241. හැටහතර මායම් (හැට හතර මායන් / සූසැට මායං) තියෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ගැහැණුන්ගේ හැටහතර මායම් ගැන ත්‍රිපිටකයේ හෝ ඒ ආශ්‍රිතව සඳහන් වෙලා තියෙනවද?

A. ස්ත්‍රී මායම් ත්‍රිපිටකයේ හා ජාතක කතාවල නොයෙක් තැන දක්නට ඇති අතර, දීර්ඝතම පෙළගැස්ම දක්නට ඇත්තේ කුණාල ජාතකයෙහි ය; එහි 64ක් ම නැතත්, 40ක් ඇති බව පෙනේ. (ත්‍රිපිටකයේ හා ජාතක කතාවල නොයෙක් තැනින් එක්කොට ගත්කළ ප්‍රධාන ඉස්ත්‍රී මායං 64 ක් තිබිය හැක.)

# "කරුණු සතලිසකින් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය. විජෘම්භනය කරයි. නැමෙයි, (ගමනාදි ඉරියව්වලින්) ලීලා දක්වයි, ඉරි අඳියි, ලජ්ජාවෙයි, නියෙන් නිය ගටයි, පයින් පය ඇක්මෙයි, දඬුවෙන් පොළොවෙහි ලියයි, දරුවකු ගෙන ඔසොවයි, පහතට වඩයි, (ඒ දරුවා) සිඹියි, (දරුවා ලවා) සිඹීම කරවයි, (තොමෝ) බුදියි, (දරුවා ලවා) කවයි, (දරුවකුට කිසිවක්) දෙයි, (පසුව එය) ඉල්වයි, (දරුවා කළ දෑ) අනුව කරයි, උස් හඬින් කියයි, පහත් හඬින් කියයි, මහසෙනග මැද (අපටිච්ඡන්න ව) කියයි, තනිව (පටිච්ඡන්න ව) කියයි, නැටීමෙන්, ගී කීමෙන්, වාදිතයෙන්, හැඬීමෙන්, සැරසීමෙන්, ආභරණ පැළඳීමෙන් නිමිති දක්වයි, මහත් හඬින් සිනාසෙයි, බලයි, කටිය සොලවයි, රහස් පියස සොලවයි, කලවය විවෘත කරයි, කලවය වසයි, පියයුරු පෙන්වයි, කිසිල්ල පෙන්වයි, නැබ පෙන්වයි, ඇස් සාරයි (පොඩි කරයි), බැම ඔසොවයි, තොල හපයි, දිව ලෙලවයි, වස්ත්‍රය මුදයි, වස්ත්‍රය නැවත හඳියි, කේශ බන්‍ධනය ලිහයි, කේශ බන්‍ධනය බඳියි, යහළු පුණ්ණමුඛය, මේ සතලිස් කරුණින් ස්ත්‍රී පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය යි."


# "ස්ථාන කරුණු සතළිහකින් ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ඉක්මවා යයි. ඇඟ කිළිපොළයි. හකුළුවයි. බබළයි. ලජ්ජා නැති කරයි. නියෙන් නිග ගටයි. පාදයෙන් පාදය ඇක්මවයි. ලීකැබැල්ලෙන් පොළොව කුරුටු ගායි. දරුවා උල්ලංඝනය කරයි. එල්ලා තබයි. සෙල්ලම් කරයි. සෙල්ලම් කරවයි. සිඹියි. සිම්බවයි. අනුභව කරයි. අනුභව කරවයි. දෙයි. ඉල්ලයි. කරන දේ නැවත කරයි. උස්හඬින් කථාකරයි. පහත් ලෙස කථා කරයි. අපරික්‍ෂාකාරීව කථා කරයි. සැක සිතෙන දේ කථා කරයි. නැටීමෙන්, ගීතයෙන් වාදනයෙන් ඇඬීමෙන්, සිනහවෙන්, අලංකාරයෙන්, සිනාසෙයි, බලයි, ඉඟටිය සොළවයි. සැඟවුණු භාණ්ඩ සොලවයි. කලවා විවර කරයි. කලවා වසයි. පියයුරු පෙන්වයි. ඉන පෙන්වයි. නැබ පෙන්වයි. ඇස් කසයි. බැම ඔසවයි. තොල් ලෙවකයි. දිව දික්කරයි. දිව ලෙවකයි. වස්ත්‍රය මුදාහරියි. වස්ත්‍රය ගැටගසයි. සිරස හොලවයි. සිරස බඳියි. මිත්‍ර පුණ්ණමුඛ මේ ස්ථාන හතළිහෙන් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා යයි."


# "ඒ ස්ත්‍රී ලීලා හතළිහ මෙන්න මෙහෙම යි.

සමහර ස්ත්‍රීන්, “අද ස්වාමිපුරුෂයා ගෙදර සිටිනවා නම් මේ සඤ්ඤාව දෙන්නම්, නො සිටිනවා නම් මේ සඤ්ඤාව දෙන්නම්” ආදී වශයෙන් තමන් ගේ සොර සැමියන් සමඟ කලින් ම කථා බස් කරගන්නවා. ඉන් අනතුරු ව ඔහු පැමිණි විට ඈනුම් ඇරීම ඇඟ මැලි කැඩීම (විජම්භති) ආදී ඒ සඤ්ඤා ලබා දෙනවා.

මේ ස්ත්‍රීන් යම් කිසි දෙයක් බිමට දමලා, ඒ දේ අරගන්නට නැමෙනවා වගේ බිමට නැමිලා (විනමති) තමන් ගේ පිට පැත්ත පෙන්වනවා. යාම් ඊම් ඉඳීම් සිටීම් සක්මන් කිරීම්, පැළඳගෙන සිටින ආභරණ ගැනීම් ආදී වශයෙන් විවිධාකාර විලාස දක්වනවා (විලාසති).

(පර පුරුෂයන් ඉදිරියේ) අත් පා ඇඟිලිවලින් බිම ඉරි අඳිනවා (විලිඛති). එක වර ම තමන් ගේ ඇඳුම් ආදිය සකස් කරගෙන, පොරෝගෙන බිත්ති ජනේල, දොර කවුලු ආදියට හේත්තු වෙමින් ලැජ්ජාවට පත් වුනා (විලජ්ජති) මෙන් හඟවනවා. නියපොතු වලින් නියපොතු ගටනවා (නඛේන නඛං ගට්ටේති). එක් පයකින් අනෙක් පය පිරිමදිනවා (පාදේන පාදං අක්කමති). ලී කෝටුවලින් බිම ඉරි අඳිනවා (කට්ඨේන පඨවිං ලිඛති). තමන් ගේ හෝ අනුන් ගේ හෝ දරුවන් වඩාගෙන උඩට ඔසවනවා (දාරකං උල්ලංඝේති). නැවත පාත් කරනවා (ඕලංඝාපේති). ඒ දරුවන් සමඟ තමන් සෙල්ලම් කරනවා (කීළති). තමන් සමඟ ඔවුන්ට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙනවා (කීළාපේති). දරුවන් ව සිඹිනවා (චුම්භති). තමන් ව සිඹවාගන්නවා (චුම්භාපේති). ඒ දරුවන්ට කවනවා (භුඤ්ජති). ඒ දරුවන් ලවා තමන්ට කවාගන්නවා (භුඤ්ජාපේති). ඒ වගේ ම බාල දරුවන් අතට යම් කිසි මලක් හෝ ඵලයක් හෝ දෙනවා (දදති). නැවත එය ඉල්ලනවා (ආයාචති). කුඩා දරුවන් සෙල්ලමට යම් කිසි දෙයක් කළ විට තමනුත් එය නැවත කරනවා (කතමනුකරෝති). උස් හඬින් කියනවා (උච්චං භාසති). පහත් හඬින් කියනවා (නීචං භාසති). සිදු වූ යම් කිසි දෙයක් පිරිස මැද දී වසන් කොට කියනවා (අවිවිච්චං භාසති). පසු ව හුදෙකලාවේ විවේකයෙන් සිටින විට විවෘත කොට කියනවා (විවිච්චං භාසති). නැටීමෙන් (නච්චේන), ගී කීමෙන් (ගීතේන), වාදනය කිරීමෙන් (වාදිතේන), හැඬීමෙන් (රෝදිතේන), විවිධ විලාසිතා දැක්වීමෙන් (විලසිතේන), විවිධ ලෙස සැරසීමෙන් (විභූසිතේන) නිමිති දක්වනවා. මහ හඬින් සිනාසෙනවා (ජග්ඝති), හොරැහින් බලනවා (පෙක්ඛති). උකුල නටවනවා (කටිං චාලේති). රහස් පෙදෙස නටවනවා (ගුය්හභණ්ඩකං සඤ්චාලේති). කලවා පළල් කරනවා (ඌරුං විවරති). නැවත ඉක්මනින් හකුලා ගන්නවා (ඌරුං පිදහති). පියයුරු පෙන්වනවා (ථනං දස්සේති). කිහිල්ල ඔසවා පෙන්වනවා (කච්ඡං දස්සේති). ඇඳුම් බුරුල් කොට පෙකණිය පෙන්වනවා (නාභිං දස්සේති). ඇස් පොඩි කරනවා (අක්ඛිං නිඛණති). ඇහි බැම නටවනවා (භමුකං උක්ඛිපති). තොල සපනවා (ඔට්ඨං පලිඛති). දිව සොලවනවා (ජිව්හං නිල්ලාලේති). ඇඳුම් ලිහනවා (දුස්සං මුඤ්චති). නැවත අඳිනවා (දුස්සං පටිබන්ධති). කොණ්ඩය ලිහනවා (සිරසං මුඤ්චති). නැවත බඳිනවා (සිරසං බන්ධති)."


# “චත්තාලීසාය  ඛලු, සම්ම පුණ්ණමුඛ, ඨානෙහි ඉත්ථී පුරිසං අච්චාචරති . විජම්භති, විනමති, විලසති, විලජ්ජති, නඛෙන නඛං ඝට්ටෙති, පාදෙන පාදං අක්කමති, කට්ඨෙන පථවිං විලිඛති , දාරකං උල්ලඞ්ඝති උල්ලඞ්ඝාපෙති , කීළති කීළාපෙති, චුම්බති චුම්බාපෙති, භුඤ්ජති භුඤ්ජාපෙති, දදාති, යාචති, කතමනුකරොති, උච්චං භාසති, නීචං භාසති, අවිච්චං භාසති, විවිච්චං භාසති, නච්චෙන ගීතෙන වාදිතෙන රොදනෙන  විලසිතෙන විභූසිතෙන ජග්ඝති, පෙක්ඛති, කටිං චාලෙති, ගුය්හභණ්ඩකං සඤ්චාලෙති, ඌරුං විවරති, ඌරුං පිදහති, ථනං දස්සෙති, කච්ඡං දස්සෙති, නාභිං දස්සෙති, අක්ඛිං නිඛනති, භමුකං උක්ඛිපති, ඔට්ඨං උපලිඛති , ජිව්හං නිල්ලාලෙති, දුස්සං මුඤ්චති, දුස්සං පටිබන්ධති, සිරසං මුඤ්චති, සිරසං බන්ධති – ඉමෙහි ඛලු, සම්ම පුණ්ණමුඛ, චත්තාලීසාය ඨානෙහි ඉත්ථී පුරිසං අච්චාචරති."


# අන්තර්ජාලයේ ද නොයෙක් තැන නොයෙක් අයුරින් 64 මායම් දක්නට ඇත:

"1. නෙතඟින් බැලීම

2. ඇස්‌ කරකැවීම/ ඇස්‌ නැටවීම

3. ඇස්‌ පියවීම.

4. ඇස්‌ නෙරා බැලීම.

5. ඇස්‌ සම්පූර්ණයෙන් වැසීම.

6. ඇස්‌ අඩක්‌ වැසීම.

7. වරින් වර බැලීම.

8. වෙනතක්‌ බලා සිටීම.

9. යමක්‌ සිඹීම.

10. නාසය අකුලා ගැනීම

11. සුසුම් ලෑම.

12. තොල පිට පෙරළා සිනාසීම.

13. කට කොනට නගා සිනා සීම.

14. කොක්‌හඬලා සිනාසීම

15. තොලින් තොල හැපීම

16. රෙද්ද ලිහා නැවත ඇඳීම.

17. දිව දික්‌ කිරීම.

18. දිව විකා පෙන්වීම.

19. දිව නැටවීම

20. කෑරීම.

21. බොරු කැස්‌ස.

22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.

23. හුරු අත වැනීම.

24. බඩ අත ගෑම (හේතුවක්‌ නැතිව)

25. අත් කැසීම (හේතුවක්‌ නැතිව)

26. පය කැසීම (හේතුවක්‌ නැතිව)

27. දොරකඩ රැක සිටීම

28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.

29. දෙපා බරකර යැම.

30. පයින් ඉරි ඇඳීම

31. පයින් පය ගැටීම

32. අවයව පෙනෙන ලෙස සිටීම.

33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.

34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.

35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.

36. . ලයෙහි අත තැබීම.

37. කතා නොකර සිටීම.

38. දෙපා විහිදාගෙන සිටීම.

39. උඩ බලාගෙන සිටීම.

40. කර බාගෙන සිටීම.

41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.

42. බොළඳ ලෙස කථා කිරීම.

43. ඉඟටිය නැටවීම.

44. මදක්‌ නැමී බැලීම.

45. උරහිස නැටවීම.

46. පියයුරු තද කර ඇඳීම.

47. පයෝධර නැටවීම.

48. දුවගොස්‌ ගෙට වැදීම.

49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.

50. බොරුවට ඈනුම් ඇරීම.

51. කොණ්‌ඩය ලිහාගෙන යෑම.

52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස්‌ වැටිය අතරින් බැලීම.)

53. වස්‌ත්‍රයේ කොනක්‌ අල්ලාගෙන යැම.

54. ශබ්ද කොට කතා කිරීම.

55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.

56. කෝප වූවකු මෙන් කතා කිරීම.

57. බුලත් කෑමේ ගිජු බවක්‌ දැක්‌වීම.

58. කවට වචන කතා කිරීම.

59. පිරිමින්ගේ අගුණ කීම.

60. බොරු නෑකම් කීම.

61. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.

62. බොරු ක්‌ලාන්ත ගතියක්‌ දැක්‌වීම.

63. විසිතුරු දෙයක්‌ දෙස බලා වඩා කුහුලක්‌ දැක්‌වීම.

64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම."

# "01. නෙතග බැල්ම
02. ඇස් කරකවමින් බැලීම
03. ඇස් පියවමින් බැලීම
04. ඇස් නෙරවා බැලීම
05. ඇස් අඩවන්කොට බැලීම
06. විටින් විට හොරෙන් මෙන් බැලීම
07. යම් දෙයක් ළඟ තබාගෙන සිඹීම
08. සුසුම් හෙළීම
09. කොක් හඬලා සිනාසීම
10. බොරු කැස්සක් මවා පෑම
11. දිව දික් කිරීම
12. දිව විකා පෙන්වීම
13. දිව නැටවීම
14. මහ හ¾ඩින් කෑරීම
15. දිවෙන් තොල් පිරිමැදීම
16. තම බඩ අතගෑම
17. තම පය කැසීම
18. තම අත කැසීම
19. ළමැදෙහි අත තබාගෙන සිටීම
20. දෙඅත් බැඳගෙන සිටීම
21. මහපටැඟිල්ලෙන් පොළොවේ ඉරි ඇඳීම
22. දෙපා ගස්සමින් ඇවිදීම
23. පයින් පය ගැටීම
24. ඇසක් සම්පූර්ණයෙන්ම වසා ගෙන සිටීම
25. වෙන අතක් බලාගෙන සිටීම
26. නාසය හකුළා ගැනීම
27. කට කොනකින් සිනාසීම
28. තොල් පෙරළමින් සිනාසීම
29. ඇඳිවත ලිහා නැවත හැඳීම
30. තමන්ට හුරු අතක් වැනීම
31. අවේලාවේ නිදා ගැනීම
32. ‍ෙදාරකඩ රැකගෙන සිටීම
33. දෙපා විහිදාගෙන සිටීම
34. උඩ බලාගෙන සිටීම
35. පියයුරු හිරවන සේ ඇඳුම් ඇදීම
36. පියයුරු නැටවීම
37. උරහිස් තාලයකට නැටවීම
38. මඳක් නැමී බැලීම
39. ඉඟටිය නැටවීම
40. ආපසු හැරී බැලීම
41. පෙකනිය පෙනෙන සේ වස්ත්‍ර ඇඳීම
42. කිසි දෙයක් කතා නොකර සිටීම
43. විකට වචන දෙඩවීම
44. බොරු නෑකම් කියමින් කතා කිරීම
45. පුරුෂයන්ගේ අගුණ කීම
46. කාන්තාවන්ගේ අගුණ කීම
47. ශබ්ද නඟමින් කතා කිරීම
48. බොරුවට අෑනුම් ඇරීම
49. කරබාගෙන නිසොල්මන්ව සිටීම
50. කතාවේදී ඉතා සුරතල් බොලඳ බවක් පෙන්වීම
51. හනික එක්වරම දුව ගොස් ගෙතුළට වැදීම
52. ‍ෙදාර, ජනෙල්, කවුළු ආදියෙන් එබෙමින් කතා කිරීම
53. තම කොණ්ඩය ලිහාගෙන ඇවිදීම
54. පැලඳ ගෙන සිටින ආභරණ වරින් වර ස්පර්ශ කිරීම
55. තම ශරීරයේ අවයව පෙනෙන ලෙසින් සිටීම
56. තම ශරීරයේ අවයව පෙනෙන ලෙසින් ඇවිදීම
57. තම ශරීරයේ අවයව පෙනෙනසේ නිදා ගැනීම
58. ඇඳිවතේ කොනක් අල්ලාගෙන ඇවිදීම
59. දරුවන් සමඟ බොරු සුරතල් කිරීම
60. කෝප වූ ලෙසින් කතා කිරීම
61. බුලත් විට ආදිය කෑමේ ගිජු බවක් දැක්වීම
62. හිටි හැටියේ ක්ලාන්ත ගතියක් පෙන්වීම
63. විචිත්‍ර ලස්සන දේවල්වලට වැඩි කුහුලක් ඇතැයි පෙන්වීම
64. පොඩි දේකට වුවද බියසුලු බවක් පෙන්වීම ආදිය මේ
මායම් හැට හතරයි."

# "1. නුවන’ග බැලීම
2. නෙත් කැරකවීම
3. දෙනෙත් පියවීම 
4. දෙනුවන් හරවා බැලීම 
5. නෙත් අඩක් වසා බැලීම 
6. විටින් විට බැලීම 
7. නෙත මුලුමනින්ම වැසීම 
8. ඉවත බලා සිටීම 
9. නාසය හකුලා ගැනීම
10. සුසුම් ලෑම 
11. යමක් සිප ගැනීම 
12. මුවගින් සිනාසීම 
13. කොක් හඬලා සිනාසීම 
14. තොල් පිටපෙරලා සිනාසීම
15. තොලින් තොල පටලැවීම 
16. දිව නැටවීම 
17. දිව දික් කිරීම 
18. දිව විකා පෙන්වීම 
19. බොරු කැස්ස 
20. පැළඳි ආභරණ ඇල්ලීම 
21. ඇඳීවත ලිහා යළි ඇඳීම
22. කෑරීම 
23. සුරත වැනීම 
24. අත කැසීම 
25. පා කැසීම 
26. බඩ අත ගෑම 
27. දෑත් බැඳගෙන සිටීම 
28. ළයෙහි අත තැබීම 
29. පයෙන් පය ගැටීම 
30. පයින් බිම ඉරි ඇඳීම
31. දෙපා බරකොට ගස්සා යාම 
32. අග පසඟ පෙනෙන සේ සිටීම 
33. අග පසඟ පෙනෙන සේ ඉඳීම
34. අවයව පෙනෙන සේ නිදා ගැනීම 
35. අවේලාවේ නිදා ගැනීම 
36. කතා නොකර සිටීම 
37. දොරකඩ රැක සිටීම 
38. කරබා ගෙන සිටීම 
39. පා විහිදා ගෙන සිටීම 
40. උඩ බලා ගෙන සිටීම 
41. උරහිස නැටවීම 
42. දුව ගොස් ගෙට බැඳීම 
43. දොර කවුළු ඇතුළින් බැලීම 
44. බොළඳ බවකින් කතා කිරීම 
45. මදක් නැවී බැලීම 
46. පෙකණි පෙන්වීම 
47. පියයුරු නෙරා එනසේ බැඳීම 
48. වරලස මුදා යෑම 
49. ඉඟටිය පද්ද නැටවීම 
50. පියයුරු නැටවීම 
51. බොරු ඈණුම් ඇරීම 
52. ඇඳීවත කොනක් අල්ලා යාම 
53. මහ මඟ යමින් ආපසු ඇරී බැලීම 
54. දරුවන් සමඟ බොරුවට සුරතල් කිරීම 
55. කෝපයෙන් මෙන් කතා කිරීම 
56. හඬ නගා සිනාසීම 
57. පිරිමීන්ගේ ගුණ කීම 
58. පිරිමීන්ගේ අගුණ කීම 
59. කවට බස් දෙසීම 
60. බොරු නෑකම් කීම 
61. බොරු බියගුලු බවක් පෑම 
62. විසිතුරු දෙයට කුහුලක් පෑම 
63. බුලත් වැනි දේ කෑමට ඇති ගිජුකම 
64. ක්ලාන්ත ගතියක් පෑම."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll