[Watch in 4K — Recommended Resolution.]


172. බ්‍රහ්මචරියාව හා කෝමාර බ්‍රහ්මචරියාව කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි...! 
මට පැහැදිලි කරදෙන්න, බ්‍රහ්ම චරියාව හා කෝමාර බ්‍රහ්ම චරියාව.

A. "බ්රහ්මචරිය න බ්රහ්ම+චරිය
බ්රහ්මචරිය BUS ඉ බ්‍රහ්මයකු සේ හැසිරීම; මෛථුනසේවනයෙන් වැළකී සිටීම.
බ්රහ්මචරිය MS න දානය, බඹසර විහරණය, ශාසනය, මෛථුන විරතිය, ස්වහාර සන්තොසය, වතාවත්, පඤ්ච ශීලය, ආර්‍ය්‍ය මාර්‍ගය, උපෝසථ සීලය, ධෛර්‍ය්‍යය.
බ්රහ්මචරිය ND 'pure (chaste) or holy life', is a term for the life of the monk. Also a lay-devotee who observes the 8 moral precepts (sikkhāpada, q.v.), takes as the third precept the vow of chastity, i.e. full abstention from sexual relations. The highest aim and purpose of b. is, according to M. 29, the 'unshakable deliverance of mind' (akuppā ceto-vimutti)."

කොමාරබ්රහ්මචරිය න කොමාර+බ්රහ්මචරිය
කොමාරබ්රහ්මචරිය MS න කුමර බඹසර.
කොමාරබ්රහ්මචරියා BUE (f.) the vow of chastity beginning from the infancy.
කොමාරබ්රහ්මචරියා BUS ඉ ළදරු කල සිට රැකි බඹසර."


Q. තවටිකක් පැහැදිලි කරන්නේ නම් වටී.

A. 1. බ්‍රහ්මචර්යාවට අර්ථ කිහිපයක් ම තියන නිසා (පහත) මුල් ම පිංතූරය බලන්න.

2. කෝමාර බ්‍රහ්මචර්යාව = කුමර බඹසර; කුමරි බඹසර = පොඩි කාලේ ඉඳලා විවාහ වෙනකල් ම ලිංගිකව හැසිරෙන්නේ නැතිව සිටීම (ස්‌වයංවින්දනය නොකිරීම, කන්‍යාභාවය හා කෞමාරභාවය ආරක්ෂා කිරීම ද ඇතුළුව).

Q. කෝමාරබ්‍රග්මචරියාවේදී, සිතින් ලිංගික ආශ්වාදය ‍යේ යෙදීම ආදී සිතින් උන අකුසලය නිසා මෙය පලුදු විය හැක නේද? තවද අතීතයේ නගරසෝබනී කාන්තාවන් සමග ලිංගික ආශ්වාදය ‍යේ යෙදී පසුව පසුව එය අත් හැරපු වූවන් සිටී. ඔවුන් ඒ අත් හැරපු දවසේ සිට අදිශ්ඨාන ‍යෙන් එදවස් සිට විවාහ වෙනකම් බ්‍රග්මචරියාවේ හැසිරිය හැකිද? එය ජීවිතය පුරාවටම රකින්නේ නම් එය බ්‍රග්මචාරී වීම වේ නේද?

A / T.  මෙතැන බ්‍රහ්මචරියාවට අදාළව මා ලබා දී ඇති පිළිතුරු සියල්ල ම කියවන්න.
[සිප වැළඳ ගැනීම් ආදිය (පූර්ව ලිංගික ක්‍රියා) ද සප්ත මෛථුනය තුළ ඇතුළත් කළ හැකි බව පෙනේ.]

{"කුමාරභාවතො පභුති චරණෙන කොමාරබ්‍රහ්මචරියං."




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll