Q. පහත උපුටා ගැනීමේ දැක්වෙන පූර්වභාග ඥාන 5 මොනවද?
"එක් පුරුෂයෙකුගේ ගොන් සතර දෙනෙක් පලාගොස් වනයට පිවිසියාහුය, හෙතෙම කටු සහිත ලැහැබ් සහිත වනයෙහි ඔවුන් සොයන්නේ ලැහැබ් සහිත මගින්ම අමාරුවෙන් දුකසේ ගොස් ලැහැබකම සැඟවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය. එක් පුරුෂයෙක් දුකසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින්ම දුටුවේය. අනිකෙක් ලැහැබ් නැති එළිමහන් මගින් ලැහැබක සැගවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය, තවෙකෙක් එළිමහන් මගින්ම සුවසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින් දුටුවේය. එහි ගොනුන් සතරදෙනා මෙන් සතර ආර්‍ය මාර්‍ගය දැක්විය යුතුය. ගොනුන් සොයන මිනිසා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය. ලැහැබ් මගින් දුකසේ අමාරුවෙන් යාම මෙන් පූර්‍වභාගයෙහි ඥානපසෙහි වෙහෙසෙන්නාගේ දුක්සහිත ප්‍රතිපදාව දැක්විය යුතුය. ලැහැබෙහි සැඟවී සිටියකු දුකසේ දැකීම මෙන් අපරභාගයෙහි නවවිධ ඥානයන්හි වෙහෙසෙන්නහුගේ ආර්‍ය මාර්‍ග දැකීම දැක්විය යුතුය. මේ අයුරින් සෙසු උපමා ද යෙදිය යුතුය."
A. රූප පරිග්‍රය (රූපය සම්මර්ශනය / රූප විමසා බැලීම) ආදී පස් වැදෑරුම් ඥානයන් බව ටීකාවෙහි පැහැදිළි ලෙස ම දක්වා ඇතත්, ඒ කුමන පස් වැදෑරුම් ඥානයන් දැයි පැහැදිළි නැත.
"දුතියෙ ¶ අකතාභිනිවෙසොති අකතාධිකාරො. රූපානං ලක්ඛණාදීහි පරිච්ඡින්දිත්වා ගහණං රූපපරිග්ගහො. තීසු අද්ධාසු කිලමතීති පුබ්බන්තෙ අපරන්තෙ පුබ්බන්තාපරන්තෙති එවං තීසු පදෙසෙසු කිලමති. පඤ්චසු ඤාණෙසූති රූපපරිග්ගහාදීසු පඤ්චසු ඤාණෙසු. නවසු විපස්සනාඤාණෙසූති උදයබ්බයාදිනවවිපස්සනාඤාණෙසු. සෙසමෙත්ථ උත්තානමෙව."
# කෙසේ වෙතත්, පටිසම්භිදාමග්ග අටුවාව (BCC - Si. 36 පිටුව) අනුසාරයෙන් ඒවා පහත ඤාණයන් පස බව කිව හැකිය.
1. වත්ථුනානත්ත ඤාණය.
2. ගෝචරනානත්ත ඤාණය.
3. චරියානානත්ත ඤාණය.
4. භූමිනානත්ත ඤාණය.
5. ධම්මනානත්ත ඤාණය.
"නවධම්මවවත්ථානෙති ¶ කාමාවචරකුසලාදිවසෙන පාමොජ්ජමූලකවසෙන යොනිසො මනසිකාරමූලකවසෙන ච නවන්නං නවන්නං ධම්මානං වවත්ථානෙ. ඉමෙසු ච පඤ්චසු ඤාණෙසු පඨමං අජ්ඣත්තධම්මා වවත්ථාපෙතබ්බාති වත්ථුනානත්තෙ ඤාණං පඨමං වුත්තං, තතො තෙසං විසයා වවත්ථාපෙතබ්බාති තදනන්තරං ගොචරනානත්තෙ ඤාණං වුත්තං, තතො පරානි තීණි ඤාණානි තිණ්ණං චතුන්නං නවන්නං වසෙන ගණනානුලොමෙන වුත්තානි."
T. "රූප කර්මස්ථානය අරූප කර්මස්ථානය යයි කර්මස්ථානය දෙවැදෑරුම් වේ. රූප පරිග්ගහ අරූප පරිග්ගහ යයි මෙයම කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ එහිදී රූප කර්මස්ථානය වදාරන්නේ සංක්‍ෂේප මෙනෙහි කිරීම් වශයෙන් හෝ විස්තර මෙනෙහි කිරීම් වශයෙන් හෝ චතුධාතු සිහිකිරීම වදාරති. ඒ දෙකම විසුද්ධි මාර්ගයෙහි සියළු ආකාරයෙන් දක්වන ලද්දේමය."