122. බෙහෙතටවත් අරක්කු බොන්ඩ එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බඩේ අමාරුවකට ඇල්කොහොල් පොඩි ප්‍රමාණයක් ගත්තොත් පස් වන සිල්පදය බිදෙනවාද. ස්වාමීන් වහන්සේ නමකගෙන් පිලිතුරක් බලාපොරොත්තු වේ.

A. "මද්‍ය ගන්ධය - රසය නැති මද්‍ය මිශ්‍ර‍ බෙහෙත් පාවිච්චියෙන් ද මේ සිකපදය නො බිඳේ. රෝග සුවය පිණිස වළඳන මද ප්‍ර‍මාදයන්ට හේතු නො වන මද්‍ය ගන්ධය ඇති අරිෂ්ට ආසවයන් වැළඳීමෙන් ද වරද නො වේ" https://pitaka.lk/books/shasanavatharanaya/11.html

A / T. “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”

තේරුම :- මදයට හා ප්‍ර‍මාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය :-
මෙහි මදය යි කියනුයේ ක්ලාන්තය නොව සිතේ ප්‍ර‍කෘතිය වෙනස්වීම ය. දුම්කොළ, පුවක් ආදිය නිසා වන මතක් ද ඇත. එය ශරීරය දුබල වීමකි. එයින් සිතෙහි විපර්‍ය්‍යාශයක් නොවේ. ඒ දුබලකම ඇතිකරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නො බිඳේ. මෙය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍ර‍කෘතිය වෙනස් කරන රා අරක්කු කසිප්පු අබිං කංසා ආදිය පාවිච්චි කිරීමෙනි. ඇතැම් බෙහෙත්වලට මද්‍යවර්ග ගන්නේ ය. ඒ බෙහෙත් පමණට වඩා ගත හොත් මත් වේ. මද්‍ය රසය මද්‍යගන්ධය නැති එබඳු බෙහෙත් පමණට ගැනීමෙන් සිකපදය නො බිඳේ.

සුරාපානයේ අංග සතර.
මත්වන දෙයක් වීම, පානය කිරීමට කැමැත්ත, බීමට උත්සාහ කිරීම, මත්ද්‍ර‍ව්‍යය උගුරෙන් ඔබ්බට ඇතුළුවීම යන මේ අංග සතරින් සුරාපාන සිකපදය බිඳේ."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll