A. "9. උපන් කෙණෙහි බෝසතුන් කීදෑ “අග්ගොහමස්මි ලෝකස්ස” යන ආදීන් අටුවාහි දැක්වේ. සකු බණ පොත්හිද මෙය දැක්වේ. බෝසතාණන් ගේ උත්පත්තිය ගැන අච්ඡරියබ්භූත සූත්‍රාදියෙහි තුසී ලොවින් චුත වූයේ සිහි ඇතිව මැ යි ද පිළිසිඳ ග ත් දැනුම ඇතිව යැ යි ද සඳහන් වේ. මෙසේ හෙයින් බෝසතාණෝ ජාතිස්මරණ (ගිය ජාතිය සිහිකරන) නුවණ ඇත්තෝ වූහ. මව කුසැ වුසුවේත් සිහිනුවණ ඇතිව ම ය. එ බැවින් උපන් කෙණෙහි කථා කිරීම අවිශ්වාසයට කරුණු නො වේ. උපන් කෙණෙහි සත් පියක් පියුම් පිටින් යෑම ද අවිශ්වාසයට කරුණක් නො වේ. ගව ආදි සමහර සතුන් ද උපන් හැටියේ ම දිව ඇවිදී. මව් කුස තුළ දී ම සිරුර එ පමණට වැඩුණ බැවිනි. කලාතුරෙකින් කිසි මනුෂ්‍යයකුටත් එබඳු ශක්තිය ඇති ව ඉපදීමට බැරිකමෙක් නැත.
උපන් හැටියේ කථා කළ තවත් අය ගැන ලෝක වාර්තා ඇත.
1875 දී එංගලන්ත යේ පළ වු Loydi's Weekly නම් සතිපතා පත්‍රයේ උපන් කෙණෙහි කථාකළ දරුවකු ගැන සඳහන් වේ. ප්‍රංශයේ සා ලුයි (Zaar - Louis) නම් ගමේ ගෙයක දරුවෙක් උපන. මිතුරෝ රැස්ව දරුවාගේ පියාට ප්‍රීතිය පවසමින් හුන්හ. මේ අතර දරුවා උපන. එහි සිටියෙක් දැන් වේලාව කීය දැ? යි ඇසී ය. එ කෙණෙහි ම උපන් දරුවා පැහැදිලි වචනයෙන් දැන් දෙකයි’ කී ය. සියල්ලෝ විස්මිත ව නිහඩව බලා හුන්හ. එවිට දරුවා කථා කරමින් “මේ 1875 වන වර්ෂය ශුභ යි. 1876 දී මේ රටේ ලේ වැගිරීම් ඇති වෙයි. මෙය දන්වන්නට මෙ ලොවට ආමි” යි කී ය.
මේ ප්‍රවෘත්තිය ඒ පත්‍රයෙන් උපුටා ගෙන lsis Unveiled (https://en.wikipedia.org/wiki/Isis_Unveiled) නම් පොතෙහි 438 වැනි පිටේ දක්වා ඇත. තවද උපන් අළුත දරුවන් නෙළුම් මල් අතුරා පිට තබාගෙන යෑම ද ඉන්දියාවේ සමහර පළාත්වල අද ද දන්නට ලැබෙන සිරිතකි. මේ සිරිත පැරණි එකෙකි. එදා බෝසතාණන් උපන් බිමැ නෙළුම් මල් අතුරා තුබුණා නම් ඊ පිටින් සත් පියක් වැඩියා යන්න අවිශ්වාස කටයුතෙක් නො වේ.
සාරාසැකිකප් ලක්ෂයක් පෙරුම් පිරූ බෝසතාණන් සෙසු සාමාන්‍ය මිනිසුන් ගේ ගණයෙහි ලා සැලැකීම වැරැදි ය. ලොව පහළ වූ හැම දැයින් ම සෙස්සනට වැඩි දෙවියන්ටත් වඩා උසස් ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි මහා බෝසතාණෝ."
A. "මව් කුසින් බිහි වූ කෙණෙහි ම සිද්ධාර්ථ කුමාරයෝ පියුම් පිටින් සත් පියවරක් වැඩියහ යි ඇතැම් සිංහල බණපොත්වල කියා තිබේ. බුද්ධ දේශනාවෙහි හා අටුවාවල පියුම් පිටින් වැඩිය බවක් දක්වා නැත.
“ධම්මතා එසා භික්ඛවෙ, සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙ ගච්ඡති සෙතම්හි ඡත්තම්හි අනුහීරමානෙ සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති; අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවොති. අය මෙත්ථ ධම්මතා.”
(මහාපදාන සුත්ත)
“මහණෙනි, මේ ධර්මතාවෙක, එවේලේම උපන් බෝසත් තෙමේ ශ්වේතච්ඡත්‍රය දරනු ලබන කල්හි සම වූ පාදයෙන් පිහිටා උතුර බලා සත්පියවරක් යයි. සියලු දිසාවන් ද බලයි. මම ලෝකයට අග්‍ර වෙමි, මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, මේ අන්තිම ඉපදීමය, දැන් මතු ඉපදීමක් නැත්තේය යන උතුම් වචනය කියයි. මෙය මෙහි ධර්මතාවය” යනු එහි තේරුමයි. මේ පාඨයෙහි සම වූ (මට්ටම් වූ) පාදයෙන් පෘථිවියෙහි පිහිටා ගිය බව දක්වා තිබීමෙන් පෙනෙන්නේ බෝසත්තුමා පියුම් පිටින් නොව පොළොවෙහි ම ගමන් කළ බව ය."
A. “මහණෙනි, මේ ධර්‍මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොවැ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිගුන් අනුව බලති. “මම් ලොවට අග්‍ර වෙමි. මම් ලොවට දෙටු වෙමි. මම් ලොවට සෙට වෙමි. මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි උතුම් බස් පවසත්. මේ මෙහි ධර්‍මතා යි.”
["ධම‍්මතා එසා භික්ඛවෙ, සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත‍්තරාභිමුඛො1 සත‍්ත පදවීතිහාරෙ2 ගච‍්ඡති සෙතම්හි ඡත‍්තෙ අනුහීරමානෙ3, සබ්බා ච දිසා අනුවිලොකෙති4, ආසභිඤ‍්ච වාචම‍්භාසති: “අග‍්ගො’හමස‍්මි ලොකස‍්ස, ජෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, සෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවො”ති. අයමෙත්‍ථ ධම‍්මතා."]
“ආනන්‍දය, උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි. සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි. ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි.
[‘සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ, සබ්බා ච දිසා විලොකෙති, ආසභිඤ්ච වාචං භාසති – අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස. අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’ති.]
Q. ඔබ කියන්නේ එතැන් පටන් සිදුහත් කුමරු බිලිඳකුගේ ලක්ෂණ නොමැතිව, වැඩුණු, මුහුකුරා ගිය ජීවිතයක් ගතකරා කියලද?
Q / A. මම තියා, කවුද එහෙම කියන්නේ? කොහෙද එහෙම තියෙන්නේ?
නෙළුම්මල් පිපුණ ද නැද්ද කියන එක මිස වෙනත් ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ - මොකද ත්‍රිපිටකයේ නැත්තේ ඒ ටික විතරයි - සිදුහත් ළදරු-කුමාර අවධිත් සඳහන් වෙනවනේ.
A / T. 1. ත්‍රිපිටක-අටුවා-ටීකාහි නෙළුම්මල් පිපුණු බවක් නැත.
2. ත්‍රිපිටක-අටුවා-ටීකාහි සියල්ල ම සඳහන් ද නැත.
3. ත්‍රිපිටක-අටුවා-ටීකාහි නැති දේවල් මෙන් ම ඇති දේවල් ද පිළිගත යුතුව ඇත / යුතු (ම) ය.
[# විද්‍යාව හෝ ප්‍රඥාව හෝ වීමංසනය නාමයෙන් මොළ සෝදාගත් කල, සාහිත්‍ය - කලාව - රසය - හැඟීම්-දැනීම්, අමු-අමුවේ ම ඝාතනය කිරීමේ උමතුව වැළඳේ.
# අවසන, ‘මොළය’ (නුවණ-බුද්ධිය-ප්‍රඥාව) ද නැති, ‘හදවත’ (හැඟීම්-දැනීම්) ද නැති, හිතක්-පපුවක් ද නැති (අ)මනුස්සයෝ බිහි වෙත්.
# "කලාව - සාහිත්‍ය - 'රසය' නොහඳුනන්නෝ, තණ නොබුදිතත්, ගවයෝ වැන්නෝ ම ය - ඔවුන්ගේ තණ නොකෑම ගවයන්ගේ ම වාසනාව කි" යැයි ද කියමනකි.]
A. “… මහාබ්‍රහ්මයාගේ අතට බිහි ව බඹ සුර නරන් අතින් ක්‍රමයෙන් ගොස් භූමියට පැමිණ පුණ්‍යමහිමයෙන් පෘතිවි ප්‍රදාලනය කොට පැන නැංගා වූ සත්බුමුමහපියුම්පිටින් සත්පියවරක් නිරුත්තර වූ උත්තර දිශාභිමුඛ ව වඩුත් …”
A. බෝසතාණන් වහන්සේ ඇමැතියන් අතින් බිමට බැස පියුම් පිට සත් පියක් වැඩ සත්වන පියවරෙහි සිටැ
“මම ලොවට අග්‍රයෙමි, ජ්‍යෙෂ්ඨයෙමි,
ශ්‍රේෂ්ඨයෙමි, මේ මගේ අන්තිම අත්බව ය.
මෙයට පසු මට භවෝත්පත්තියක් නැතැයි”
වදාළාහ."