201. මස්-මාළු නොකෑම නිවන් දකින්න බාධාවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤



Q. නිර්මාංශ වීම නිවන් දකින්න බාධාවක් ද?

A. "තෙරුවන් සරණයි! නිර්මාංශ ආහාර ගැනීම අද කාලේ තමා බොහෝ දෙනාට නොහැකිව තියෙන්නෙ. නමුත් ආයුෂ දීර්ඝ කාලවල අවුරුදු ලක්ෂයේ, අසංඛ්‍ය ගණන් දීර්ඝආයුෂ කාලවල කිසිම කෙනෙක් මාංශ ආහාර ගන්නේ නෑ. ඒ කාලවල ධාන්‍ය, පස්ගෝරස, එළවළු, පලතුරු මේවා තමයි ප්‍රණීත ආහාර; බොහොම රසවත් ආහාර. මාංශ ආහාර ගන්ඩ පටං ගත්තන් පස්සේ කියල තියනවා 'බ්‍රාහ්මණ ධර්මික' සූත්‍රයේ 98ක් රෝග ඇති වුණා. ඊට කලින් රෝග තුනයි තිබුණෙ මොනවද? බඩගින්න ඇතිවෙනවා කෑම ගන්ඩ ඕනේ වෙලාවට, ආහාර ගත්තන් පස්සේ බත්මත ගතිය ඇතිවෙනවා, වයස්ගත වුණායින් පස්සෙ වයස්ගත ලකුණු එනවා. ඒවා බෙහෙත් කරන රෝග නෙමෙයි. නමුත් මාංශ ආහාර පුරුදු වීම නිසා අන්තිමේ දී නැති රෝග අනූ අටක් පහළ වුණා; දැන් නං අනූ අටේ ඒවා කෝටි ගාණක් තියනවා රෝග, මාංශ ආහාර නිසාම. ඒක නිසා, මේ සඳහා අපි හිතන්නට ඕනෙ, ඒක වතක් නෙමෙයි, වෘතයක් නෙමෙයි; සීලබ්බතපරාමාසයක් නෙමේ මේ මස් කෑමෙන් වැළකීම. එයින් වැළකී සිටීම තමන්ට තමා හිතවැඩ සලසා ගැනීමක් මෙන්ම, ලෝවැසි ජනතාවටත් හිතසුව සලසා දීමේ මහා පින්කමක් කියලා අපි පිළිගන්නට ඕන."

පිළිතුරු: අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමි.

A / T. "313. තයො රොගා පුරෙ ආසුං ඉච‍්ඡා අනසනං ජරා
පසූනඤ‍්ච සමාරම‍්භා අට‍්ඨානවුතිමාගමුං.


313. පූර්‍වයෙහි ආශා යැ කුසගින්න යැ ජරා යැ යන රෝග තිදෙනෙක් ම වූහ, පශුවධය හේතු කොට ගෙණ (ඒ තුණ) අටඅනූවකට පැමිණියේ ය."

# "න කෙවලඤ‍්ච දෙවාදයො පක‍්කන්‍දුං, අයමඤ‍්ඤොපි ලොකෙ අනත්‍ථො උදපාදි – යෙ හි තෙ තයො රොගා පුරෙ ආසුං, ඉච‍්ඡා අනසනං ජරා, කිඤ‍්චි කිඤ‍්චිදෙව පත්‍ථනතණ‍්හා ච ඛුදා ච පරිපාකජරා චාති වුත‍්තං හොති. තෙ පසූනඤ‍්ච සමාරම‍්භා, අට‍්ඨානවුතිමාගමුං, චක‍්ඛුරොගාදිනා භෙදෙන අට‍්ඨනවුතිභාවං පාපුණිංසූති අත්‍ථො.


එය දෙවියන්ට පමණක් වන (බලපෑමක්) නොවේ. මෙය වෙනත් ලෝකවලටද අයහපත උදාවීමකි. තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා යම් යම් බලාපොරොත්තු හා ආසා ද, බඩගින්න හා වයස ගෙවෙනවිට ජරාවට පත්වීම කියන ලදී. පසූනඤ්ච සමාරම්හා අට්ඨානවුතිමාගමුං ඇස් රෝග ආදී රෝග අනූඅටක් පැමිණියේ යැයි තේරුමයි."

# “313. පෙර ඕනෑකමද බඩගින්නද මහලුවීමද යන රෝගතුනක් ලෝකයෙහි වූවාහුය. සතුන් මැරීම නිසා අනූඅටක් වූහ."


‘‘තයො රොගා පුරෙ ආසුං, ඉච්ඡා අනසනං ජරා;
පසූනඤ්ච සමාරම්භා, අට්ඨානවුතිමාගමුං."

[බ්‍රාහ්මණධම්මිකසුත්තං - බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll