[Watch in 4K — Recommended Resolution.]


231. අනිත්‍ය (/සෙzප්ටෝසෙකන්ඩ්/යොක්ටෝසෙකන්ඩ්) බොරු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අනිත්‍යවීම පසුකාලීනව එකතුවී ඇති දෙයක් හරි, විශ්වාස කරන්න බැරි දෙයක් හරි නෙවෙයිද? මොකද මං එහෙම කියන්නේ, තප්පරයකට ලක්ෂ කොටි ගණන් වාර ගානක් සිදුවෙන දෙයක්ලු නේද අනිත්‍යය. එහෙම වේගවත් දෙයක් වෙන්න තප්පරය කීයට බෙදන්න වෙයිද? එහෙම බෙදූ කොටසක් අද විද්‍යාවට අහු නොවී තියෙන්න පුළුවන්ද?

A. අද විද්‍යාවට අනුව සොයාගෙන ඇති කුඩා ම කාලය සෙzප්ටෝතත්පරය (සෙzප්ටසෙකන්ඩ්/සෙzප්ටසෙකන්ට්) වන අතර; සෙzප්ටෝ තත්පරය යනු: තත්පරය, එකයි බින්දු 21න් බෙදූ විට ලැබෙන සංඛාවයි, එනම් තත්පරය බිලියනයෙන් බෙදා, ඒ එන එක් කොටසක් නැවත ට්‍රිලියනයෙන් බෙදූ විට එන ගණනයි.

["යොක්ටෝසෙකන්ඩ්" (යොක්ටෝසෙකන්ට්) නමැති ඊටත් වඩා කුඩා කාලයක් දැනට සොයා, මැන ගෙන ඇත.

"Yoctosecond (ys) is a septillionth of a second or 10–24 s*. It is smaller than Zeptosecond. Yoctosecond is the shortest period of time measured, so far."]

එවැනි කාලයක් ඇත්දැයි පවා සිතා ගැනීමට පවා අමාරු වුව ද, එවැනි කාලයක් ඇති බව මැන ඔප්පුකර ඇතුවාක් මෙන්, අනිත්‍යවීම ද (උදයව්‍යය, මාර්ග-ඵල වැනි) ඥානයන්ගෙන් මැන ඔප්පුකර හමාරය; එබැවින් අනිත්‍යය පසුකාලින හෝ අවිශ්වාස කටයුත්තක් නොවේ.

අනෙක් අතට, ලෝකයේ ඉතා වේගයෙන් සිදුවන තවත් බොහෝ ක්‍රියා ඇති බැවින් ද අනිත්‍යය යනු ඉතා වේගවත් ක්‍රියාවලිය බව ඔප්පු වේ. උදා. කිහිපයක්:

# ඇතැම් ග්‍රහවස්තූන්ගේ භ්‍රමණයන් හා පරිභ්‍රමණයන් (තත්පරයකට කිලෝමීටර් 12ක් පමණ).
# ඇතැම් කෘමීන්ගෙ පියාපත් චලනයන් (තත්පරයකට දහස් වාරයකටත් වැඩිය).
# ඇතැම් ගුවන්යානා, දුම්රිය ආදිය (The Lockheed SR-71 Blackbird = තත්පරයට මීටර් 972 ක් පමණ).

T. මෙය ද, මෙය ද, මෙය ද, කියවන්න.

S. ["A zeptosecond is a trillionth of a billionth of a second." (More)

"Zeptosecond = one sextillionth of a second = 'zep-tə-ˌse-kənd, -kənt" 

"Zeptosecond.

Noun. zeptosecond (plural zeptoseconds) A unit of time equal to 0.000 000 000 000 000 000 001 seconds, that is, 10−21 second, and with symbol zs."



"Mercury: 58d 16h, 10.83 km/h
Venus: 243d 26m, 6.52 km/h
Earth: 23h 56m, 1574 km/h
Mars: 24h 36m, 866 km/h
Jupiter: 9h 55m, 45,583 km/h
Saturn: 10h 33m, 36,840 km/h
Uranus: 17h 14m, 14,794 km/h
Neptune: 16h, 9,719 km/h" (More)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll