57. ත්‍රිලක්ෂණය නොපෙනෙන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අපිට ත්‍රිලක්ෂණය පේන්නැත්තේ ඇයි?

A1. "මේ ලක්‍ෂණයෝ කුමක්‌ මෙනෙහි නොකිරීමෙන්‌ කුමක්‌ ප්‍රතිවේධ නොකිරීමෙන්‌ කුමකින්‌ වැසී ඇති නිසා නොවැටහේද? අනිත්‍ය ලක්‍ෂණය උදය ව්‍යය මෙනෙහි නොකිරීමෙන්‌ අනවබෝධයෙන්‌ පරම්පරාවෙන්‌ වැසීඇති බැවින්‌ නොවැටහේ. දුක්ඛ ලක්‍ෂණය නිතර පෙළීමෙන්‌ මෙනෙහි නොකිරීමෙන්‌ අනවබෝධයෙන්‌ ඉරියව්වලින්‌ වැසී ඇති බැවින්‌ නොවැටහේ. උදය ව්‍යය විමසා පැවතීම කඩාබිඳ දැමීමෙන්‌ අනිත්‍ය ලක්‍ෂණය යථාවකාශයෙන්‌ වැටහේ. නිතර පීඩනය මෙනෙහි කිරීමෙන්‌ ඉරියව්‌ මාරු නොකරන කල්හි දුක්ඛ ලක්‍ෂණය යථාවකාශයෙන්‌ වැටහේ. අනාත්ම ලක්‍ෂණය නොයෙක්‌ ධාතු වෙන්වීමෙන්‌ මෙනෙහි නොකිරීමෙන්‌ අනවබෝධයෙන්‌ සමූහයෙන්‌ වැසී ඇති බැවින්‌ නොවැටහේ. නොයෙක්‌ ධාතු වෙන්කොට සමූහය වෙන්කළ කල්හි අනාත්ම ලක්‍ෂණය යථාවකාශයෙන්‌ වැටහේ. 

අනිත්‍යය අනිත්‍ය ලක්‍ෂණය දුක දුක්ඛ ලක්‍ෂණය අනාත්මය අනත්ත ලක්‍ෂණය යන මෙම විභාගය දතයුතුය. එහි අනිත්‍ය යනු ස්කඤ පංචකයයි. කුමක්‌ හෙයින්ද? ඉපද ව්‍යයයව අනන තත්වයට පත්ව අභාවයට යෑමෙන්‌ හෝ ආකාරය වෙනස්වීමෙන්‌ හෝ යමක්‌ අනිත්‍ය නම්‌ එය දුක්‌ යන වචනයෙන්‌ ඒ ස්කන්ධ පංචකයම දුක්‌ වේ.
කුමක්‌ හෙයින්ද? නිතර පෙළීමෙන්‌ නිතර පෙළෙන ආකාරය දුක්ඛ ලක්‍ෂණයයි. යමක්‌ දුක නම්‌ එය අනාත්මය වේ යන වචනයෙන්‌ ඒ පංචස්කන්ධයම අනාත්ම වේ. කවර හෙයින්ද? අවසඟ බැවින්‌ අවසඟ වන ආකාරය අනාත්ම ලක්‍ෂණය වේ යන අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ. පංචස්කන්ධය, දොලොස්‌ ආයතන, අටලොස්‌ ධාතු යන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. කියන ලද ආකාරය වෙනස්වීමෙන්‌ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ."

A2. "එහි නිත්‍යසංඥායෙහි අධිමුක්ති ඇති ඔබිනොබ සිත මෙහෙයවන සිහි නො එළවන්නහුට අනිත්‍යසංඥාව නො වටහයි, පස්කම්ගුණයෙහි සුඛාස්වාදයෙහි ඇලුණු පැවැතුම් ඇති (ලොභාදි) අගතිය නො සිතන්නහුට දුඃඛසංඥා නො වටහයි, ස්කන්ධ ධාතු ආයතනයන්හි ආත්ම යයි අධිමුක්ති ඇති නානාධාතු අනෙකධාතුවිනිර්භොගය නො සිතන්නහුට අනාත්මසංඥාව නො වටහයි, පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි."


"තත්ථ නිච්චසඤ්ඤාධිමුත්තස්ස අපරාපරං චිත්තං පණාමෙන්තො සතිමපච්චවෙක්ඛතො අනිච්චසඤ්ඤා න උපට්ඨාති, පඤ්චසු කාමගුණෙසු සුඛස්සාදාධිමුත්තස්ස ඉරියාපථස්ස අගතිමපච්චවෙක්ඛතො දුක්ඛසඤ්ඤා න උපට්ඨාති, ඛන්ධධාතුආයතනෙසු අත්තාධිමුත්තස්ස නානාධාතුඅනෙකධාතුවිනිබ්භොගමපච්චවෙක්ඛතො අනත්තසඤ්ඤා න උපට්ඨාති, වණ්ණසණ්ඨානාභිරතස්ස කායෙ සුභාධිමුත්තස්ස ච විප්පටිච්ඡන්නා අසුභසඤ්ඤා න උපට්ඨාති."


A1. "ඉමානි පන ලක්ඛණානි කිස්ස අමනසිකාරා අප්පටිවෙධා, කෙන පටිච්ඡන්නත්තා, න උපට්ඨහන්ති? අනිච්චලක්ඛණං තාව උදයබ්බයානං අමනසිකාරා අප්පටිවෙධා, සන්තතියා පටිච්ඡන්නත්තා, න උපට්ඨාති. දුක්ඛලක්ඛණං අභිණ්හසම්පටිපීළනස්ස අමනසිකාරා අප්පටිවෙධා, ඉරියාපථෙහි පටිච්ඡන්නත්තා, න උපට්ඨාති. අනත්තලක්ඛණං නානාධාතුවිනිබ්භොගස්ස අමනසිකාරා අප්පටිවෙධා, ඝනෙන පටිච්ඡන්නත්තා, න උපට්ඨාති. උදයබ්බයං පන පරිග්ගහෙත්වා සන්තතියා විකොපිතාය අනිච්චලක්ඛණං යාථාවසරසතො උපට්ඨාති. අභිණ්හසම්පටිපීළනං මනසිකත්වා ඉරියාපථෙ උග්ඝාටිතෙ දුක්ඛලක්ඛණං යාථාවසරසතො උපට්ඨාති. නානාධාතුයො විනිබ්භුජිත්වා ඝනවිනිබ්භොගෙ කතෙ අනත්තලක්ඛණං යාථාවසරසතො උපට්ඨාති.

එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං, දුක්ඛං දුක්ඛලක්ඛණං, අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා; උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො ආකාරවිකාරො වා. “යදනිච්චං තං දුක්ඛ”න්ති වචනතො පන තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හසම්පටිපීළනතො; අභිණ්හසම්පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං ¶ දුක්ඛං තං අනත්තා”ති පන වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො; අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉති අඤ්ඤදෙව අනිච්චං දුක්ඛං අනත්තා, අඤ්ඤානි අනිච්චදුක්ඛානත්තලක්ඛණානි. පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයොති ඉදඤ්හි සබ්බම්පි අනිච්චං දුක්ඛං අනත්තා නාම. වුත්තප්පකාරාකාරවිකාරා අනිච්චදුක්ඛානත්තලක්ඛණානීති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll