53. රහත්බව ප්‍රකාශ කරන්නේ ම නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදු දහමේ වාද නෑ... තර්ක නෑ... රහතුන් කිසිවෙකු සමග වාදක කරන්නේ නැත.. තර්ක කරන්නේ නැත.. රහත් නං කියන්නෑ.. කිව්වොත් රහත් නෑ.. මේවා, "නිවැරදි බුදු දහම" විදියට ප්‍රසිද්ධියේ සම්මත කරගත්තු දේවල්නේ... ඒක එහෙම නං.. නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජතුමාව වාද කොට පරා පරාජය කළේ ඇයි? උන්වහන්සේ තමා රහත් කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ඇයි? ඒකට පිටු හයසියයකටත් වඩා ඇති මිලින්ද ප්‍රශ්ණය සාක්ෂි දරනවා.. ඒක බොරුවක් ද එතකොට?

A. # සද්ධර්මයේ චිරස්ථිතිය උදෙසා ධර්ම ශෝධනයට හෝ සද්ධර්ම ස්ථාපනයට විනා, බුදුදහමේ “පුහු” වාද-විවාද - තර්ක-විතර්ක (ප්‍රශ්නෝත්තර ක්‍රමයක්) නැත.

[“මිලින්ද ප්‍රශ්නය” ද එක් අතකින් එවැන්නකි - “මිලින්ද ප්‍රශ්නය” ම අවශ්‍ය නොවේ - කථාවත්‍ථුප්‍රකරණය බලන්න - https://tipitaka.lk/ap-kvu/sinh]

# අනෙක් අතින් එය (“මිලින්ද ප්‍රශ්නය”) සාංසාරික ප්‍රාර්ථනා පුණ්‍ය විපාක අඩංගු සුවිශේෂී කතා ප්‍රවෘත්තිමය සිදුවීමකි.

# මිළිඳු රජු කොතෙක් උත්සාහ කළත්, මිලින්ද ප්‍රශ්නයේ කොතැනක දී වත් නාගසේන රහතන්වහන්සේ “රහත්භාවය” කිසිසේත් ප්‍රකාශ කරන්නේ ම නැත.

# එසේ ම, විනයානුකූලව රහත්බව ප්‍රකාශකිරීම එකකි; ලොවට හඬගා ප්‍රකාශ කිරීම වෙන ම ම එකකි.
[විනයානුකූලව මෙන් ම, අරහත්භාවය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි (ක්‍රම) මීට කලින් සාකච්ඡා වී ඇත - පහත බලන්න.]


[A. “මහණෙනි, මේ රහත් බැව් ප්‍රකාශ කිරීම් පසක් වෙත්. කවර පසක්ද යත්? නුවණ මඳ බැවින් මුළා බැවින් අර්හත්වය ප්‍රකාශ කරයි. ලාමක ආසා ඇත්තේ, ආශාව ස්වභාව කොට ඇත්තේ අර්හත්වය ප්‍රකාශ කරයි. උමතු බැවින් සිත් පෙරලීමෙන් රහත් බව ප්‍රකාශ කරයි. අධිකවූ මානයෙන් රහත් බව ප්‍රකාශ කරයි. මනාකොටම රහත් බව ප්‍රකාශ කරයි. යන පසයි. මහණෙනි, මොහු වනාහි රහත් බැව් ප්‍රකාශ කිරීම් පස වෙත්ය” යි වදාළ සේක.”
https://pitaka.lk/main?n=30193

[T. මේ අනුසාරයෙන් අනෙකුත් මාර්ග-ඵල ගැන ද සිතාගත හැකි යැයි සිතේ.]

{‘‘පඤ්චිමානි, භික්ඛවෙ, අඤ්ඤාබ්‍යාකරණානි. කතමානි පඤ්ච? මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්‍යාකරොති; පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්‍යාකරොති; උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්‍යාකරොති; අධිමානෙන අඤ්ඤං බ්‍යාකරොති; සම්මදෙව අඤ්ඤං බ්‍යාකරොති. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච අඤ්ඤාබ්‍යාකරණානී’’ති. තතියං."
https://pitaka.lk/main?n=30193&p=93}

A. I. පිරිනිවන් පෑමට යාමේ දී;
II. ආර්ය උපවාදයෙන් නැගී සිටීම පිණිස;
III. ආර්යෝපවාදය සිදුවීම වළක්වනු පිණිස;

රහත්බව / අරහත් භාවය ප්‍රකාශ කරන බව මෙම වීඩියෝවේ දී, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියෝ දේශනා කරති. 

[A. “උපාලි, මේ රහත් බව ප්‍රකාශ කිරීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මොහයෙන් මුළා බැවින් රහත්බව පළ කෙරෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත්බව පළ කෙරෙයි, උමතුවෙන් සිත් පෙරැළීමෙන් රහත්බව පළ කෙරෙයි. (පසක් කෙළෙමි යන) අධිමානයෙන් රහත්බව පළ කෙරෙයි. විද්‍යාමාන වූ රහත්බව පළ කෙරෙයි. උපාලි, මේ රහත්බැව් පළ කිරීම් පස යි.”

“කති නු ඛො, භන්තෙ, අඤ්ඤබ්‍යාකරණා”ති? “පඤ්චිමෙ, උපාලි, අඤ්ඤබ්‍යාකරණා. කතමෙ පඤ්ච? මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්‍යාකරොති, පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්‍යාකරොති, උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්‍යාකරොති ¶, අධිමානෙන අඤ්ඤං බ්‍යාකරොති, භූතං අඤ්ඤං බ්‍යාකරොති – ඉමෙ ඛො, උපාලි, පඤ්ච අඤ්ඤබ්‍යාකරණා”ති.

https://tipitaka.lk/vp-pv-17-4/32-4/sinh
https://tipitaka.app/?a=1e13-80-si
https://tipitaka.lk/vp-pv-17-4/32-4/pali]

A. "135. ‘‘යො වෙ අනරහං (අනරහා (සී. පී.)) සන්තො, අරහං පටිජානාති (පටිජානති (සී. ස්‍යා. පී.));
චොරො සබ්‍රහ්මකෙ ලොකෙ, එසො ඛො වසලාධමො.

135. “යමෙක් තෙම රහත් නුවූයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමුවෙනි මහසොරා වේ. මේ තෙමේ චණ්ඩාලයන්ගෙන් අධම වේ."
https://pitaka.lk/main?n=41107&p=135

A. විනය පිටකය, පාචිත්‍ය පාලි, මුසාවාද වග්ගය, භූතාරෝචන සික්ෂාපදය.

"යො පන භික්‌ඛු අනුපසම්‌පන්‌නස්‌ස උත්‌තරිමනුස්‌සධම්‌මං ආරොචෙය්‍ය භූතස්‌මිං, පාචිත්‌තිය"
යම් භික්ෂුවක් තමන් සතු උත්තරී මනුෂ්‍ය ධර්ම අනුපසම්පන්නයකු හමුවේ කියන්නේ නම් පචිති ඇවැත් වේ.

අනුපසම්‌පන්‌නො නාම භික්‌ඛුඤ්‌ච භික්‌ඛුනිඤ්‌ච ඨපෙත්‌වා, අවසෙසො අනුපසම්‌පන්‌නො නාම.
භික්ෂු භික්ෂුණීන් හැර අනෙකුත් සියලු දෙනා අනුපසම්පන්න නම් වේ. (සාමනේර, සාමනේරී සහ ගිහියන්)

උත්‌තරිමනුස්‌සධම්‌මො නාම ඣානං, විමොක්‌ඛො, සමාධි, සමාපත්‌ති, ඤාණදස්‌සනං, මග්‌ගභාවනා, ඵලසච්‌ඡිකිරියා, කිලෙසප්‌පහානං, විනීවරණතා චිත්‌තස්‌ස, සුඤ්‌ඤාගාරෙ අභිරති. (උත්තරී මනුෂ්‍ය ධර්ම යනු මේවාය, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති, ඥාන දර්ශන, මාර්ග භාවනා, මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කළ බව, ක්ලේෂ ප්‍රහාණය, සිත නීවරණයන්ගෙන් මිදුණු බව, ශුන්‍යාගාරයේ සිටීම ආදියයි)

https://pitaka.lk/bjt/newbooks/2/VP02_Page_096.jpg - https://pitaka.lk/bjt?b=2&p=75
=========================

‍‍‍මේ අනුව ධ්‍යාන, මාර්ගඵල ආදී තමන් සතු උත්තරීමනුෂ්‍ය ධර්මයන් හෝ ඕනෑම අයකු සමඟ කීමට විනයේ අවකාශ නොමැත.

{“යො පන භික‍්ඛු අනුපසම‍්පන‍්නස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මං ආරොචෙය්‍ය භූතස‍්මිං, පාචිත‍්තියන‍්ති.
“යම් මහණෙක් අනුපසපනක්හට උතුරුමිනිස්ධම් ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ” යයි.

12. යොපනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. අනුපසම‍්පන‍්නො නාම භික‍්ඛුඤ‍්ච භික‍්ඛුනිඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො අනුපසම‍්පන‍්නො නාම.
12. යොපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශෙෂ වූයේ අනුපසම්පන්න නම් වේ.

13. උත‍්තරිමනුස‍්සධම‍්මො නාම: ඣානං විමොක‍්ඛො සමාධි සමාපත‍්ති ඤාණදස‍්සනං මග‍්ගභාවනා ඵලසච‍්ඡිකිරියා කිලෙසප‍්පහානං විනීවරණතා චිත‍්තස‍්ස සුඤ‍්ඤාගාරෙ අභිරති. ඣානන‍්ති පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්‍ථං ඣානං. විමොක‍්ඛොති සුඤ‍්ඤතො විමොක‍්ඛො අනිමිත‍්තො විමොක‍්ඛො අප‍්පණිහිතො විමොක‍්ඛො. සමාධීති සුඤ‍්ඤතො සමාධි අනිමිත‍්තො සමාධි අප‍්පණිහිතො සමාධි. සමාපත‍්තීති සුඤ‍්ඤතා සමාපත‍්ති අනිමිත‍්තා සමාපත‍්ති අප‍්පණිහිතා සමාපත‍්ති.

13. උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන යැ විමොක්ෂ යැ සමාධි යැ සමාපත්ති යැ ඥානදර්ශන යැ මාර්ගභාවනා යැ ඵලප්‍රත්‍යක්ෂකරණ යැ ක්ලෙශප්‍රහාණ යැ චිත්තයාගේ විනීවරණතා යැ ශූන්‍යාගාරයෙහි අභිරති යි. ධ්‍යාන යනු: ප්‍රථමධ්‍යාන යැ ද්වීතීයධ්‍යාන යැ තෘතීයධ්‍යාන යැ චතුර්ථ ධ්‍යානය යි. විමොක්ෂ යනු: ශුන්‍යතවිමොක්ෂ යැ අනිමිත්තවිමොක්ෂ යැ අප්‍රණිහිත විමොක්ෂ යි. සමාධි යනු: ශුන්‍යත සමාධි යැ අනිමිත්ත සමාධි යැ අප්‍රණිහිත සමාධි යි. සමාපත්ති යනු: ශුන්‍යතසමාපත්ති යැ අනිමිත්ත සමාපත්ති යැ අප්‍රණිහිතසමාපත්ති යි."
https://tipitaka.lk/vp-pct-1-1-1-8/38-1/sinh
https://tipitaka.lk/vp-pct-1-1-1-8/38-1/pali}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll