[Watch in 4K — Recommended Resolution.]


218. සුරතල් සතුන් ඇතිකිරීම පිං ද? පව් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි!!! මාගේ ප්‍රශ්නය මුහුදේ සිටින මසුන් කොරල් ජීවීන් වැනි සතුන් අලෙවි කරන තැනකින් එම මසුන් මිලදී ගෙන නිවසේ ආහාර රුකවරණය ලබා දී ඇති කිරීම මගින් පාපයක් සිදුවනවාද? එම මසුන් අපි මිලදී ගන්නා විට මසුන් අලෙවි කරන අය විසින් එම මසුන් මුහුදින් වෙන් කර ඇත; එම මසුන් ජීවත් වුනත් නැතත් ඔවුන්ට ගානක් නැත; ඔවුන්ට අවශ්‍ය මුදල් පමණි. එවැනි මසුන් මිලදී ගෙන ඇති කිරීම පවක්ද යන්න පහදා දෙන්න.

A. හුරතලේට ඇතිකිරීමට, ඔවුන් දැක-බලා - ඔවුන්ට ආහාර ලබා දී සතුටු වීමට ආදියට ඔබ ඔවුන් මිල දී ගන්නේ නම්: එහිදී පාප කර්ම සිදුවෙනවා; ඒත් බරපතල පාප කර්ම [කර්ම පථ] නොවේ. 

"ඔවුන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීමට, අනුග්‍රහය (උපකාරය) පිණිස ආහාර ලබා දීම, නිදහස් කිරීම (අභය දානය ලබා දීම) වැන්නට ඔබ ඔවුන් මිල දී ගන්නේ නම්: ඒවා තුළින් කුසල කර්ම සිදුවෙනවා; නමුත්, කොටු කර / කූඩු කර / ටැංකිවල දමා ඇති කිරීමෙන් ආදියෙන් පාප කර්ම සිදුවෙනවා.

T / S. # "කන සැටි බලා විනෝදය ලබනු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දීමේදී ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. සතුන්ට අනුග්‍ර‍හයක් වශයෙන් කෑම දෙන කල්හි ඇති වන්නේ කුසල් සිත් ය.

ලස්සන සතුන් දැක අල්ලා ගැනීමේදී ද, ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරීමේදී ද ඇති වන්නේ ලෝභ මූල සිත්ය."


# "විපාක දීමේදී අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරීම් වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය. දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අකුසල සිත බලවත් ය. සසංඛාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය."


# "ඇතැම්හු බැණීමෙන් තර්ජනයෙන් ගල්මුල්වලින් කෝටුවලින් පොලුවලින් ආවුධ වලින් අන්‍යයන්ට හිංසා කරති. මහල්ලන් රෝගීන් අංගවිකලයන් මෝඩයන් පිස්සන් දුටු විට විනෝද පිණිස ඔවුනට කරදර කරති. බැඳ තැබීමෙන්, කූඩු වල සිරකර තැබීමෙන් සතුන්ට හිංසා කෙරෙති. එසේ කරන ස්වභාවය විහේසා නම් පාපධර්මය ය."


# කර්මය හා කර්ම-පථය.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll