Q. එක්වර අප තුල පහල වන්නේ එක සිතකි. එය සම්පූර්ණයෙන් නිරුද්ද වූ පසු එය හා බැඳී හිස් නොවන සේ තව සිතක් පහල වෙයි. සිත් හා බැඳී එකට ඉපිද, පැවත, භංග වන පරමාර්ථ ධර්මයකි, චෛතසික. මගේ ප්‍රශ්නය වනුයේ, එක සිතක් සමග එකවර පහල වීමට හැකි වන්නේ එක චෛතසිකයකට පමණද? නැතිනම්, එක සිතක් සමග චෛතසික කිහිපයක් පහල වෙනවද යනුය. තෙරුවන් සරණයි!
A. එක සිතක් සමඟ අවම වශයෙන් එකට ම චෛතසික හතක් (07) පහළ වෙනවා; උපරිම වශයෙන් චෛතසික තිස් හතක් (37) ක් පහළ වෙනවා.