174. ස්ත්‍රී ආත්මයෙන් මිදෙන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ස්ත්‍රීයක් තමන්ගේ ස්ත්‍රී ආත්මයෙන් මිදීමට කලයුත්තේ කුමක්ද?

A / T. ස්ත්‍රී  තණ්හාවෙන් ක්‍රමක්‍රමයෙන් (ටිකින් ටික) ඉවත්වන අතර, ක්‍රමක්‍රමයෙන් (ටිකින් ටික) පුරුෂ තණ්හාවෙන් පුරුෂ ආත්ම-භාවයක් පතා (අරමුණු කොට), පිං / කුසල් කිරීමෙන් (හා පව් / අකුසල් නොකිරීමෙන්), පුරුෂයෙකු වී ඉපදිය හැකි බව පහත උපුටනය තුළින් ගම්‍ය කරගත හැක.

"... සත්ත්ව ශරීරවල පමණක් නොව තෘෂ්ණාවේ ද ස්ත්‍රී පුරුෂ භේදය ඇත්තේ ය. ස්ත්‍රීන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ව ඔවුන් කෙරෙහි ඇති වන තෘෂ්ණාව ස්ත්‍රීතෘෂ්ණාව ය. පුරුෂයන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ව ඔවුනට ඇති වන තෘෂ්ණාව පුරුෂ තෘෂ්ණාව ය. භවයෙහි සත්ත්වයාගේ නැවත නැවත ඉපදීමට තෘෂ්ණාව ද බලවත් හේතුවකි. අප්‍ර‍හීණත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන කල්හි ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම ස්ත්‍රී භාවරූපය ද ඇති වේ. අප්‍ර‍හීණත්වයෙන් පුරුෂ තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම පුරුෂ භාව රූපය ද ඇති කරනු ලැබේ. ප්‍ර‍තිසන්ධි චිත්තයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ස්ත්‍රීන් කෙරෙහි ඇති වන කර්ම අප්‍ර‍හීණත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත වන බැවින් ද, පුරුෂයන් කෙරෙහි ඇති වන කර්ම පුරුෂ තෘෂ්ණා සහගත වන බැවින් ද ජාතියෙන් ජාතිය ස්ත්‍රීහු ස්ත්‍රීන් ව ම ද, පුරුෂයෝ පුරුෂයන් ව ම ද උපදිති. එය වෙනස් වන්නේ එසේ නො වීමට යම්කිසි විශේෂ හේතුවක් ඇති වුවහොත් පමණකි. ..."


තව ද,

"කාම මිථ්‍යාචාරයේ විපාක.

කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නො මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති."


A / T. “ඉතිකුමාරි කථාව” (එහි ගැඹුර / සුලමුල / ධර්මානුකූලභාවය ආදිය) කෙසේ වෙතත්, එය ස්වාමියෙක් නැති ස්ත්‍රියකට අදාළ නොවන අතර, ඕනෑම ස්වාමියෙක් (පාහේ) තමාගේ බිරිඳට පිරිමි බව ලැබීමට අවසර දෙනු ඇති. අවශ්‍ය ම නම් ඉල්වා සිටින්න.

A / T. ... “මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියාව ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ස්ත්‍රියගේ මානවිධාව ස්ත්‍රියගේ ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්‍ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අභිරත වූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නො ඉක්මවයි.” ....

මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී විධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාර මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කරයි. ඕ එහි රක්ත නො වූවා එහි අභිරත නො වූවා බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව, පුරුෂච්ඡන්‍දය, පුරුෂශබ්දය, පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. ඕ එහි නො රැඳුනී. එහි අනභිරත වූවා බාහිර සංයෝගය නො කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙක් වේ නම් එය ද නො පතයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අනභිරත වු සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙ සෙයින් ස්ත්‍රී ස්ත්‍රී භාවයට ඉක්මවයි.” ...


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll