187. නිරාගමික වෙමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නූතනයේ Science මත්තෙම නැහෙමින් තමන් "නිරාගමිකයි" කියාගන්නා බහුතරයක් අජිතකේශකම්බිලි ශාස්තෲන් ගේ නූතන ශ්‍රාවකයන් නොවේ ද?

A. ෂට්ශාස්තෲන් ම හෝ ඉන් කෙනෙක් / දෙන්නෙක් / කිහිපදෙනෙක් ම හෝ ඒ මත ම තමා; ඒ නූතන වේශධාරීන් ම හෝ ඒ මතවල ම නූතන වේශ(ය) ම තමා. ගොඩක් නිරාගමිකයන්ට පුදුම ගැඹුරු දැනුමක් හා කැක්කුමක්නි තියෙන්නෙ බුදුදහම ගැන; ප්‍රශ්නත්-පිළිතුරුත් පුදුම දාර්ශනිකයි - පණ්ඩිත වේදනීයයි. නිරාගමිකයන්ට මොකට ද අනුන්ගේ ආගම්වල ඇති හරි වැරදි.

තමන්ගේ කෙසේ වෙතත්, අනුන්ගේ සීල-සමාධි-ප්‍රඥා දුර්වල නොකර, සැක-සංකා / ද්වේශය / කෙලෙස් අවුස්සන්නේ නැතුව පාඩුවේ හිටියනං ඉවරයිනි තමන්ගෙ-අනුන්ගෙ කාලය, ශ්‍රමය, ධනය, [මොළ(ය), ඔළු(ව)] නොකා. පුදුම කැපවීමක් තියෙන්නේ ඒවට.

කුමක් පිළිගත්තත් නැතත්, නිරාමිස දහමකට පහරදීම නිරාගමිකයන්ගේ නිරාදුකට නිසැක මඟ බව නම් කිව යුතු ම ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll