104. යාග - හෝම - බලි - බිලි පූජා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. එක් කථාවක් මම අහල තියෙනවා  සතුන් මරා  බිලි පූජා කරන  බමුණෙක් ගැන. මතක විදිහට මේ වගේ.
මේ බමුණා බුදු රජාණන් වහන්සේට කියනවා බිලිපූජා කරන සතුන් ස්වර්ගයට යනවා කියල. එතකොට බුදු රජාණන් වහන්සේ බමුණා ගෙන් විමසනවා බමුණාගේ  හිතවත්  අයත්   ස්වර්ගයට යනවාට කැමතිද කියල. බමුනා ඔව්  කිව්වහම බුදු රජාණන් වහන්සේ විමසනවා එහෙමනම් තමන්ගේ හිතවත් අයත් ඒ විදිහට බිලි දෙන්නේ නැත්තේ ඇයි කියල. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඒ බිලි පූජා හරසුන්, නිරර්ථක , අකුසල ක්‍රියා බව. මේ කථාවට  මූලාශ්‍රයක් දක්වන්න පුළුවන් ද ?

A. කණගාටුයි - ඇත්තට ම අපි දන්නේ නම් නැහැ. ඔබේ මතකය නිවැරදි ම යැයි කිව නොහැකි බැවින්, නිශ්චිත නමක් / ගමක් / තැනක් (වැනි මූලපදයක් - keyword) ලබා දෙන්නේ නම් සොයා බැලිය හැකියි.

ඔබ ලබා දී ඇති ඉඟි අනුව සොයා බැලීමක් කරනු ලැබුවා, සොයාගත නොහැකි වූ නිසාවෙනි මූලපදයක් ඉල්වා සිටියේ - මෙය “නිශ්චිත” මූලපදයක් නොමැතිව සොයා ගැනීමට අපහසුයි.

කෙසේ වෙතත්, බුදුදහම, අනුවණ යාග - හෝම - බලි - බිලි පූජාදිය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව සැවොම පාහේ දන්නා කරුණකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll