208. කිරිදත් දන්තධාතූන් වහන්සේලා වැන්දත් පිහිට තිබේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සිදුහත් කුමාරයන් වහන්සේ කුඩා කල කිරි දන්තධාතූන් වහන්සේලා ඇති බව මා ධාතු විස්තරයන් තුළ අසා ඇත. ඒත් එසේ කිරි දත් වන්දනාවට පිහිට තිබේ ද ස්වාමීන්වහන්ස?

A. (කෙටියෙන් හා කැටිකොට අභිධර්මානුකූලව ද ...)

පිහිට ලැබෙන්නේ කුසල ශක්තීන්වල බලයෙනි / උපකාරයෙනි. ඒ සඳහා කුමක් ආරම්මණය / අරමුණ / පූජා වස්තුව වුවත්, එය අරමුණුකොට ශ්‍රද්ධා ප්‍රඥාදිය සමන්විත වූ (උසස්) කුසල් සිත් ඇති කර ගන්නේ නම්, [හා ඒ පිං (දෙවියන්ට) අනුමෝදන් කරන්නේ නම්,] අරමුණු කරන්නේ (පූජා වස්තුව/අරමුණ) කුමක් වුවත්, නිසැකව ම පිං/කුසල් සිදුවෙන අතර, පිහිට ද ලැබේ.

මේ සඳහා උදාහරණ කිහිපයක් ලෙස:

1. ශ්‍රීපාද-පද්මය වන්දනා කිරීම.

1. බුදුපිළිම වහන්සේලා වන්දනාව,

2. පුලිනුප්පාදකථෙරාපදානය,

3. පුලිනථූපියත්ථෙරාපදානය, ආදිය දැක්විය හැක.

4. අනෙකුත් සියලු ම/ඕනෑම ත්‍රිවිධ චෛත්‍ය(යයක්) වන්දනා-මාන කිරීම.

[වැඩි දුර අවශ්‍ය නම්, මෙය කියවන්න. | මෙය ද අදාළ වේ.]

T. [9. ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තූන්ගෙන් කවරකට වැඳුම් පිදුම් කිරීමෙන් වඩා පින් ලැබේද?

උද්දේශික වස්තුවට වඩා පාරිභෝගික වස්තුවත්, පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතුත් උසස් බව කිය යුතු ය. වැඳුම් පිදුම් කරන්නහුට ලැබෙන පිනෙහි උසස් පහත් බව, ප්‍ර‍තිග්‍රාහකයා ගේ ගුණසම්පත්තිය හා පූජා කරන්නහු ගේ චේතනා සම්පත්තිය අනුව කිය යුතු ය. ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තු විෂයෙහි පුදපූජා පවත්වන්නේ තථාගතයන් වහන්සේ නමැති එක ම ප්‍ර‍තිග්‍රාහකයාට ය. එබැවින් ශාරීරිකාදි වස්තූන් අනුව කුශලයේ වෙනස්කමක් නො කිය හැකි ය.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll