Q. අනිත්‍යය සඥ්ඥාව උපදාවා ගන්නෙ කෙසෙද.? අනිත්‍ය ගැන පැහැදිලි කිරිමක් කරන්න ....😊 තෙරුවන් සරණයි ☸️🌸
A. පංචස්කන්ධය "අනිත්‍ය" නම් වේ. තත්පරයකට ලක්ෂ වාරයකටත් වඩා (විශ්වාස කරන්න බැරි තරං) වේගයකින් කලින් (පෙර) නොතිබී ම, පංචස්කන්ධය හේතූන්ගේ එක්වීමෙන් ඉපදී (ඇතිව/හටගෙන) පැවැත නැතිවයන බව “අනිත්‍යතාවය” (අනිත්‍ය ලක්ෂණය) නම් වේ - එසේ (හිතාගන්න වත් බැරි තරං වේගයකින් සිදු) වීම ගැන ඇතිවෙන හැඟීම “අනිත්‍ය සංඥාව” යි.
“අනිත්‍ය සංඥාව” උපදවා ගැනීමට, එකී වේගයෙන් හා ක්‍රමයට හේතූන්ගේ එක්වීමෙන් ඉපදී (ඇතිව/හටගෙන) පැවැත නැතිවයන නිසා හෙවත් “අනිත්‍යතාව”යෙන් (අනිත්‍ය ලක්ෂණයෙන්) හෙබි/සමන්විත පංචස්කන්ධය “අනිත්‍ය” වේ යැයි නැවත නැවත නුවණින් බැලීම නොහොත් අනිත්‍යානුපස්සසනාව (අනිච්චානුපස්සනා / අනිත්‍ය භාවනාව) වැඩිය යුතු ය.
[ආශ්‍රිත: "අනිච්චසඤ්ඤාති ඛන්ධපඤ්චකං හුත්වා අභාවාකාරෙන අනිච්චන්ති උප්පජ්ජනකසඤ්ඤා."
"තත්ථ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා. අනිච්චතාති තෙසංයෙව උප්පාදවයඤ්ඤථත්තං, හුත්වා අභාවො වා, නිබ්බත්තානං තෙනෙවාකාරෙන අට්ඨත්වා ඛණභඞ්ගෙන භෙදොති අත්ථො. අනිච්චානුපස්සනාති තස්සා අනිච්චතාය වසෙන රූපාදීසු අනිච්චන්ති අනුපස්සනා."]
“විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන් කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පස වදාරා තිබේ.
රූපෝපාදානස්කන්ධය යනු අටවිසි රූපය ය. රූප ලෞකික බැවින් සියල්ල ම උපාදානයන්ට ස්ථාන වේ.
වේදනෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් අසූ එකෙහි වේදනා චෛතසිකය ය.
සංඥෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූවෙහි සංඥා චෛතසිකය ය.
සංස්කාරෝපාදානස්කන්ධය යනු ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික පනස ය.
විඥානෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූව ය.”
[“අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යය, දුඃඛ ලක්ෂණය, දුඃඛය, අනාත්ම ලක්ෂණය, අනාත්මය යන මේ කරුණු සය වෙන් වශයෙන් තේරුම් ගත යුතුය. ලක්ෂණ හා ලක්ෂණ ඇති ධර්මය, එකක් කොට ගෙන අවුල් නො කර ගත යුතුයි.”]
{“එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං, දුක්ඛං දුක්ඛලක්ඛණං, අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. ...”
{T. පංචස්කන්ධය චිත්තෂණයක් පාසා ඇතිව නැතිව යන බව නුවණින් නැවත නැවත බැලීමෙන් ඒ හා සමඟ ඇතිවෙන (උපදින) හඳුනා ගැනීම.
“අනිච‍්චසඤ‍්ඤාති අනිච‍්චානුපස‍්සනාය සද‍්ධිං උප‍්පන‍්නසඤ‍්ඤා.”
“එහි අනිත්‍යසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ’යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි.”
“අනිච්චසඤ්ඤා යනු ස්කන්‍ධ පංචකය ඇතිවී නැතිවී යන අයුරින් අනිත්‍යයයි උපදින හැඟීමයි
අනිච්චසඤ්ඤාති ඛන්ධපඤ්චකං හුත්වා අභාවාකාරෙන අනිච්චන්ති උප්පජ්ජනකසඤ්ඤා. අනිච්චෙ දුක්ඛසඤ්ඤාති යදනිච්චං, තං පටිපීළනාකාරෙන දුක්ඛන්ති උප්පජ්ජනකසඤ්ඤා. දුක්ඛෙ අනත්තසඤ්ඤාති යං දුක්ඛං, තං අවසවත්තනාකාරෙන අනත්තාති උප්පජ්ජනකසඤ්ඤා. සෙසං හෙට්ඨා වුත්තනයමෙව. ඉමෙසු පන ද්වීසුපි සුත්තෙසු විපස්සනාඵලං නාම කථිතන්ති."
“අනිච්චසඤ්ඤා යනු අනිත්‍යානුපස්සනාඥානයෙහි උපන් සංඥාවයි.”
“අනිච්චසඤ්ඤා” යනු අනිත්‍යයි. අනිත්‍යයි යනුවෙන් වඩන්නහුට උපන් සංඥාව.”
"අනිච්චානුපස්සනාමුඛෙන අධිගතඅරියමග්ගෙ උප්පන්නසඤ්ඤා අනිච්චසඤ්ඤාති වත්තබ්බතං ලභතීති “අනිච්චසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියතී”තිආදි වුත්තං."
"අනිච්චසඤ්ඤන්ති මග්ගස්ස අනන්තරපච්චයභාවෙන සිඛාපත්තබලවවිපස්සනං.
අනිච්චසඤ්ඤං යනු මාර්‍ගයට අනන්තර (අනතුරු) ප්‍රත්‍යය භාවයෙන් මුදුන්පත් බලවත් විදර්‍ශනාවයි."
["චතුත්ථචතුක්කෙ පන අනිච්චානුපස්සීති එත්ථ තාව අනිච්චං වෙදිතබ්බං, අනිච්චතා වෙදිතබ්බා, අනිච්චානුපස්සනා වෙදිතබ්බා, අනිච්චානුපස්සී වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා. අනිච්චතාති තෙසංයෙව උප්පාදවයඤ්ඤථත්තං, හුත්වා අභාවො වා, නිබ්බත්තානං තෙනෙවාකාරෙන අට්ඨත්වා ඛණභඞ්ගෙන භෙදොති ¶ අත්ථො. අනිච්චානුපස්සනාති තස්සා අනිච්චතාය වසෙන රූපාදීසු “අනිච්ච”න්ති අනුපස්සනා. අනිච්චානුපස්සීති තාය අනුපස්සනාය සමන්නාගතො. තස්මා එවංභූතො අස්සසන්තො ච පස්සසන්තො ච ඉධ “අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛතී”ති වෙදිතබ්බො."
1. අනිත්‍යය යි දක්මින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි ලා අනිත්‍ය කිම? අනිත්‍යතාව කිම? අනිත්‍යය යි දැක්ම කිම? අනිත්‍යය යි දක්නේ කවරේ ද, යනු දත යුතු. එහි අනිත්‍ය නම් පඤ්චස්කන්‍ධ යි. කුමක් හෙයින් ද උත්පාද, ව්‍යය, අන්‍යථාත්‍ව යන මෙයින් යුක්ත බැවිනි. (“එහි ප්‍රත්‍යයසමුත්පන්න ධර්‍මයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් උත්පත්තිය - අහුත්‍වා සම්භවය - ආත්මලාභය උත්පාද නම. උත්පන්න වූ ඒ ධර්‍මයන්ගේ නිරෝධය විනාශය ව්‍යය නම. ජරායෙන් අන්‍යථාභාවය අන්‍යථාත්‍ව නමි. යම් සේ උත්පාදාවස්ථායෙන් භින්න වූ භඞ්ගාවස්ථායෙහි වස්තුභේදය නැද්ද, එසේ ම ස්ථිති සංඛ්‍යාත වූ භඞ්ගාභිමුඛාවස්ථායෙහි දු වස්තු භේදය නැති. එහි ජරා ව්‍යවහාරය වෙයි දන්නේ” යනු සන්නයි.) අනිත්‍යතා නම් ඒ පඤ්චස්කන්‍ධයන් ගේ ම උත්පාද ව්‍යය අන්‍යථාත්‍වය යි. (“යම් ලක්‍ෂණයන් තුන් දෙනෙකුන්ගේ සද්භාවයෙන් ස්කන්‍ධයන් කෙරෙහි අනිත්‍ය සංඥාව වේ ද ඒ ලක්‍ෂණත්‍රය අනිත්‍ය නම් වේ” යනු සන්නයි.) ඉපිදැ නැතිවීම, උපන් දේ ඒ උපන් ආකාරයෙන් නො තිබී ක්‍ෂණ භඞ්ගයෙන් බිඳී යාම අනිත්‍යතාව යැ යි සේ යි. අනිත්‍යය යි දැක්ම නම් ඒ ක්‍ෂණභඞ්ග සංඛ්‍යාත අනිත්‍යතාවගේ වශයෙන් රූපාදි ධර්‍මයන් කෙරෙහි අනිත්‍යය යි බැලීම යි. අනිත්‍යය යි දක්නේ නම් එසේ බලන යෝගාවචර යි. මෙසේ අනිත්‍යය යි දක්මින් ආශ්වාස-ප්‍රශ්වාස කරන්නේ “අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමිති සික්ඛති” යි වේ.
[“අනිච්චන්ති හුත්වා අභාවාකාරෙන අනිච්චං.”
“හුත්වා අභාවාකාරෙනාති උප්පත්තිතො පුබ්බෙ අවිජ්ජමානො පච්චයසමවායෙන හුත්වා උප්පජ්ජිත්වා භඞ්ගුපරමසඞ්ඛාතෙන අභාවාකාරෙන.”
“අනිච‍්චසඤ‍්ඤාති ඛන්ධපඤ්චකං හුත්වා අභාවාකාරෙන අනිච්චන්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤා.”
"අනිච්චන්ති නිච්චධුවතාභාවතො. උප්පාදවයවන්තතායාති ඛණෙ ඛණෙ උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො."
"චතුත්ථචතුක්කෙ පන අනිච්චානුපස්සීති එත්ථ තාව අනිච්චං වෙදිතබ්බං. අනිච්චතා වෙදිතබ්බා. අනිච්චානුපස්සනා වෙදිතබ්බා. අනිච්චානුපස්සී වෙදිතබ්බො.
තත්ථ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා. අනිච්චතාති තෙසංයෙව උප්පාදවයඤ්ඤථත්තං, හුත්වා අභාවො වා, නිබ්බත්තානං තෙනෙවාකාරෙන අට්ඨත්වා ඛණභඞ්ගෙන භෙදොති අත්ථො. අනිච්චානුපස්සනාති තස්සා අනිච්චතාය වසෙන රූපාදීසු අනිච්චන්ති අනුපස්සනා. අනිච්චානුපස්සීති තාය අනුපස්සනාය සමන්නාගතො. තස්මා එවංභූතො අස්සසන්තො ¶ පස්සසන්තො ච ඉධ “අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛතී”ති වෙදිතබ්බො."
"තත්ථ ¶ කතමං සමථනිමිත්තං? යා චිත්තස්ස ඨිති…පෙ… සම්මාසමාධි – ඉදං වුච්චති සමථනිමිත්තං."