90. ස්කන්ධයෝ ඇතිවෙන්නේ (උදය) නැතිවෙන්නේ (ව්‍යය) කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ස්කන්ධය ඇතිවෙන්නේ නැතිවෙන්නේ කොහොම ද?

A. "[59] රූප ස්කන්ධයාගේ ඉපදීම දක්නේ කවරනම් ලක්ෂණ පසක් දක්නේද? අවිද්‍යාව පහළවීම හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම අර්ථයෙන් රූපස්කන්ධයාගේ පහළවීම දකියි. තෘෂ්ණාව පහළවීම් හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයයාගේ පහළවීම් අර්ථයෙන් රූප ස්කන්ධයාගේ පහළවීම දකී. කර්මයාගේ පහළවීම් හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයයාගේ පහළවීම් අර්ථයෙන් රූප ස්කන්ධයාගේ පහළවීම දකී. ආහාරයාගේ පහළවීම හේතුකොටගෙන රූපයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයයාගේ පහළවීම් අර්ථයෙන් රූප ස්කන්ධයාගේ පහළවීම දකී. ඉපදීම් ලක්ෂණය දක්නේ ද රූපස්කන්ධයාගේ පහළවීමදකී. රූපස්කන්ධයාගේ ඉපදීම දක්නේ මේ ලක්ෂණ පස දකී.

[60] බිඳීම දක්නේ කිනම් ලක්ෂණ පහක් දකීද? අවිද්‍යාව නැතිවීමෙන් රූපයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යය නැතිවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී. තෘෂ්ණාව නැතිවීමෙන් රූපයාගේ නිරෝධය වේයයි ප්‍රත්‍යය නිරුද්ධවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී. කර්මය නිරුද්ධ වීමෙන් රූපයාගේ නිරුද්ධිය වේයයි ප්‍රත්‍ය නිරුද්ධවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී. ආහාරයාගේ නැතිවීමෙන් රූපයාගේ නිරුද්ධිය වේයයි ප්‍රත්‍යයයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් රූපස්කන්ධයාගේ බිඳීම දකී. විපරිණාම ලක්ෂණය දක්නේද රූපස්කන්ධයාගේ බිඳීම බලයි. රූපස්කන්ධයාගේ බිඳීම දක්නේ මේ ලක්ෂණ පස දකී. ඉපදීම හා බිඳීම දක්නේ මේ ලක්ෂණ දසය දකි."

A. "(පංචස්කන්‍ධයන්ගේ) උදයව්‍යයය නොදක්නා වූ (හෙවත් ‘අවිජ්ජාසමුදයා රූපසමුදයො’ යන ආදීන් පස්විසි අයුරින් පංචස්කන්‍ධයන්ගේ උදයය ද ‘අවිජ්ජා නිරොධා රූපතිරොධො’ යන ආදීන් පස්විසි අයුරින් පංචස්කන්‍ධයන්ගේ ව්‍යයය ද නොදක්නාවූ) යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) පංචස්කන්‍ධයන්ගේ උදයව්‍යයය නුවණැසින් දක්නාහුගේ එක් දවසෙක ජීවත් වීම උතුමි."

"යො චෙ වස‍්සසතං ජීවෙ අපස‍්සං උදයව්‍යයං
එකාහං ජීවිතං සෙය්‍යො පස‍්සතො උදයව්‍යයං."

A. "එහි ඉතිරූපං යනු මේ රූපය - මෙපමණක් රූපය - මෙයින් උඩට රූපයක් නැත යන වෙනස්වන ස්වභාවය නිසාම මහාභූත දැඩිව ගැනීම ආදී භේද මුල්කොට ලක්ඛණ - ලකුණ - රස - රසය පච්චුපට්ඨාන වැටහීම - පදට්ඨාන - ආසන්න කාරණය ආදී වශයෙන් සියලු රූපයන් ගැනීම කියන ලදි. ඉති රූපස්ස සමුදයො යනු මෙයින්, මෙසේ ගන්නා ලද රූපයේ හටගැනීම පිළිබඳ විදර්ශනාව කියන ලදි. එහි ඉති යනු මෙසේ හටගැනීම වන්නේය යන අර්ථයි. එහි විස්තරය අවිද්‍යාව හටගැනීමෙන් රූප හටගැනීමත්, තණ්හාව ඇතිවීමෙන් රූප හටගැනීමත්, කර්ම හටගැනීමෙන් රූප හටගැනීමත් ආහාර හටගැනීමෙන් රූප හටගැනීමත් යන ලෙස උපතට හේතුව දකින්නේද රූප ස්කන්ධයාගේ හටගැනීම දකීනුයි මෙසේ දතයුතුයි. විනාශයට යාමේදී අවිජ්ජාව නැතිවීමෙන් රූප නිරෝධය වේ. -පෙ- වෙනස්වන ලක්‍ෂණ දකින්නේ රූපස්කන්ධයාගේ නිරෝධය දකින්නේය. මේ විස්තරයයි."

තත්‍ථ ඉති රූපන‍්ති ඉදං රූපං, එත‍්තකං රූපං, ඉතො උද‍්ධං රූපං නත්‍ථීති රුප‍්පනසභාවඤ‍්චෙව භූතුපාදායභෙදඤ‍්ච ආදිං කත්‍වා ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානවසෙන අනවසෙසරූපපරිග‍්ගහො වුත‍්තො. ඉති රූපස‍්ස සමුදයොති ඉමිනා එවං පරිග‍්ගහිතස‍්ස රූපස‍්ස සමුදයදස‍්සනං වුත‍්තං. තත්‍ථ ඉතීති එවං සමුදයො හොතීති අත්‍ථො. තස‍්ස විත්‍ථාරො – “අවිජ‍්ජාසමුදයා රූපසමුදයො, තණ‍්හාසමුදයා රූපසමුදයො, කම‍්මසමුදයා රූපසමුදයො, ආහාරසමුදයා රූපසමුදයොති, නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සතී”ති එවං වෙදිතබ‍්බො. අත්‍ථඞ‍්ගමෙපි “අවිජ‍්ජානිරොධා රූපනිරොධො…පෙ… විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස නිරොධං පස‍්සතී”ති (පටි· ම· 1.50) අයමස‍්ස විත්‍ථාරො.

["රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති? වෙදනාක්ඛන්ධස්ස…පෙ… සඤ්ඤාක්ඛන්ධස්ස…පෙ… සඞ්ඛාරක්ඛන්ධස්ස…පෙ… විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං ¶ පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති? රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති; උදයබ්බයං පස්සන්තො දස ලක්ඛණානි පස්සති. වෙදනාක්ඛන්ධස්ස…පෙ… සඤ්ඤාක්ඛන්ධස්ස… සඞ්ඛාරක්ඛන්ධස්ස… විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති; උදයබ්බයං පස්සන්තො දස ලක්ඛණානි පස්සති.
රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති? අවිජ්ජාසමුදයා රූපසමුදයොති – පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස ¶ උදයං පස්සති. තණ්හාසමුදයා රූපසමුදයොති – පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති. කම්මසමුදයා රූපසමුදයොති – පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති. ආහාරසමුදයා රූපසමුදයොති – පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති. නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස උදයං පස්සති. රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො ඉමානි පඤ්ච ලක්ඛණානි පස්සති."]

"නිබ්බත්තිලක්ඛණන්ති අද්ධාසන්තතිඛණවසෙන රූපස්ස උප්පාදං, උප්පාදොයෙව සඞ්ඛතලක්ඛණත්තා ලක්ඛණන්ති ච වුත්තො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll