Q. සතුන් මරන්නේ නැ කියලා ශික්ෂා පදයක් සමාදම් වෙන එක අන්තගාමි විමක් නෙවේද?
රුපස්කන්දයත්, වෙදනා, සංඤා, සංස්කාර, විංඤාණ ස්කන්දයත් කියන පංචස්කන්දයම සත්වයෙක් පුද්ගලයෙක් නොවෙද්දි මේ විදිහට සත්තු මැරිමෙන් වලකින්න කියලා ශික්ෂා පදයක් සමාදම් විම අන්තගාම් විමක් නෙවේද?
A / T. පරමාර්ථ වශයෙන් නොවුණත්, සම්මුති වශයෙන් සත්ත්වයෙක් ඉන්නවා; සම්මුතිය පරමාර්ථයත් එක්ක (හෝ අනිත් අතට හෝ) පටලවා අරන්, ඒ දෙක කලවම් කරලා ගත්තම කාට වුණත් වරදිනවා; අජිත කේසකම්බලී හෝ පූර්ණ කාශ්‍යප වගේ වෙනවා.
සම්මුති ප්‍රශ්න සම්මුතියෙන් හා පරමාර්ථ ප්‍රශ්න පරමාර්ථවලින් විසඳගන්න එක තමා බුදු දහම.
Q. හරි සම්මුතිය ඔන නැ.. අපි පරමාර්ථව කතා කරමු..
A. එතකොට පකුධකච්චායන වගේ වෙනවා.
[පහත Kapila Perera මයා විසින් ලබා දී ඇති පිළිතුර ඉතා හොඳ පරමාර්ථමය පිළිතුරක්.]
A. අභිධර්මය පරිශීලනය කරලා සම්මුති සත්‍යයේ හා පරමාර්ථ සත්‍යයේ වෙනස පැහැදිලිව අවබෝධ කරගන්න. ඔබ කීවේ පරමාර්ථ ධර්ම ගැන. ඒ ක්‍රමයටම පිළිතුරු දෙනවා නම් මෙහෙමයි.
ප්‍රාණඝාත අකුශලය සිදුකිරීමේ දී ඇතිවන්නේ වධක චේතනාව සහිත ද්වේෂ සිත් දෙකෙන් එකක් වූ "දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත" යි.
දැන් ඔබ ම නුවණින් මෙනෙහි කරන්න. ද්වේෂ සිතෙන් කරන ක්‍රියාව කුසලයක් ද? අකුසලයක් ද? කියලා.
Q. මේක යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ උත්තරයක්...
A. සම්මුති වශයෙන් සත්ත්වයෙක් හිතාමතා මැරුවත්, දුගතියේ යන්න වෙනවා හෝ දුක් විපාක විඳින්න වෙනවා (හෝ ඒ දෙක ම).
පරමාර්ථ වශයෙන් එකතු වී ඇති ස්ඛන්ධ භේදයක් (බිඳීමක්) හිතාමතා කරත්, (එවිට ඇතිවෙන ද්වේශ සහගත සිත් නමැති පරමාර්ථ ශක්ති නිසා) දුගතියේ ස්කන්ධ පහළ වීම හෝ දුක් විපාක ලැබීම වෙනවා (හෝ ඒ දෙක ම).
T. “ඇතැම් මිථ්‍යාදෘෂ්ටිකයෝ දෙවියන් සතුටුකොට දෙව්ලොව යන බලාපොරොත්තුවෙන් දෙවියන් පිදීම සඳහා සතුන් මරති. ඇතැම්හු දෙවියන් සතුටු කරවනු පිණිස දන්දීම සඳහා සතුන් මරති. ඇතැම්හු ‘සත්ත්වයෝ මනුෂ්‍යයා ගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් මවන ලද්දෝ ය’ යි සලකා ගෙන සතුන් මරති. ඇතැම්හු මහායාග පවත්වනු පිණිස බොහෝ සතුන් මරති. මරවති. මේ දිට්ඨුපාදානය නිසා ප්‍රාණඝාත කර්මය සිදුවන සැටි ය.”
“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති කාපොතකානි අට්ඨිනි භවිස්සන්ති, භස්මන්තා ආහුතියො. දත්තුපපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාද, වදන්ති බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති න හොන්ති පරම්මරණා.”
යනුවෙන් දැක්වෙන දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත, පුද පඬුරු යැවීමෙන් පලක් නැත, පින් පව්වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමෙක් නැත, මවට කරන හොඳ නරකවලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵලවිපාකයක් නැත. මළ පසු නැවත උපදනා සත්ත්වයෙක් නැත. ලෝකයෙහි යම්කිසි යහපත් ප්‍රතිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින් ම ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙක ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන ප්‍රකාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මිත ය. සත්ත්වයා මළ කල්හි ශරීරයේ පෘථිවි ධාතුව බාහිර පෘථිවි ධාතුවට එක් වන්නේ ය. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වන්නේ ය. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වන්නේ ය. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වන්නේ ය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. පුරුෂයෝ සතර දෙනෙක් සොහොන දක්වා මළ සිරුර ගෙන යන්නාහ. අසවලා දායකයෙක, සිල්වතෙක, අසවලා මසුරෙක, දුශ්ශීලයෙක යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැ වන්නාහ. දාන පූජාවෝ හළුවීම කෙළවර කොට ඇත්තෝ ය. දානය මෝඩයන් විසින් පනවන ලද්දකි. යමෙක් දානයෙන් ඵල ඇති බව කියත් ද ඔවුන්ගේ ඒ කීම හිස් ය. බොරු ය. නන් දෙඩවීමක් ය. බාල වූ ද පණ්ඩිත වූ ද සියල්ලෝ ම මරණින් සිඳෙන්නාහ. මතු නූපදින්නාහයි ප්‍රකාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිථ්‍යාදෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය ය."
“කරොතො ඛො මහාරාජ! කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණාති පාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං”
යනාදීන් දක්වන ලද “තමා විසින් ම පව්කරන්නා හට ද, අනුන් ලවා පව් කරවන්නා හට ද, අනුන්ගේ අත් පා ආදිය සිඳින්නා වූ තැනැත්තාට ද, සිඳවන්නා වූ තැනැත්තා හට ද, ද දඬු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හට ද, පෙළවන්නා වූ තැනැත්තා හට ද, වස්තුව පැහැරගැනීම් ආදියෙන් අනුන් ශෝක කරවන්නා හට ද, අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නා වූ තැනැත්තාට ද, ආහාර නො දීම් සිර කිරීම් ආදියෙන් අනුන් වෙහෙස වන්නා වූ තැනැත්තා හට ද, අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තා හට ද, අනුන්ට පීඩා කිරීම් වශයෙන් තමා ද සැලෙමින් අනුන් ද සොලවන්නා වූ තැනැත්තාට ද, ප්‍රාණඝාතය කරන්නා හට ද, සොරකම් කරන්නා හට ද, ගෙවල් බිඳින්නා හට ද, ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හට ද, එක් ගෙයක් වට කොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, මඟ රැකසිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තා හට ද, බොරු කියන්නා හට ද, ඕනෑකමින් ම පව් කරන්නා හට ද, සිදුවන්නා වූ පාපයක් නැත. පොළොවෙහි ඇති තාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තා හට ද එයින් වන පාපයක් නැත. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක් ද නැතැ’යි පූර්ණ කාශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දෘෂ්ටිය අක්‍රිය දෘෂ්ටිය ය.
“ස්වාමීනි, මා මෙසේ කී කල පකුධකච්චායන මට මෙසේ කීය:- ‘මහරජ, නොකරණ ලද්දාහුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දාවුද, නොමවන ලද්දාවූ වඳවූ හෙවත් කිසිවකු නූපදවන්නාවූ, පර්වතයක් මෙන් නොසෙලවී සිටියාවූ, තදින් පිහිටුවන ලද කණුවක් මෙන් නිශ්චලවූ (සමූහයෝ) සත් දෙනෙක් වෙත්. ඔවුහු කම්පා නොවෙත්, නොපෙරළෙත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ කිසිවක් කිරීමට සමත් නොවෙත්. කවර (සමූහ) සතක්ද යත්: පඨවිය හෙවත් පඨවී සමූහය, ආපො සමූහය, තෙජො සමූහය, වායො සමූහය, සැපය, දුකය, සත්වැනිවූ ප්‍රාණය යන මොහුය මේ සමූහ සත කිසි හේතුවකින් නොකරණ ලදහ. මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලදහ. කිසිවකු විසින් හෝ කිසිවකු ලවා නොමවන ලද්දෝය. කිසිවකු නූපදවන්නෝය. පර්වතයක් මෙන් ස්ථිරව සිටින්නෝය, මන්දාර පර්වතයක් මෙන් නොසෙල්වී සිටින්නෝය. කම්පා නොවන්නෝය. ස්වභාගතිය නොහරින්නෝය. ඔවුනොවුන් පීඩා නොකරන්නෝය. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ සමත් නොවන්නෝය. ඒ ප්‍රාණය සත්වැනි කොට ඇති සමූහයන්හි හිංසා කරන්නෙක් හෝ කරවන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත්තේය. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද කිසිවෙක් කිසිවකු ජීවිතයෙන් තොර නොකරයි. පඨවි ආදී සත්වැදෑරුම් සමූහයන් අතරින් එහි සිදුරෙන් ආයුධයක් ඇතුළු වෙයි."
‘‘එවං වුත්තෙ, භන්තෙ, පකුධො කච්චායනො මං එතදවොච - ‘සත්තිමෙ, මහාරාජ, කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති , න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත? පථවිකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක්ඛෙ, ජීවෙ සත්තමෙ - ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා, සොතා වා සාවෙතා වා, විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කිඤ්චි (කඤ්චි (කං.)) ජීවිතා වොරොපෙති; සත්තන්නං ත්වෙව (සත්තන්නං යෙව (සී. ස්‍යා. කං. පී.)) කායානමන්තරෙන සත්ථං විවරමනුපතතී’ති.
"යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නොකරන ලද නොකළ විධාන ඇති නොමැවුණ නොමවන ලද වඳ වූ පර්‍වත කූටයක් මෙන් සිටි ඉන්‍ද්‍රකීලයන් සේ නොසැලී තිර වැ සිටි මේ සප්ත කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවීකාය යැ, ආපෝ කාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ සුඛ යැ, දුක්ඛ යැ, ජීවය”යි. මේ සත්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ, නොමැවුණහ, නොමවන ලදහ, වඳයහ, පර්‍වතකූටයක් සෙයින් සිටියහ. ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙත්, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි, වැලි සත් කය අතරින් ම සැත විවරයට පිවිසේ."