[භවංග (ප්‍රතිසන්ධි) සිතේ කුසල-අකුසල (සුගති-දුගති) භාවය නොසලකා, කුසල්-අකුසල් පහළ වන බව ද සැළකිය යුතුය.]

2. ද්වේෂ මූල සිත් දෙකේ උද්වේගකර (ජවන) බලය ප්‍රහාණය / යටපත් කර ඇති ප්‍රමාණය (තරම) අනුව,

[පෘතග්ජනයාගේ ද සිතේ ප්‍රභාශ්වර භාවය, ආගම / සංස්කෘතිය / අධ්‍යාපනය / විශ්වාස පද්ධතිය ආදියෙන් ලත් දමනය අනුව.]

{විශේෂ: සෝවහන් උතුමන්ගේ සිට ඉහළට ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිකිසේත් ම සිදු නොවේ.}

3. (කලින්) අරමුණට දක්වා ඇති ප්‍රතිචාර(ය) / චින්තන රටාව (ආගම / සංස්කෘතිය / අධ්‍යාපනය / විශ්වාස පද්ධතිය ආදිය) අනුව,

4. (දැන්) අරමුණට දක්වන ඇති ප්‍රතිචාර(ය) / චින්තන රටාව (....) අනුව,

5. ආශ්‍රය, පරිසරය, අවස්ථාව, අත්දැකීම්, සසර පුරුදු ආදිය අනුව,

වැනි හේතු-ප්‍රත්‍ය අනුව (අකුසල් සිත් පහළ වීම / ද්වේෂ මූල සිත් දෙක පහළ වීම)  ප්‍රබලව හෝ දුබලව, එනම් ඒවායේ (චිත්ත වේගවල) අඩු-වැඩි භාවයක් ඇති වන බව කිව හැකිය.

එනම්, සාමාන්‍යයෙන් තිරිසනෙකුට බොහෝ සෙයින් පහළ වනුයේ අකුසල් සිත් ම වුව ද, [ප්‍රතිසන්ධි සිතේ මූල ප්‍රභාෂ්වර භාවය සෑම විට ම තිරිසනෙකුට වඩා (කුසල් අකුසල් දෙකට ම) තියුණු බැවින්] මිනිසෙකුට ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිද්ධ කිරීමේදී, තිරිසනෙකුට වඩා ප්‍රබලව හෝ දුබලව [හොඳ තැනින් (කුසල ප්‍රතිසන්ධි/භවාංග සිතෙන්, ප්‍රතිසන්ධි සිතේ මූල ප්‍රභාෂ්වර භාවය නිසා) නරක නැඟ එන විට තිරිසනෙකුට වඩා ප්‍රබල වීමට ද පුළුවන්, දුබල වීමට ද පුළුවන් බැවින්,] අවස්ථානුකූලව (ඉහත ම හේතු-ප්‍රත්‍ය අනුව වඩා ප්‍රබලව හෝ දුබලව) අකුසල් සිත් පහළ විය හැක.

Q. සිතන්න ප්‍රශ්නය: මිනිසෙකුට තිරිසනෙකුට වඩා දුබලව අකුසල් සිත් පහළ නොවන්නේ නම්, කෙනෙක් මේ භවයේදී කළ ප්‍රාණඝාතාදී අකුසල් කර්ම නිසා, ඊළඟ භවයේ තිරිසන් භවයකට වඩා ඉහළ ප්‍රේත හෝ අසුර භවයක (විෂයක) ඉපදිය හැක්කේ කෙසේ ද? (පහළ ද ඒ අනුව ගළපා ගන්න.)

A. සිතන්න පිළිතුරු: (ත්‍රිහේතුක) මනුෂ්‍යයෙකු මේ භවයේ ද්වේෂ මූල සිත් දෙක මත කළ ප්‍රාණඝාතාදී අකුසල් කර්ම හේතුවෙන්, ඔහු හට මේ භවයේ මරණාසන්න ජවන් සිත් වශයෙන් ද්වේශ මූල සිත් දෙකෙන් එක් අකුසල් සිත් පරම්පරාවක් ඇති වේ යැයි සිතන්න. තිරිසනෙකුට වඩා දුබලව එකී අකුසල් සිත් පහළ නොවන්නේ/නොවුයේ නම්, ඔහු මැරී තිරිසන් භවයට වඩා ඉහළ ප්‍රේත හෝ අසුර භවයක ඉපදීමය නොහැක. අනෙක් අතට, තිරිසනෙකුට වඩා ප්‍රබලව එම අකුසල් සිත් පහළ නොවන්නේ/නොවුයේ නම්, ඔහු මැරී තිරිසන් භවයට වඩා පහළ නිරයක ඉපදිය නොහැක.

{එසේ නොවන්නේ නම්, මනුෂයෙකු මැරී තිරිසනකුගේ සිට ඉහළ හෝ පහළ භවයක ඉපදිය නොහැකි වීමෙන් ධර්ම විකෘතියක්/විරෝධයක් ඇති වේ.}

S. "තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, නිරයො වා තිරච‍්ඡානයොනි වාති?
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? නිරය හෝ තිරිසන් යෝනි හෝ කුමක් ශ්‍රේෂ්ඨ දැ? යි.
නිරයා භො සාරිපුත‍්ත, තිරච‍්ඡානයොනි සෙය්‍යොති.
භවත් ශාරිපුත්‍රයෙනි, නිරයට වඩා තිරිසන්යෝනිය ශ්‍රේෂ්ඨ වෙයි.
තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, තිරච‍්ඡානයොනි වා පෙත‍්තිවිසයො වා ති?
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? තිරිසන් යෝනි හෝ ප්‍රේතවිෂය හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
තිරච‍්ඡානයොනියා භො සාරිපුත‍්ත, පෙත‍්තිවිසයො සෙය්‍යොති.
භවත් ශාරිපුත්‍රයෙනි, තිරිසන්යෝනට වඩා ප්‍රේතවිෂය ශ්‍රේෂ්ඨ වෙයි.
තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, පෙත‍්තිවිසයො වා මනුස්සො වාති?
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? ප්‍රේතවිෂය හෝ මිනිස්බව හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
පෙත‍්තිවිසයා භො සාරිපුත‍්ත, මනුස‍්සා සෙය්‍යොති.
භවත් ශාරිපුත්‍රයෙනි, ප්‍රේතවිෂයට වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයහ යි."


“තං කිං මඤ්ඤසි, ධනඤ්ජානි, කතමං සෙය්‍යො – නිරයො වා තිරච්ඡානයොනි වා”ති? “නිරයා, භො සාරිපුත්ත, තිරච්ඡානයොනි සෙය්‍යො”ති. “තං කිං මඤ්ඤසි, ධනඤ්ජානි, කතමං සෙය්‍යො – තිරච්ඡානයොනි වා පෙත්තිවිසයො වා”ති? “තිරච්ඡානයොනියා, භො සාරිපුත්ත, පෙත්තිවිසයො සෙය්‍යො”ති. “තං කිං මඤ්ඤසි, ධනඤ්ජානි, කතමං සෙය්‍යො – පෙත්තිවිසයො වා මනුස්සා වා”ති? “පෙත්තිවිසයා, භො සාරිපුත්ත, මනුස්සා සෙය්‍යො”ති.


"අරූපාවචර චුති සතර කෙරෙන් යට යට අරූපාවචර ප්‍ර‍තිසන්ධි හැර ඉතිරි අරූපාවචර ප්‍ර‍තිසන්ධි හා කාම ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධි ද ඇති විය හැකිය. ඉහළ අරූප භූමියකින් ච්‍යුත වූවකුට පහළ අරූප ප්‍ර‍තිසන්ධියක් ඇති නො වේ. අරූප භූමි සියල්ලෙන් ම ච්‍යුත වන්නවුන්ට රූපාවචර ප්‍ර‍තිසන්ධි හෝ කාමාවචර අහේතුක ද්විහේතුක ප්‍ර‍තිසන්ධි හෝ ඇති නො වේ. රූපාවචර චුතීන් කෙරෙන් අහේතුක ප්‍ර‍තිසන්ධි හැර ඉතිරි ප්‍ර‍තිසන්ධි ඇති විය හැකි ය. කාම ලෝකයේ ත්‍රිහේතුක පුද්ගලයාගේ ච්‍යුතිය කෙරෙන් සියලු ම ප්‍ර‍තිසන්ධි ඇති විය හැකි ය. ද්විහේතුක අහේතුක චුතීන් කෙරෙන් ඇති විය හැක්කේ කාමාවචර ප්‍ර‍තිසන්ධි පමණෙකි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll