Q. කෙනෙකුට ගිහි ජීවිතයේ සිටිමින් ධර්ම මාර්ගයේ ගමන් කරන විට දෛනික කටයුතු වලදී නිදසුනක් ලෙස උදැල්ල කින් පොළොව කෙටීම, එළවළු කපන විට එහි සිටින පණුවන් කැපීම වැනි ක්‍රියාවන් සිදු කිරීමේ දී නොහිතාම ප්‍රාණඝාත සිදුවේ . නමුත් එම පුද්ගලයා හට මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට කිසිදු කැමැත්තක් නොමැත.නොකරත් බැරිය. නමුත් ගිහි ජීව්‍තය තුළ සිටීමටත් සිදු වේ. කුමක් කළ යුතුදැයි ධාර්මික ව පහදන්න. තෙරුවන් සරණයි!
A. දැන-දැන පව් කරන්නේ නැතුව, සාමාන්‍ය කටයුතු හා රැකී රක්ෂාදිය කරමින් ම ධර්ම මාර්ගයේ ගමන් කරන්න.
[# “මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වේ. පරමාර්ථ සත්‍ය වශයෙන් මම ය කියා හෝ සහෝදරයා ය සහෝදරිය ය කියා හෝ අන් කෙනකුය කියා හෝ පුද්ගලයකු නැති නමුත් සම්මුතිය ද සර්වාකාරයෙන් ප්‍රතික්‍ෂේප නොකළ යුතුය. සම්මුතියෙහි පිහිටා සම්මුතියේ සැටියට වැඩ කරන ලෝකයේ සම්මුතියත් නොපිළිගෙන විසිය හැකි නො වේ. සර්වාකාරයෙන් සම්මුතිය ප්‍රතික්‍ෂේප කොට පරමාර්ථයේ සැටියට ම සිතන්නටත් කථා කරන්නටත් ක්‍රියා කරන්නටත් පටන් ගතහොත් යෝගාවචරයා අන්‍යයන් විසින් උම්මත්තකයෙකු ලෙස සලකනු ඇත. එබැවින් යෝග්ගාවචරයන් විසින් පරමාර්ථය පරමාර්ථය සැටියටත්, සම්මුතිය සම්මුතිය සැටියටත්, තේරුම් ගෙන ලෝකයේ අන්‍යයන් සමඟ ක්‍රියා කිරීමේදී සම්මුතියේ සැටියට ලෝක සම්මුතිය පිළිගනිමින් ක්‍රියා කළ යුතුය. එසේ කිරීමෙන් දෘෂ්ටි විශුද්ධියට යම් කිසි හානියක් නො ව න්නේය.”
# “බුද්ධකාලයෙහි ශ්‍රාවස්ත්‍යාදී නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්ථයෝ විසූහ. ඔවුහු ද සාමාන්‍ය මිනිසුන් සේ ම ගොවිකම් වෙළඳාම් ආදී රැකී රක්ෂා කරමින් අඹු දරුවන් පෝෂණය කරමින් විසුවෝය.”