41. වාද විවාද අත්‍යවශ්‍ය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වාද විවාද අත්‍යාවශ්‍ය වනුයේ ඇයි? 

A. (අනවශ්‍ය වාද විවාද ගැන නොවේ - එක් අවශ්‍ය වාදයක් පිළිබඳව.)

නැවත හොඳින් බලන්න - අප කළේ ඔබගෙන් ප්‍රතිප්‍රශ්න නැඟීම පමණි. වාද-විවාද- ප්‍රතිප්‍රශ්න නොනඟා සත්‍ය මතු කරගන්නේ කෙසේද? අනෙක් අතට ඔබයි මුලින්ම අපේ දහම් දැනුම පරීක්ෂාවට සැරසුණේ. ඇඩ්මින්ලාට හා මොඩරේටර්ලාට මීට වඩා ඉවසීම හා යහ-ගුණාංග තිබිය යුතුය. ඇඩ්මින්ලා හා මොඩරේටර්ලා වශයෙන් අපි මීට වඩා සිය-දහස් ගුණයක් ඉවසන හා කල්පනාකාරී වන බව ඔබට අත්දැකීමෙන් ම කියනු කැමැත්තෙමු. (පරිණත වන විට ඔබටත් වැටහේවි.) ඇඩ්මින්ලාගේ හෝ මොඩරේටර්ලාගේ තර්ජන-ගර්ජන අණ-පනත් වලට සාමාජිකයන් දණගස්වා ගත නොහැක. අප ඔබට අනුකම්පා කරමු.

අපට එවැනි දෙයක් මතකවත් නැත; නමුත් එවැනි දෙයක් ඔබේ සිතේ තවමත් ඇති බවක් පෙනේ - “ධර්ම විකෘති” “මුණිවත” ආදී චෝදනා වචනවලින් එය ශපථ කරයි. එබැවින් ම ඔබට ආරාධනා කළේ “ධර්ම විකෘති” පෙන්වා දීමට; එවිට අපට ඒවා “ධර්ම ප්‍රකෘති” බවට පත් කළ හැක. එම ආරාධනය සැමදාටම විවෘතය.

නාමිකව හෝ නිර්නාමිකව හෝ අප ස්වාධීනව ධර්මය වෙනුවෙන් පෙනී සිටින්නේ ස්වයං-පාලනයක්, ස්වයං-වාරණයක් හා ස්වයං-නියාමනයක් ඇතිවය. හිතාමතා හෝ නොහිතා හෝ ධර්මය නොකෙලෙසන බැවින් ද වල්-බූරු නිදහසක් අත් නොවිදින බැවින් ද කාගේ හෝ නියාමනයක් අවශ්‍ය නොවේ.

කාල-වේලා ගැටළුව හා අනවශ්‍ය වාද-විවාදවලට ඇති අකමැත්ත ම මිස, ඕනෑම ප්‍රශ්නයකට හෝ වාද විවාදයකට හෝ තර්කයකට “ධර්මයේ නාමයෙන්” “ධාර්මිකව ම” හෝ “අවශ්‍ය පුද්ගලයාට / අවශ්‍ය අවස්ථාවට” අනුකූලව පෙනී සිටීමට “මුණිවත” රැකීමක් අපට නැත.

“ධර්මය” වෙනුවෙන් පෙනී සිටීමට ම මිස; ධර්මයේ නාමයෙන් හෝ ඇතැම් හිමිවරුන්ගේ නාමයෙන් තමාගේම බල පුළුවන්කාරකම් හෝ පාණ්ඩිත්‍යම පෙන්වීම හෝ තමා ම හුවා දැක්වීමට අපගේ ලාමක ආශාවන් ද නැත.

[Gruop එකක් හදාගෙන ඇඩ්මින්ලා මොඩරේටර්ලා වී ලොකුකම් පෙන්වීමේ ලාමක අදහස් ද නැත; මෙම කණ්ඩායමේ ද “මූණ බලා” තනතුරු නොදෙන බව දැනට විශ්වාස කරමු.]

{ඇඩ්මින් කෙනෙක් වශයෙන් කණ්ඩායමේ ප්‍රගමනයට හා යහපැවැත්මට ඔබගේ දූරදර්ශී නුවණ අත්‍යවශ්‍ය බව යෝජනා කරමු!}

ඔබගේ ඕනෑම පෙන්වා දීමකට, කල්වේලා ඇති පරිදි අප සදා ගරුකරන ත්‍රිපිටක පොත් වහන්සේ හා ඒ ආශ්‍රිත ග්‍රන්ථ සහ රේරුකානේ නා හිමියන් හා නා උයනේ නා හිමියන්ගේ ධර්මඥානය ඇසුරින් පිළිතුරු දීමට අප සූදානම්. තෙරුවන් සරණයි!

කියලා මං අහපු ප්‍රශ්නයට පහත උත්තරය දීලා තියෙනවා නොදැකීම තමා කණගාටුව.

>>>ස්තුතියි - නමුත් එය මා විසින් නඟන ලද පටිපුච්ඡා පැනයකි. තෙරුවන් සරණයි!<<<

කාට කවුරුත් warn කරත් නැතත්, ගොඩක් ඇඩ්මින්ලට කරන්ඩ පුළුවන් උපරිම දේ group එකෙන් remove කරන එක විතරයි.

කොහේ කොහොම අදහස් පළකළත් ධර්මානුකූල අදහස් නොවෙන යමක් තියනවා නං ස්ථිරව පෙන්වා දෙන්න ගොඩක් අයට බෑ.

මා විසින් පළකළ ධර්මානුකූල නොවන අදහසක් පෙන්වා දිය හැකි ද? - ප්‍රවර්ධනයක් වශයෙන් නොව සදාචාරාත්මක භාවය උදෙසා ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll