145. අවිජහිත දේශනා / භූමි මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මහා සතිපට්ඨාන සූත්‍රය සිය‌ලුම බුද්ධශාසනයන්හි එකසේම දේශනා කරනු ලබන අවිජහිත දේශනාවක් බව කියැවේ. අනෙකුත් අවිජහිත දේශනා මොනවාද?

"සියලු බුදුවරයන් විසින් අත්නොහැර පුරුදු පුහුණු කරනලද සතිපට්ඨාන සූත්‍රය මැනවැයි කීකල්හි, එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා ආදි සූත්‍රය සජ්ඣායනා කළහ.
“සබ්බබුද්ධානං අවිජහිතං සතිපට්ඨානසුත්ත”න්ති වුත්තෙ – “එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා”ති ¶ (දී· නි· 2.373; ම· නි· 1.106) සුත්තන්තං පට්ඨපෙසුං."

A. “සියලු බුදුවරයන්ගේ බෝධි පර්යංකය අත්නොහළ තැනකි. එකම තැනක වෙයි. ඉසිපතන මිගදායෙහි දම්සක් පැවතුම් දේශනය අත්නොහළේමය. දේවාරෝහණ කාලයෙහි සංකස්ස නගර දොරටුවේ පළමා පා ගැටීම අත්නොහළේම වෙයි. ජේතවනයෙහි ගඳකිළියෙහි ඇඳෙහි පාද සතර පිහිටි තැනද අත්නොහළ තැනකි.”


"අපරානි චත්තාරි අවිජහිතට්ඨානානි නාම හොන්ති. සබ්බබුද්ධානඤ්හි බොධිපල්ලඞ්කො අවිජහිතො, එකස්මිංයෙව ඨානෙ හොති. ධම්මචක්කප්පවත්තනං ඉසිපතනෙ මිගදායෙ අවිජහිතමෙව හොති. දෙවොරොහනකාලෙ සඞ්කස්සනගරද්වාරෙ පඨමපදගණ්ඨිකා අවිජහිතාව හොති. ජෙතවනෙ ගන්ධකුටියා චත්තාරි මඤ්චපාදට්ඨානානි අවිජහිතානෙව හොන්ති."

A. “සියලු බුදුවරයන්ගේ මේ සූත්‍රය නොහරින ලදි.”


"සබ්බබුද්ධානඤ්චෙතං සුත්තං අවිජහිතමෙව හොති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll