93. ආනන්ද හිමියන්ටත් අභිධර්මය දේශනා කළ සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදු රජාණන් වහන්සේ විසින් අභිධර්ම පිටකය ආනන්ද ස්වාමින් වහන්සේටත් දේශනා කලාද? (උපස්ථායක තනතුර ලැබීමේදී ඉල්ලීමක්ද කර තිබීම හේතුවෙන්.)

A. ඔව් - “අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි.”
“යො වො, ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්ථා.”

මෙහි දහම නම් (අටුවා ටීකා ද ඇතුළුව) සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකයයි.

A. “ධර්ම විනය වශයෙන් ද්විවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම ධර්මයද විනයද යනුවෙන් ගැනේ. එහි විනය පිටකය විනයයි. ඉතිරි බුද්ධ වචනය ධර්මයයි.”

“කථං  ධම්මවිනයවසෙන දුවිධං? සබ්බමෙව චෙතං ධම්මො චෙව විනයො චාති සඞ්ඛ්‍යං ගච්ඡති. තත්ථ විනයපිටකං විනයො, අවසෙසං බුද්ධවචනං ධම්මො;”

A. “ආනන්ද තෙරුණුවෝද බහුශ්‍රතය, ත්‍රිපිටකධරය, තුන් පිටකයන් සමග ත්‍රිවිධ ශික්ෂාවන් කීමට දක්ෂයහ.”

“… ආනන්දො ච බහුස්සුතො තිපිටකධරො, සො පහොති තීහි පිටකෙහි තිස්සො සික්ඛා කථෙතුං, …”

["තත්ථ ධම්මබ්‍යභිචාරභාවෙන විසෙසතො අභිධම්මො විය සුත්තන්තොපි “ධම්මො”ති වුච්චති. “යො ¶ වො, ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො”තිආදීසු (දී• නි• 1.216) අඤ්ඤත්ථ ච සම්භවතො අභි-සද්දෙන නිවත්තෙතබ්බත්ථං දීපෙතුං “සුත්තන්තා”ති වුත්තං."

"තෙනෙවාහ – “යංනූන මයං, ආවුසො, ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්‍යාමා”ති. “අහං ¶ උපාලිං විනයං පුච්ඡෙය්‍යං, ආනන්දං ධම්මං පුච්ඡෙය්‍ය”න්ති ච එවං ධම්මවිනයවසෙන දුවිධං."
ධර්ම විනය වශයෙන් ද්විවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම ධර්මයද විනයද යනුවෙන් ගැනේ. එහි විනය පිටකය විනයයි. ඉතිරි බුද්ධ වචනය ධර්මයයි. එහෙයින්ම කියන ලදි. ‘අපි ධර්මයද විනයද සංගායනා කරන්නෙමු නම් මැනවි’යි මම උපාලි තෙරුන්ගෙන් විනය විමසමි. අනඳ තෙරුන්ගෙන් ධර්මය විමසමි’ මෙසේ ධර්ම විනය වශයෙන් ද්විවිධය."

"කතමො ¶ ඛුද්දකනිකායො? සකලං විනයපිටකං, අභිධම්මපිටකං, ඛුද්දකපාඨ, ධම්මපදාදයො ¶ ච පුබ්බෙ දස්සිතා පඤ්චදසප්පභෙදා; ඨපෙත්වා චත්තාරො නිකායෙ අවසෙසං බුද්ධවචනන්ති.
ඨපෙත්වා චතුරොපෙතෙ, නිකායෙ දීඝආදිකෙ;
තදඤ්ඤං බුද්ධවචනං, නිකායො ඛුද්දකො මතොති.
එවං නිකායතො පඤ්ච නිකායා හොන්ති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll