Q. ප්‍රථම ධ්‍යානය ලබාගන්නෙ කෙසෙද?
එ සදහා සුදුසු භාවනා මොනවද? පහදා දෙන්න කාරුණිකව...
A. “ඒ ඒ භාවනාව ලැබෙන / නො ලැබෙන කමටහන්.
සියලු ම සමසතළිස්කර්මස්තානයන්හි ම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්මෘති - ධර්මානුස්මෘති - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - උපසමානුස්මෘති - මරණානුස්මෘති - ආහාරයෙහි ප්‍රතිකූල සංඥා - චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමහටන් දසයෙහි උපචාර භාවනාව පමණක් සිඬ වේ. අර්පණා භාවනාව සිදු නො වේ. අර්පණා භාවනාව සිදු නො වීමය යි කියනුයේ ඒ භාවනා දශයෙන් ධ්‍යාන නො ලැබිය හැකි බව ය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍රකට කර ගත හැකි අරමුණකින් ය. බුද්ධ ගුණාදිය ගැඹුරු බැවින් ද, බොහෝ බැවින් ද, ඒවා සිතට හොඳින් හසු කර ගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටුවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් දශයෙන් උපචාර සමාධිය මිස, රූපාවචරාරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිසෙන් පමණෙකි.
ධ්‍යාන ඉපදවිය හැකි කමටහන් සියල්ලෙන් ම ධ්‍යාන සියල්ල ම උපදවන්නටත් නො පිළිවන. ඒ ඒ කමටහන්වලින් ඉපද විය හැකි ධ්‍යාන මතු දැක්වෙන පරිදි දත යුතු ය.
කසිණ දශය ය, ආනාපානය යන මේ කමටහන් එකොළොසින් ධ්‍යාන පස ම ඉපදවිය හැකි ය.
අශුභ දශය ය, කායගතාසතිය යන කමටහන් එකොළොසෙන් ඉපද විය හැක්කේ ප්‍රථම ධ්‍යානය පමණෙකි. ඒවායින් ප්‍රථම ධ්‍යානය උපදවා ගත් යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානාදිය ඉපදවීමට අනික් කමටහනක් වැඩිය යුතු ය. මළ සිරුරුවල හා කෙස් ලොම් ආදි කුණප කොටස්වල ද; සිහි කරන තැනැත්තාගේ සිත ඒවායින් ඈත් කරන ස්වභාවයක් මිස සිත් ඇදගන්නා ස්වභාවයක් ඇත්තේ ම නැත. සිතට පිළිකුලක් ඇති කරන ස්වභාවය මිස සතුටක් ඇති කර තමා කරා ඇදගන්නා ස්වභාවය මඳකුදු නැති ප්‍රතිකූලාරම්මණයන්හි සිත පිහිට වන්නේ විතර්කයේ බලයෙනි. ද්විතීයාදි ධ්‍යානවල අරමුණ කරා සිත ගෙන යන විතර්කය නැත. එබැවින් අශුභාරම්මණයන්හි විතර්කය නැති ධ්‍යානයෝ නූපදිති.
මෛත්‍රී - කරුණා - මුදිතා යන කමටහන් තුනෙන් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථධ්‍යාන සතර ඉපදවිය හැකි ය. පඤ්චමධ්‍යානය ඒවායින් නො ලැබිය හැකිය. මෛත්‍රිය වනාහි දොම්නසින් හටගන්නා වූ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයෙකි. කරුණාව දොම්නසින් හට ගන්නා වූ හිංසාවට විරුද්ධ ධර්මයෙකි. මුදිතාව දොම්නසින් හට ගන්නා වූ අරති නම් වූ නො සතුට ට විරුද්ධ ධර්මයෙකි. එබැවින් මෛත්‍රී කරුණා මුදිතාවන් බලවත් ව ඇති වීමට සෝමනස්ස තිබිය යුතු ය. ප්‍රථමාදි ධ්‍යාන සතර සෝමනස්ස සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් ඒ ධ්‍යාන ඉපදවිය හැකි ය. පඤ්චම ධ්‍යානය උපේක්ෂා සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් එය නො ඉපද විය හැකි ය.
උපේක්ෂා කර්මස්ථානයෙන් පඤ්චම ධ්‍යානය පමණක් ඉපදවිය හැකි ය. උපේක්ෂා භාවනාව වනාහි සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථතාවෙන් කළ යුත්තක් වන බැවින් එයින් උපේක්ෂා සහගත ධ්‍යානයක් ම මිස සෝමනස්ස සහගත ධ්‍යානයක් නො ඉපද විය හැකි ය.
කසිණුග්ඝාටිමාකාසාදි අරූපාවචරාරම්මණ සතර අරූපධ්‍යාන උපදවන කර්මස්ථානයෝ ය.”
A. විශුද්ධි මාර්ගය යෝජනා කරනවා.