Q. අභිධර්මය යනු කුමක්දැයි නොදැන ශබ්දයට පමනක් පැහැදීමෙන් දෙව්ලොව ඉපදුන වවුලන් 500 දෙනා ගේ පුවත ගැන, මා හටනම් අල්පමාත්‍රයක සැකයක් නැත. නමුත් එහිදී සිත් හටගන්නා (චිත්ත වීථි) ආකාරය පිලිබඳව මාගේ සොයුරෙක් මාගෙන් විමසයි. ඔහු පවසන්නේ මෙය ... පුද්ගලයන්ගේ සිත් තුල ශ්‍රද්ධාව ජනිත කිරීමට යොදා ගත් කතාවක් කියාය. ඔහු හට පහදා දීමට මා හට නොතේරෙන බැවින්... පිංවතුන් විසින් මා හට පහදා දෙන්න.
තෙරුවන් සරණයි!!!
A. දුගති අහේතුක (තිරිසන් / සතර ආපායික) සත්ත්වයන්ටත් මහා කුසල් 08 න් චිත්ත වීථි ලැබිය හැකි බැවින්, එහි ත්‍රිහේතුක සිත් හතරෙන් (විපාක වශයෙන් මහා විපාක ත්‍රිහේතුක 04න්) දෙව්ලොව ප්‍රතිසන්ධිය ලැබිය හැකි බව ද පෙන්වා දෙන්න. කර්ම-කර්මඵල ඇදහීම නොහොත් "ඥාන සම්ප්‍රයුක්ත වීම" පුද්ගල-කර්තෘභාවයෙන් පමණක් ම නොව ධර්මතාවයක් ලෙස (අභිධර්මයේ ගැඹුර නිසා) "ප්‍රඥා චෛතසිකය" යෙදීම ද ලෙස ගත යුතු/හැකි බව පෙන්වා දෙන්න.
[දුර්ගති අහේතුක සිත් 37 - අකුසල් සිත් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8 යන මේවා ය.
අපි ගොඩාක් දෙනා මැරිලා ආයෙ ඉපදෙන්නේ සතර අපායේ. තිරිසන් (ආපායික) සතුන්ට “කාමාවචර කුසල් සිත් 08” පහළ වෙන්නේ නැත්නම්, ත්‍රිහේතුකව හෝ ද්විහේතුකව කවදාවත් අය අපායෙන් වත් සංසාරෙන් වත් නිදහස් වෙන්න වෙන්නේ නෑ.]
{“ඔවුහු කාශ්‍යප බුද්ධ කාලයේ දී කුඩා කිරිවවුලන් වී එක් පර්වත බෑවුමක පර්වත පාදයක එබී සිට තෙරවරුන් දෙනමක් සක්මන් කරමින් අභිධර්මය සජ්ඣායනා කරන ස්වරයේ නිමිති ගෙන ඇසුහ. ඔවුහු මේ ස්ඛන්ධය යි මේ ධාතුයි යනුවෙන් නොදැන හඩ ඇසීමෙන් පමණක්ම ඉන් චුතව දෙලෝ ඉපිද එක් බුද්ධාන්තරයක් දිව සැප විඳ සැවැත් නුවර කුලගෙවල ජනිත වී යමක ප්‍රාතිහාර්යයෙන් පැහැදි පැවිදිවුහ. පැවිදිව සියල්ලන්ට පළමුව අභිධර්මය උගෙන සප්ත ප්‍රකරණීකයෝ වුහ. බුදුන් ද මේ අයුරින්ම තුන්මසක් අභිධර්මය දේශනා කළහ. දෙසුම කෙළවර අසූකෝටි දහසක් දෙවියන්ට ධර්ම අවබෝධය විය. මහාමායා දෙවිතුමා ද සෝවාන් ඵලයෙහි පිහිටියහ.”
"සාරිපුත්තත්ථෙරොපි සත්ථාරා දෙසිතං දෙසිතං ධම්මං ආහරිත්වා අත්තනො සද්ධිවිහාරිකානං පඤ්චන්නං භික්ඛුසතානං දෙසෙසි. තෙසං අයං පුබ්බයොගො – තෙ ¶ කිර කස්සපදසබලස්ස කාලෙ ඛුද්දකවග්ගුලියොනියං නිබ්බත්තා පබ්භාරෙ ඔලම්බන්තා ද්වින්නං ආභිධම්මිකභික්ඛූනං අභිධම්මං සජ්ඣායන්තානං සරෙ නිමිත්තං ගහෙත්වා කණ්හපක්ඛසුක්කපක්ඛෙ අජානිත්වාපි සරෙ නිමිත්තග්ගාහමත්තකෙනෙව කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තිංසු. එකං බුද්ධන්තරං දෙවලොකෙ වසිත්වා තස්මිං කාලෙ මනුස්සලොකෙ නිබ්බත්තා යමකපාටිහාරියෙ පසීදිත්වා ථෙරස්ස සන්තිකෙ පබ්බජිංසු. ථෙරො සත්ථාරා දෙසිතං දෙසිතං ධම්මං ආහරිත්වා තෙසං දෙසෙසි. සම්මාසම්බුද්ධස්ස අභිධම්මදෙසනාපරියොසානඤ්ච ¶ තෙසං භික්ඛූනං සත්තප්පකරණඋග්ගහණඤ්ච එකප්පහාරෙනෙව අහොසි."
“චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්‍රකරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුශල බලයෙන්න දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා!”