Q. පහත දැක්වෙන්නේ කිංදිට්ඨික සූත්‍රයේ තථාගතයන් වහන්සේ කල දේශනාවක්.
‘‘යං ඛො, ගහපති, කිඤ්චි භූතං සඞ්ඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං තදනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදෙව ත්වං, ගහපති, අල්ලීනො, තදෙව ත්වං, ගහපති, අජ්ඣුපගතො’’ති.
ගෘහපතිය, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය වේ නම් එ දුඃඛ වෙයි. යමක් දුඃඛවේ නම්, ගෘහපතිය, තෝ එයට ම ඇලුනෙහි, ගෘහපතිය, තෝ එයට ම බටුයෙහියි’’
මේ ගැන ප්‍රශ්ණ දෙකක් මට තියෙනවා .
1) නිච්ච කියන පාලි වචනයට ශබ්ද කෝෂය බැලූ විට ඇති අර්ථය නිත්‍ය. නිච්චං කියන වචනයේ අර්ථය තියෙන්නේ නිතර කියල. එතකොට තදනිච්චං, යදනිච්චං යන තැන්වල අනිත්‍ය ලෙස ගැනීමේදී යෙදෙන භාෂා රීතිය ගැන පැහැදිලි කර දෙන්න පුලුවන්ද?
2) "යමක් අනිත්‍ය වේ නම් එ දුඃඛ වෙයි" යන තැන අදහස් වෙන්නේ සංඛාර දුක්ඛය හා විපරිණාම දුක්ඛය ද?
A. 1. "ඔතන තියෙන්නෙ පාලි සන්ධියක්.
(තදනිචචං සන්ධි පදය); තං + අනිච්චං (විසන්ධිය); (තං = එය) අනිචචං (ස්ථීර නෑ/නිත්‍ය නෑ).
පාලි සන්ධියක් තියෙනවා (මදාසරේ) කියලා. බින්දුවෙන් පසුව ස්වරක් ඇති විට එම බින්දුවට “ම්” “ද්” ආදේශ වේ.
තදනිච්චං
තං + අනිච්චං (විසන්ධිය)
ත + ද් + අනිච්චං (මදා සරේ)
තදනිචචං (එය අනිත්‍යය)
ඕක නිච්චං කියලා කැඩුවොක් වරදිනවා."
[1. “මදා සරෙ.
නිග්ගහීතස්ස ඛො සරෙ පරෙ මකාරදකාරාදෙසා හොන්ති වා. එත්ථ ච වාසද්දාධිකාරස්ස වවත්ථිතවිභාසත්තා දකාරො යතෙතසද්දතො පරස්සෙව.
තමහං බ්‍රූමි, යමාහු, ධනමෙව, කිමෙතං, නින්දිතුමරහති, යදනිච්චං, තදනත්තා, එතදවොච, එතදෙව.
වාති කිං? තං අහං, එතං එව, අක්කොච්ඡි මං අවධි මං.
එත්ථ ච මදාති යොගවිභාගෙන බ්‍යඤ්ජනෙපි වා මකාරො. තෙන “බුද්ධම සරණම ගච්ඡාමී”තිආදි සිජ්ඣති.
තාසං අහං සන්තිකෙ, විදූනං අග්ගං, තස්ස අදාසිං අහං ඉතීධ “සරෙ”ති වත්තතෙ.”
{1. “මයදා සරෙ.
නිග්ගහීතස්ස ම ය දා හොන්ති වා සරෙ ක්වචි. තමෙව තං එව, තමහං බ්‍රූමි=තං අහං බ්‍රූමි, යමාහු, ධනමෙව, කිමෙතං, නින්දිතුමරහති. තයිදං. යදනිච්චං, තදනත්තා, එතදවොච, එතදෙව. “මයදා”ති යොගවිභාගා බුද්ධම සරණම ඉච්චාදි භවති.”
2. ඔව් - “තත්ථ මග්ගසම්පයුත්තා ධම්මා සාමඤ්ඤඵලානි ච “යදනිච්චං තං දුක්ඛ”න්ති (සං• නි• 3.15) වචනතො සඞ්ඛාරදුක්ඛතාය දුක්ඛං න අරියසච්චං.”
“දුක්ඛ දුක්ඛතා - දුක් වූ දුක් බව මෙය වේදනාවට නමකි. සංඛාර දුක්ඛතා - සංස්කාර භාවයෙන් දුක් බව. අදුක්ඛමසුඛ වේදනාවට මෙය නමකි. එය වනාහි සංඛ්‍යාත බැවින් උත්පාද ජරා බිඳීම්වලින් පෙළෙන බව, එහෙයින් අන්‍ය දුක්ඛ ස්වභාවයකින් විරහිත වූ සංසාර දුක්ඛ කියන ලදී. විපරිනාම දුක්ඛතා - වෙනස්වීමේ (විපරිනාම) දුක් බව, සුඛ වේදනාවට මෙය නමකි. සැපයේ වෙනස්වීමේ දී දුක් උපදී. එහෙයින් සැපය විපරිනාම දුක්බව යයි කියන ලදී. තවද දුක් වේදනාව හැර සැප වේදනාව ද සියළු ත්‍රෛභූමික ධර්ම “සබ්බෙ සංඛාරා දුක්ඛා” යන වචනයෙන් සංඛාර දුක් යයි දත යුතුය.”
“යදනිච්චං, තං දුක්ඛ”න්ති (සං• නි• 3.15, 45, 76, 77, 85; 2.4.1, 4) වචනතො තෙභූමකා සඞ්ඛාරා සඞ්ඛාරදුක්ඛං, තත්ථ කාරණමාහ “උදයබ්බයප්පටිපාළිතත්තා”ති. යඤ්හි අභිණ්හං පටිපීළිතං, තං දුක්ඛමනතාය දුක්ඛන්ති, විපස්සනාචාරස්ස අධිප්පෙතත්තා තෙභූමකග්ගහණං.
"තත්ථ මග්ගසම්පයුත්තා ධම්මා සාමඤ්ඤඵලානි ච “යදනිච්චං තං දුක්ඛ”න්ති (සං• නි• 3.15) වචනතො සඞ්ඛාරදුක්ඛතාය දුක්ඛං න අරියසච්චං"