A. අහිමිවීම්, සබඳතා බිඳ වැටීම්, යථාර්ථවාදී නොවන දෘෂ්ටිය නිසා ද (වෙනත් නොයෙක් හේතු නිසා ද) විෂාදය (Depression) ඇතිවිය හැකි අතර, සාමාන්‍යයෙන් මේ සඳහා ගනු ලබන බෞද්ධ කතා උදාහරණ නම් (රජ්ජුමාලා) “පටාචාරා වස්තුව” හා “කිසා ගෝතමී” කථා වස්තුව යි.
කල්පවතින අධික දුක, කලකිරීම, එපාවීම ආදිය (ද) රෝග ලක්ෂණ විය හැකි අතර, යථාර්ථවාදී දෘෂ්ටිය /චින්තනය / ප්‍රඥාව (ප්‍රඥාමය ප්‍රතිකාරය - Cognitive Therapy) එක් ප්‍රබල ප්‍රතිකාර ක්‍රමයකි.
[“... ඒ කාමයන්ගේ විපරිණාම සංඛ්‍යාත වෙනස් බවට පැමිණීම. යමක් මට තිබුණේද එයද මට නැතැ’යි කියූ පරිදි. උප්පජ්ජන්ති සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා යනු එහි ඇතුළත දැවෙන ලක්ෂණය ශෝකයයි. ඒ ආශ්‍රිතව දොඩවන ලක්ෂණය පරිදේව නමි. සිරුර නැවත පෙළන ලක්ෂණය දුකයි. මනස ව්‍යාකුල කරන ලක්ෂණය දෝමනස්සයි. විෂාද ලක්ෂණය උපායාසයි. ...”
“එක් ප්‍රශ්නයක් අසන විටම ගිලීගිය විසාදයට පැමිණේ.”
“සමතලයක්ය යන හැඟීමෙන් මඩට බැසගත්තාක් මෙන් පිවිසෙති. සංසීදිත්‍වා විසාදං පාපුණන්ති මෙසේ මඩෙහි මෙන් හිඳ දුර්මුඛ බව අඟපසඟ බිඳීමට පැමිණෙති. සුක්ඛතරං මඤ්ඤෙ පතරං මිරිඟුවෙන් මුළාවී කාකපෙය්‍ය නදියක් යයි හැඟීමෙන් තරණය කරන්නෙමුයි අතින් පයින් වෑයම් කරමින් පැල්ම වඩා වියලි යයි හඟිමි. ඒ නිසා ඔවුහු අත්පා බිඳීමක් කෑමක් වේද එසේ අපායයන්හි බිඳීම් කෑමවලට පැමිණෙත්.”
“වාසෙට්ඨය, මෙහි වනාහි තෙවිදු බමුණෝ (මඟැ යි වරදවාගෙන) නොමඟට පැමිණ (මඩෙහි සේ) එහි ගැලෙත්. ගැලී නො නොඉවැසියැ හැකි දුකට හෝ පැමිණෙත්. වියැලි නදියෙක අත් පා ගසමින් පිහිනනවුන් සේ වෙහෙසෙත්. එහෙයින් තෙවිදු බමුණන්ගේ මේ ත්‍රිවිද්‍යාව මහ අරණෙකැ යි ද කියනු ලැබේ. මේ ත්‍රිවිද්‍යාව මහ වනයෙකැ යි ද කියනු ලැබේ. මේ ත්‍රිවිද්‍යාව විපතෙකැ යි ද කියනු ලැබේ.”
“දරුවනි, මාරබන්ධන අනුව වටනා සොවින් කම් නැත, සඞ්ඛත ධර්‍ම සියල්ල අනිස යැ, වෙන්වීම කෙළවර කොට ඇත, නිරතුරු වෙනස්වනසුලු”යි
[“උපායාසනිද්දෙසෙ ¶ ආයාසනට්ඨෙන ආයාසො; සංසීදනවිසීදනාකාරප්පවත්තස්ස චිත්තකිලමථස්සෙතං නාමං. බලවං ආයාසො උපායාසො. ආයාසිතභාවො ආයාසිතත්තං. උපායාසිතභාවො උපායාසිතත්තං. අයං වුච්චති උපායාසොති අයං උපායාසො නාම කථියති. සො පනෙස බ්‍යාසත්තිලක්ඛණො, නිත්ථුනනරසො, විසාදපච්චුපට්ඨානො.”
"උපායාස විස්තරයෙහි ආයාසය යන අර්ථයෙන් ආයාස වේ. පසුබැසීම් ආකාරයෙන් පවතින සිතේ ක්ලාන්ත ගතියට මෙය නමකි.
සිතේ බලවත් පසුතැවිලි බව උපායාසිතත්ත වේ. අයං වුච්චති උපායාසො මෙය උපායාස යයි කියනු ලැබේ. එහි ලක්‍ෂණය ඇලීමය, කෘත්‍යය කෙඳිරිගෑමය, වැටහෙන ආකාරය සිත්තැවුලය. උපායාසයේ දුක්ඛාර්ථය ..." - සච්ච විභංගය - 84-85.]