Q. කප්රුක් පූජාවේ ධර්මානුකූල පදනම කුමක්ද?
A. (ඒ ඒ පූජාවේ / දානයේ අනුසස් වෙන වෙන ම ඇතත්,) පොදුවේ ගත් කල ඕනෑම දානයක්/පූජාවක්: බුදුරජාණන් වහන්සේලාට ද, එම බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම රත්නයන්ට ද සංඝ රත්නයන්ට ද, තෙරුවන්ගේ සූවිසි ගුණ දැන-හඳුනන්නා වූ ප්‍රඥාවෙන් සහ ශ්‍රද්ධා භක්ත්‍යාදරයෙන් ද යුතුව, එම (ප්‍රඥා සම්ප්‍රයුක්ත, ශ්‍රද්ධා-භක්ත්‍යාදර - ත්‍රිහේතුක) සිත් පෙරදැරිව කරනු ලබන වන්දනා දාන පූජා ආදියෙහි ආනිසංශ ආනුභාවයෙන්, සියලු ම කරදර-උපද්‍රව හා නොයෙක් ආකාරයේ දුක්, භය, අනතුරු, රෝග-පීඩා ආදිය කිසිවක් ඉතිරි නොවී ම බැහැර වීම, දුරින් ම දුරු වීම, ප්‍රාර්ථනා ඉටුවීම හා ලෞකික ලෝකෝත්තර සැප සම්පත් සහ එකී දෙපක්ෂයේ ම දියුණුව (උභයාර්ථ සාධනය) මෙලොව පරලොව වශයෙන් ලැබීමේ හැකියාව ඇත.
T. # කප්රුක් ජූජාවේ ඉතිහාසය දැන ගන්න මෙය කියවන්න.