140. ඇසින් දකින දේ අතින් අල්ලන්න බැරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ඇසින් දකින දේ අල්ලන්න පුළුවන්ද?
මෙතැනදී සිදුවන්නේ එක් කෘතයක් ද, කෘතය දෙකක්ද?
මෙතැන තිබෙන අවිද්‍යාව කුමක්ද?
 (ප්‍රශ්නයේ දෝෂයක් තිබේ නම් එය නොසලකා හැර කාරුණිකව පහදා දෙන්න)

A. ඇසට පෙනෙන්නේ වර්ණය (රූපය / වර්ණ රූපය / වර්ණ සටහන / වර්ණ රූප සටහන) ම පමණි. අතට අසුවන්නේ ස්පර්ශ රූපය (පඨවි-තේජෝ-වායෝ) පමණි.

එනම්, (පෙනෙන දේ ම අල්ලන බව අපට සිතුණත්) පෙනෙන දේ පෙනෙන්නේ ඇසට ම පමණි. අතට අසුවන්නේ වෙනත් (වෙනස්) ම දෙයකි.

(අනෙකුත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ද මෙම න්‍යාය ම වේ.)

[සැබවින් ම පෙනීම් ආදිය සිදුවන්නේ සිතට ය - මෙහි දී සාමාන්‍ය ව්‍යවහාරය මත පදනම්ව ඇත.]

කෘත්‍ය කිහිපයක්. කෙතරම් සුන්දර (ලස්සන / කඩවසම්) ස්ත්‍රී / පුරුෂ රූපයක් වුව ද එය ඇසින් දැකීම (හා සිතින් සීතීම) මිස, වෙනත් කිසිදු අයුරකින් (හඬ ඇසීම - සුවඳ බැලීම - සිප ගැනීම / රස බැලීම - වැළඳ ගැනීම / ස්පර්ශ කිරීම ආදිය) ගනුදෙනු (පරිහරණය) කළ නොහැකි බව විද්‍යාවයි - ඊට පරිබාහිර (විරුද්ධ) සිතුවිලි අවිද්‍යාවයි.

{"ගෝචර රූපයන්ගේ පළමු වැන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වේ. එහි තේරුම පෙනෙන රූපය යනු යි. රූප අට විස්සෙන් ඇසට පෙනෙන්නේ වර්ණ රූපය පමණෙකි. අන්‍ය රූප සත් විස්ස නො පෙනෙන බැවින් අනිදස්සන රූප නම් වේ."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll