[Watch in 4K — Recommended Resolution.]


152. ලෝකපාලක දෙවිවරු කවුරුන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බණ හෝ පිරිත් දේශනා අවසානයේදී ලෝක පාලන දෙවියන්ට පින් දෙනවා.. මේ ලෝක පාලන දෙවියන් ලෙස හන්දුන්වන්නේ කුමන දෙවි කෙනෙක්වද...?

A. “වෛශ්‍රවණ ය, ධ්‍රතරාෂ්ට්‍ර ය, විරූපාක්‍ෂ ය, විරූඪය යන යශස්වී ලෝකපාලක සිවුවරම් දෙවියන් අරබයා හෝ දන් දෙයි.”
“චත්තාරො ච මහාරාජෙ, ලොකපාලෙ යසස්සිනෙ ;
කුවෙරං ධතරට්ඨඤ්ච, විරූපක්ඛං විරූළ්හකං;
තෙ ¶ චෙව පූජිතා හොන්ති, දායකා ච අනිප්ඵලා.”

“කුවේර නම් වෛශ්‍රවණය, ධෘතරාෂ්ට්‍ර ආදී අනෙක් තිදෙන ලෝක පාලක නම්.”
“තත්ථ කුවෙරන්ති වෙස්සවණං. ධතරට්ඨන්තිආදීනි සෙසානං තිණ්ණං ලොකපාලානං නාමානි.”

“ඉන්‍ද්‍ර යම වරුණ කුවේර යන ලෝකපාලකයන් ...”
“ලොකියා පන ඉන්දයමවරුණකුවෙරා ලොකපාලාති වදන්ති.”

“ලොකපාලා - PN - The name given to the kings of the Cātummahārājikadevā.”
“ලොකපාලො - VRI - Guardian of the world. This term is applied to several devas, as Sakka, Yama, Varuṇa. The four maharājās are lokapālas.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll