[Watch in 4K — Recommended Resolution.]


99. සිල් රකින්නේ ඇයි - කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මාර්ගඵලාවබෝධය පිණිස තිසරණ සහිත පංච ශීලයෙහි ඇති වැදගත්කම හා ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස ගිහි අය වශයෙන් ඊට පිවිසිය යුතු ආකාරය පහදා දෙන්න.

A. (බුදුදහමේ ඕනෑම) සීලය(ක්) ධර්ම මාර්ගයේ ගමන් කිරීමට / මාර්ග-ඵල ලැබීමට සැනසිල්ලක් - පිහිටක් (පිහිටා සිටන තැනක් / සරණක්) - රැකවරණයක්; සමාධියට උපකාරකයක්; ප්‍රඥාවෙන් (නුවණින්) රැකිය / රැකීමට පිවිසිය යුත්තක්.

[“අඛණ්ඩානි යනාදියෙහි සප්ත ආපත්ති ස්කන්ධයන්හි මුලින් හෝ අගින් හෝ ශික්ෂා පදයක් කැඩුනේ නම් ඔහුගේ ශීලය කෙළවරින් සිඳුණු සළුවක් මෙන් ‘ඛණ්ඩ’ නම් වෙයි. යමෙකුගේ මැදින් බිඳුණේ ද ඔහුගේ සිදුරු සහිත සළුවක් මෙන් ජීද්‍රය නම් වෙයි. යමෙකුගේ පිළිවෙළින් දෙකක් තුනක් සිල්පද බිඳුනේ ද ඔහුගේ සීලය පිටෙහි හෝ කුසෙහි හෝ මතුව සිටි විරුද්ධ වර්‍ණයෙන් කළු-රතු ආදීන් අතුරෙන් එක්තරා වර්‍ණයක් ඇති දෙනකගේ මෙන් සබල (කැලැල්) නම් වෙයි, යමෙකුගේ අතරතුර සිල් බිඳුනේ ද ඔහුගේ ශීලය අතරතුර විරුද්ධ බිංදුවලින් විසිතුරු වූ දෙනකගේ මෙන් කම්මාස (තිත්) නම්වෙයි. යමෙකුගේ වනාහි සියල්ලෙන් සියල්ල නොබිඳුනේද ඔහුගේ ඒ ශීලයෝ නොකැඩුණු නොසිඳුණු නොකැලල් නොතිත් නම් වෙත්. ඒවා තෘෂ්ණාවට දාසබවින් මුදා නිදහස් බව ඇතිකිරීමෙන් නිදහස් වූවෝ නම් වෙති. බුද්ධාදී ප්‍රාඥයන් විසින් පැසසූ බැවින් විඤ්ඤූපසත්‍ථ නම්වෙත්. තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොපැහැසුණු බැවින් ද ඔබ මෙයට පැමිණිවිරූයයි කවරකු විසින් හෝ දොස් පැවරීමට නොහැකි බැවින් ද නොපැහැසුනෝ වෙත්. උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය හෝ පවත්වත්නුයි සමාධිය සඳහා පවතින්නෝයි ද කියනු ලබත්.”

"අඛණ්ඩානීතිආදීසු යස්ස සත්තසු ආපත්තික්ඛන්ධෙසු ආදිම්හි වා අන්තෙ වා සික්ඛාපදං භින්නං හොති, තස්ස සීලං පරියන්තෙ ඡින්නසාටකො විය ඛණ්ඩං නාම. යස්ස පන වෙමජ්ඣෙ භින්නං, තස්ස ඡිද්දසාටකො විය ඡිද්දං නාම හොති. යස්ස පටිපාටියා ද්වෙ තීණි භින්නානි, තස්ස පිට්ඨියං වා කුච්ඡියං වා උට්ඨිතෙන විසභාගවණ්ණෙන කාළරත්තාදීනං අඤ්ඤතරවණ්ණා ගාවී විය සබලං ¶ නාම හොති. යස්ස අන්තරන්තරා භින්නානි, තස්ස අන්තරන්තරා විසභාගබින්දුවිචිත්‍රා ගාවී විය කම්මාසං නාම හොති. යස්ස පන සබ්බෙන සබ්බං අභින්නානි, තස්ස තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි නාම හොන්ති. තානි පනෙතානි තණ්හාදාසබ්‍යතො මොචෙත්වා භුජිස්සභාවකරණතො භුජිස්සානි, බුද්ධාදීහි විඤ්ඤූහි පසත්ථත්තා විඤ්ඤුප්පසත්ථානි, තණ්හාදිට්ඨීහි අපරාමට්ඨත්තා “ඉදං නාම ත්වං ආපන්නපුබ්බො”ති කෙනචි පරාමට්ඨුං අසක්කුණෙය්‍යත්තා ච අපරාමට්ඨානි, උපචාරසමාධිං අප්පනාසමාධිං වා සංවත්තයන්තීති සමාධිසංවත්තනිකානීති වුච්චන්ති."

T. 79. වත‍්තං අපරිපූරෙන‍්තො න සීලං පරිපූරති
අසුද‍්ධසීලො දුප‍්පඤ‍්ඤො චිත‍්තෙකග‍්ගං න වින්‍දති.

වත්තං අපරිපූරෙන්තො, න සීලං පරිපූරති;
අසුද්ධසීලො දුප්පඤ්ඤො, චිත්තෙකග්ගං න වින්දති.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll