151. ආයු - වර්ණ - සැප - බල වැඩෙන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සතර සෘද්ධිපාද වැඩුවොත් ආයු, වර්ණ, සැප, බල වර්ධනය වෙනව කියල ත්‍රිපිටකේ තියෙනවද?

A. “ආයුෂයෙන් වැඩීමට කැමති ඔබ විසින් මේ සතර ඉද්ධිපාද වැඩිය යුතුයයි දක්වන්නාහ.”

“වර්ණයෙන් වැඩීමට කැමති ඔබ විසින් සීල සම්පන්න විය යුතුයයි දක්වන්නාහ.”

“ඔබ සැපෙන් වැඩීමට කැමති නම් මේ සතර ධ්‍යාන වැඩිය යුතුය.”

“භෝගයේ වැඩීමට බ්‍රහ්ම විහාර වැඩිය යුතුයි.”

“ඒ බලයෙන් වැඩීමට කැමති ඔබ රහත් බවට පැමිණීමට හේතුවන යෝග කළ යුතුය.”

[ඉහත / පහත උපුටනවල තවත් විස්තර ඇති බැවින් අදාළ සබැඳිවලින් ළඟා වෙන්න.]

A. “නිති සිල්වතුන් වඳිනා
වැඩිහිටියන් පුදනා
ඔහු ආයු රුව සැප බල
යන කරුණෙන් වැඩී යයි”

“... චත්තාරො ධම්මා වඩ්ඪන්ති යනු ආයු වර්ධනය වේ. යම්තාක් කල් ආයු වැඩේ නම් ඒතාක් කල් අනිත් ගුණද වැඩෙයි. යමෙක් ප්‍රඥාවෙන් ආයුසංවත්තනික කුසලක් කළවිට, විසිපස් වෙනි වියෙහි ඔහුට ජීවිත අනතුරක් ආවත්, යටකී පිනෙන්, අභිවාදනශීලී වන හෙයින් උවදුරු නැතිව ගොස් නියම ආයු ප්‍රමාණයම ජීවත් වෙයි. රූපශ්‍රීය ආදියද ආයුෂය සමගම වැඩිවෙයි. ...”

A. “අසනු කැමැත්ත බහුශ්‍රැතභාවය වඩයි. ශ්‍රැතය ප්‍රඥාව වර්ධනය කෙරෙයි. ප්‍රඥායෙන් අර්‍ත්‍ථය දැනගනී. දැනගන්නා ලද අර්‍ත්‍ථය තෙමේ සුව එළවයි.”

“චෙතසො උපක්කිලෙසො - පංච නීවරණ සිත කෙළෙසති. කිලිටි කරති. තවත්, වෙහෙසති. එහෙයින් චෙතසො උපක්කිලෙසෙහි කියනු ලැබේ. පඤ්ඤාය දුබ්බලී කරණෙ - නීවරණ උපදිමින් නූපන් ප්‍රඥාවට ඉපදීමට නොදේ. එනිසා නුවණ දුර්වල කෙරේ යයි කියනු ලැබේ. සුපතිට්ඨිත චිත්තා - සතර සීවටන්වල හොඳින් පිහිට වූ සිත, සත්තබොජඣංගෙ යථාභූතං - සප්ත බොධ්‍යංග යථා ස්වභාවයෙන් වඩා. අනුත්තරං සම්මා සම්බොධිං - සර්වඥතා ඤාණය පිළිවිදියේ යයි දක්වයි.”

A. “... යම් ගුණ වශයෙන් උපකාර වශයෙන් පෝෂණය පිණිස දෙන ලද මෙය නොගන්නා ලදි. යම් පිඬක් පිඬු භාගයක් දෙන ලද ද එය නොගන්නා ලදි. යම් හෙයකින් බලු ඌරු කවුඩු යනාදීන් අතුරෙන් යම්කිසි පැමිණි සතෙකුට අනුසස් කැමැත්තෙන් යම් පමණ දෙන ලදද මෙය සඳහා කියන ලදි. .... මේ දානය ආයුෂ සීයක් ද වර්ණ සීයක් ද සැප සීයක් ද බල සීයක් ද නුවණ සීයක් දැයි පන්සීයක් ආනිසංස දෙයි. ආත්ම සීයක ආයුෂ දෙයි. වර්ණය බලය සැපය නුවණ දෙයි. මේ ක්‍රමයෙන් සියලු තැන්හි ම දත යුතුය.”

{අභිධර්මය: https://tipitaka.lk/atta-dn-2-3/143-3/sinh}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll