143. සොළොස් ඥානචර්යා මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන්සරනයි! සොළොස් ඤාණචර්යාවන් පිලිබද පැහැදිලි කිරිමක් කරන්න?

A. සෝළසහි ඤාණචරියාහි යනු: කවර සොළොස් ඥානචර්‍ය්‍යායෙන යත්: අනිච්චානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, දුක්ඛානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, අනත්තානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිබ්බිදානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විරාගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිරෝධානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, පටිනිස්සග්ගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විවට්ටානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, ස්‍රෝතාපත්තිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හන්මාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හත්ඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි. මේ සොළොස් ඥානචර්‍ය්‍යායෙනි.


“අනිත්‍යානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනිත්‍යානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. දුඃඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දුඃඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. අනාත්මානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනාත්මානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. නිර්වේදානුදර්‍ශනය පිණිස විරාගානුදර්‍ශනය පිණිස ... නිරෝධානුදර්‍ශනය පිණිස ... පටිනිස්සග්ගානුදර්‍ශනය පිණිස ... ක්‍ෂයානුදර්‍ශනය පිණිස ... ව්‍යයානුදර්‍ශනය පිණිස ... විපරිණාමානුදර්‍ශනය පිණිස … අනිමිත්තානුදර්‍ශනය පිණිස ... අප්‍රණිහිතානුදර්‍ශනය පිණිස ... ශූන්‍යතානුදර්‍ශනය පිණිස ... අධිප්‍රඥාධර්‍මානුදර්‍ශනය පිණිස … යථාභූතඥානදර්‍ශනය පිණිස ... ආදීනවානුදර්‍ශනය පිණිස ... පටිසඞ්ඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ පටිසඞ්ඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. විවට්ටානානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යැ ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අර්‍හත්‍වමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ අර්‍හත්‍වඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි.

ඥානචර්‍ය්‍යා යනු: කවර අරුතෙකින් ඥානචර්‍ය්‍යා වෙයි යත්:

රාග රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මාන රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, රාගයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මානයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටියෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍යයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සායෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශයයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කුශලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අකුශලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සාවද්‍යකර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනවද්‍යකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කෘෂ්ණකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛොදයකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛොදයකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛවිපාක වූ කර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛවිපාක වූ කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, යථාස්වභාවය වූ ඥානාලම්බනයෙහි හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, උක්තප්‍රකාර වූ ඥානයාගේ මෙබඳු වු චර්‍ය්‍යාව වේ නු යි ඥානචර්‍ය්‍යා යැ. මේ ඥානචර්‍ය්‍යා යි.

විඥානචර්‍ය්‍යාව අනෙකක, අඥානචර්‍ය්‍යාව අනෙකක, ඥානචර්‍ය්‍යාව අනෙකකැ’යි ඒ චර්‍ය්‍යානානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “චරියාවවත්‍ථානෙ පඤ්ඤා චරියානානත්තේඤාණං’යි.”


[A. කතමා ඤාණචරියා? අනිච්චානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා; අනිච්චානුපස්සනා ඤාණචරියා. දුක්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා; දුක්ඛානුපස්සනා ඤාණචරියා. අනත්තානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා ¶ විඤ්ඤාණචරියා; අනත්තානුපස්සනා ඤාණචරියා. නිබ්බිදානුපස්සනත්ථාය…පෙ… විරාගානුපස්සනත්ථාය… නිරොධානුපස්සනත්ථාය… පටිනිස්සග්ගානුපස්සනත්ථාය… ඛයානුපස්සනත්ථාය… වයානුපස්සනත්ථාය… විපරිණාමානුපස්සනත්ථාය… අනිමිත්තානුපස්සනත්ථාය… අප්පණිහිතානුපස්සනත්ථාය… සුඤ්ඤතානුපස්සනත්ථාය… අධිපඤ්ඤාධම්මානුපස්සනත්ථාය… යථාභූතඤාණදස්සනත්ථාය… ආදීනවානුපස්සනත්ථාය… පටිසඞ්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්‍යාකතා විඤ්ඤාණචරියා; පටිසඞ්ඛානුපස්සනා ඤාණචරියා. විවට්ටනානුපස්සනා ඤාණචරියා. සොතාපත්තිමග්ගො ඤාණචරියා. සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා. සකදාගාමිමග්ගො ඤාණචරියා. සකදාගාමිඵලසමාපත්ති ඤාණචරියා. අනාගාමිමග්ගො ඤාණචරියා. අනාගාමිඵලසමාපත්ති ඤාණචරියා. අරහත්තමග්ගො ඤාණචරියා. අරහත්තඵලසමාපත්ති ඤාණචරියා.
ඤාණචරියාති කෙනට්ඨෙන ඤාණචරියා? නීරාගා චරතීති – ඤාණචරියා. නිද්දොසා චරතීති – ඤාණචරියා…පෙ… නානුසයා ¶ චරතීති – ඤාණචරියා. රාගවිප්පයුත්තා චරතීති – ඤාණචරියා. දොසවිප්පයුත්තා චරතීති – ඤාණචරියා. මොහවිප්පයුත්තා චරතීති – ඤාණචරියා. මානවිප්පයුත්තා…පෙ… දිට්ඨිවිප්පයුත්තා… උද්ධච්චවිප්පයුත්තා… විචිකිච්ඡාවිප්පයුත්තා… අනුසයවිප්පයුත්තා… කුසලෙහි කම්මෙහි සම්පයුත්තා… අකුසලෙහි කම්මෙහි විප්පයුත්තා… සාවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා… අනවජ්ජෙහි කම්මෙහි සම්පයුත්තා… කණ්හෙහි කම්මෙහි ¶ විප්පයුත්තා… සුක්කෙහි කම්මෙහි සම්පයුත්තා… සුඛුද්‍රයෙහි කම්මෙහි සම්පයුත්තා… දුක්ඛුද්‍රයෙහි කම්මෙහි විප්පයුත්තා… සුඛවිපාකෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති – ඤාණචරියා. දුක්ඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ¶ – ඤාණචරියා. ඤාතෙ චරතීති – ඤාණචරියා ¶. ඤාණස්ස එවරූපා චරියා හොතීති – ඤාණචරියා. අයං ඤාණචරියා. අඤ්ඤා විඤ්ඤාණචරියා, අඤ්ඤා අඤ්ඤාණචරියා, අඤ්ඤා ඤාණචරියාති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති – “චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං”.

සොළසහි ඤාණචරියාහීති කතමාහි සොළසහි ඤාණචරියාහි? අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛානුපස්සනා ඤාණචරියා, අනත්තානුපස්සනා ඤාණචරියා, නිබ්බිදානුපස්සනා ඤාණචරියා, විරාගානුපස්සනා ඤාණචරියා, නිරොධානුපස්සනා ඤාණචරියා, පටිනිස්සග්ගානුපස්සනා ඤාණචරියා, විවට්ටනානුපස්සනා ඤාණචරියා, සොතාපත්තිමග්ගො ඤාණචරියා, සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා, සකදාගාමිමග්ගො ඤාණචරියා, සකදාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අනාගාමිමග්ගො ඤාණචරියා, අනාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අරහත්තමග්ගො ඤාණචරියා, අරහත්තඵලසමාපත්ති ඤාණචරියා – ඉමාහි සොළසහි ඤාණචරියාහි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll