Q. තෙරුවන් සරණයි! සෝතාපන්න උතුමෙකු සතු සීලය පිළිබඳ ත්‍රිපිටක කරුණු ඇසුරින් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
A. “සෝවාන් පුද්ගලයන්ගේ ශීලය.
සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තයේ හා තවත් බොහෝ තැන්වල ද සෝතාපත්තියංග සතරක් දක්වා ඇත්තේ ය. එහි සතරවන අංගය වශයෙන් දකවා ඇත්තේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වන බව ය. ඒ ආර්‍ය්‍යකාන්ත ශීලය කුමක්ද යන බව මහාපරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙසේ දක්වා ඇත්තේ ය.
"අරියකන්තේහීති අරියානං කන්තේහි පියෙහි මනාපේහි පඤ්චසීලානි හි අරියසාවකානං කන්තානි හොන්ති භවන්තරේ පි අවිජ්හිතබ්බතො" මෙයින් දැක්වෙන්නේ පඤ්චශීලය අරියකන්ත ශීලය කියා ය. මේ අනුව කිවයුත්තේ සෝවාන් පුද්ගලයන්ගේ නිත්‍ය ශීලය පඤ්චශීලය බව ය.”
A. “අරිය කන්තෙහි = ආර්යයන් හට ප්‍රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් භාවයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්‍රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී. අඛණ්ඩෙහි යනුවෙන් පෙර කී කරුණට සමාන යයි කියන ලදී. (බඳුනක) මුව ගැටියෙහි එක් තැනක් කැඩුණේ නම් “ඛණ්ඩ” යයි කියනු ලැබේ. මැද කැඩෙන්නේ නම් “ජිද්ද” යයි ද, එක් පෙදෙසක් කැඩුණේ නම් විවිධ වර්ණ සහිත ගව දෙනක සේ පෙනෙන බැවින් “සබල” යයි ද, විවිධ තැන්හි බින්දු අයුරින් විවිධාකාර ලෙස කැඩුනේ නම් “කම්මාස” යයි ද කියනු ලැබේ. මෙසේම පිළිවෙළින් මුල හෝ අග හෝ කැඩුණ සීලය “ඛණ්ඩ” නම් වේ, මැද කැඩුණ සීලය “ඡිදද” නම් වේ, යම් කිසි තැනෙක දෙපොළක් හෝ තුන් පොළක් පිළිවෙළින් කැඩුණා සීලය “සබල” නම් වේ. තැනින් තැන කැඩුණා සීලය “කම්මාස” නම් වේ. එම දෝෂ නැති වීමෙන් “අඛණ්ඩ සීල” නම් වේ යන ආදී වශයෙන් දත යුතුය. භුජිස්සෙහි = වහල් බවෙන් නිදහස් කර ගන්නා තැනැත්තා විසින් විඤ්ඤප්පසත්‍ථෙහි = බුද්ධාදී ප්‍රාඥයන් විසින් පසසනු ලැබූ අය විසින් අපරාමට්ඨෙහි = ඔබ විසින් මෙය කරන ලදී. මෙය විතර්ක කරන ලදී යනුවෙන් මෙසේ දැඩි සිතින් කීමට නොහැකි අය විසින් සමාධි සංවත්තනිකෙහි = අර්පණ සමාධිය හෝ උපචාර සමාධිය පැවැත්වීමට අසමත් අය විසින්.”
"අරියකන්තෙහීති අරියානං කන්තෙහි පියෙහි මනාපෙහි. පඤ්ච හි සීලානි භවන්තරගතාපි අරියා න කොපෙන්ති, එවං තෙසං පියානි. තානි සන්ධායෙතං වුත්තං. අඛණ්ඩෙහීතිආදි සදිසවසෙන වුත්තං. මුඛවට්ටියඤ්හි ඡින්නෙකදෙසා පාති ඛණ්ඩාති වුච්චති, මජ්ඣෙ භින්නා ඡිද්දාති, එකස්මිං පදෙසෙ විසභාගවණ්ණා ගාවී සබලාති, නානාබින්දුචිත්තා කම්මාසාති, එවමෙව පටිපාටියා ¶ ආදිම්හි වා අන්තෙ වා භින්නං සීලං ඛණ්ඩං නාම, මජ්ඣෙ භින්නං ඡිද්දං, යත්ථ කත්ථචි ද්වින්නං වා තිණ්ණං වා පටිපාටියා භින්නත්තා සබලං, එකන්තරං භින්නං කම්මාසං. තෙසං දොසානං අභාවෙන අඛණ්ඩාදිතා වෙදිතබ්බා. භුජිස්සෙහීති භුජිස්සභාවකරෙහි. විඤ්ඤුප්පසත්ථෙහීති බුද්ධාදීහි විඤ්ඤූහි පසංසිතෙහි. අපරාමට්ඨෙහීති “ඉදං නාම තයා කතං, ඉදං වීතික්කන්ත”න්ති එවං පරාමසිතුං අසක්කුණෙය්‍යෙහි. සමාධිසංවත්තනිකෙහීති අප්පනාසමාධිං උපචාරසමාධිං වා සංවත්තෙතුං සමත්ථෙහි."
A. “ආර්ය ශ්‍රාවකයන්ගේ මාර්ග සම්ප්‍රයුක්ත විරතිය සෙතු සාත විරති නම් වේ. එහි මුලින් කී විරති දෙක ජීවිතයෙන් වෙන්කිරීම් ආදී වශයෙන් ඉක්මවා යා යුතු ජීවිතේන්‍ද්‍රිය වස්තුව අරමුණුකොට පවතී. පසුව කියූ විරතිය නිර්වාණය අරමුණු කොට ඇත්තේය. මෙහිද යමෙක් සිකපද පස එකට ගනීද, ඔහුට එකක් බිඳුණු කල්හි සියල්ල බිඳුණේ වෙයි. යමෙක් එක එක වෙනම ගනීද, ඔහු යමක් ඉක්මවා යාද එයම බිඳෙයි. සෙතුසාත විරතියෙහි බිඳීමක් නැත. භවාන්තරයෙහිද ආර්ය ශ්‍රාවකයා ජීවිතය ගියත් ප්‍රාණයක් නොනසයි. සුරාපානය නොකරයි. ඉදින් සුරාවද කිරිද මිශ්‍රකොට මුවෙහි බහාලුවත් කිරීම පිවිසෙයි. සුරාව නොවේ. එසේ වන්නේ ඇයි? යම්සේ කොස්වාලිහිණියන්ට කිරිමිශ්‍ර ජලයෙහි ජලය නොව කිරීම පිවිසේද මෙය උපතේදීම සිදුවන්නක් නම් මෙයද ස්වභාව ධර්මයෙන්ම සිදු වූවකැයි දතයුතුයි.”
"අරියසාවකානං පන මග්ගසම්පයුත්තා විරති සෙතුඝාතවිරති නාම. තත්ථ පුරිමා ද්වෙ විරතියො යං වොරොපනාදිවසෙන වීතික්කමිතබ්බං ජීවිතින්ද්‍රියාදිවත්ථු, තං ආරම්මණං කත්වා පවත්තන්ති. පච්ඡිමා නිබ්බානාරම්මණාව. එත්ථ ච යො පඤ්ච සික්ඛාපදානි එකතො ගණ්හති, තස්ස එකස්මිං භින්නෙ සබ්බානි භින්නානි හොන්ති. යො එකෙකං ගණ්හති, සො යං වීතික්කමති, තදෙව ¶ භිජ්ජති. සෙතුඝාතවිරතියා පන භෙදො නාම නත්ථි, භවන්තරෙපි හි අරියසාවකො ජීවිතහෙතුපි නෙව පාණං හනති න සුරං පිවති. සචෙපිස්ස සුරඤ්ච ඛීරඤ්ච මිස්සෙත්වා මුඛෙ පක්ඛිපන්ති, ඛීරමෙව පවිසති, න සුරා. යථා කිං? කොඤ්චසකුණානං ඛීරමිස්සකෙ උදකෙ ඛීරමෙව පවිසති? න උදකං. ඉදං යොනිසිද්ධන්ති චෙ, ඉදං ධම්මතාසිද්ධන්ති ච වෙදිතබ්බං. යස්මා පන සරණගමනෙ දිට්ඨිඋජුකකරණං නාම භාරියං. සික්ඛාපදසමාදානෙ පන විරතිමත්තකමෙව. තස්මා එතං යථා වා තථා වා ගණ්හන්තස්සාපි සාධුකං ගණ්හන්තස්සාපි අප්පට්ඨතරඤ්ච අප්පසමාරම්භතරඤ්ච. පඤ්චසීලසදිසස්ස පන දානස්ස අභාවතො එත්ථ මහප්ඵලතා මහානිසංසතා ච වෙදිතබ්බා. වුත්තඤ්හෙතං –
“පඤ්චිමානි ¶, භික්ඛවෙ, දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සඞ්කියන්ති න සඞ්කියිස්සන්ති අප්පටිකුට්ඨානි සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි පඤ්ච? ඉධ, භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා පටිවිරතො, භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති, අවෙරං දෙති අබ්‍යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ඣස්ස භාගී හොති. ඉදං, භික්ඛවෙ, පඨමං දානං මහාදානං…පෙ… විඤ්ඤූහීති.
පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අදින්නාදානං පහාය…පෙ… කාමෙසුමිච්ඡාචාරං ¶ පහාය…පෙ… මුසාවාදං පහාය…පෙ… සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය…පෙ… ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච දානානි මහාදානානි අග්ගඤ්ඤානි…පෙ… විඤ්ඤූහී”ති (අ· නි· 8.39).
ඉදඤ්ච පන සීලපඤ්චකං – “අත්තසිනෙහඤ්ච ජීවිතසිනෙහඤ්ච පරිච්චජිත්වා රක්ඛිස්සාමී”ති සමාදින්නතාය යඤ්ඤොති වුච්චති. තත්ථ කිඤ්චාපි පඤ්චසීලතො සරණගමනමෙව ජෙට්ඨකං, ඉදං පන සරණගමනෙයෙව පතිට්ඨාය රක්ඛිතසීලවසෙන මහප්ඵලන්ති වුත්තං."
A. “එහි තේරුම නම්, සො සෝවාන් තැනැත්තා, කිඤ්චාපි සිහි මුළාවකින් පමාවීමකට පැමිණ, ලෝකයා වරද යයි සම්මත කරුණු දැන දැන නොඉක්මවිය හැකි බැවින්, භාග්‍යවතුන් වහන්සේ ඒ පවත්නා වහර සැළකිල්ලට ගෙන එසේ වදාරන ලදී. ‘මා විසින්, මගේ සාවක පිරිසට යම් පමණ සිකපද පණවන ලදද, ඒ සාවක පිරිස ජීවිතය අත්හළද, ඒවා නොඉක්මවති.’ ‘යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී’, එසේ දක්වා ඇති සේම, කුටි සැකසීම, එක්ව නිදීම ආදී පණවන ලද වැරදි ඉක්මවා යන, කායෙන පාපකම්මං කරොති පද පිළිවෙලින් දහම හැදෑරිමෙන්, මතුවට වචන පහ හයකින් (සුදුසු නොවන ආකාරයෙන්) දහම් දෙසීම, වැඩකට නැති කතා හෝ නපුරු වචනයෙන් හෝ වාචාය උද චෙතසා වා කිසිවිටක ආසා උපදවන රන්රිදී ආදිය පිළිගැනීමෙන් හෝ, සිවුරු ආදිය පරිහරණයෙහිදී විමසීමකින් තොරව (සීතල, උණුසුම වළකා ගැනීම ආදී පච්චවෙක්‍ඛනයෙන් තොරව) හෝ පාපයක් කෙරේද, අභබ්බො සො තස්ස පටිච්ඡාදාය ඒ සෝවාන් ඵලයට පත් තැනැත්තා මේ දෙය අකැපය, නොකළ යුතුයැයි දැන, මොහොතකුදු නොසඟවයි. එකෙණෙහිම තම මගපෙන්වන නායකයාට හෝ (තථාගතයන් හෝ) වියත් දැනුමැති කෙනෙකුට හෝ, තමා හා එක්ව වසන කෙනෙකුට හෝ හෙළිකොට, දහමට අනුකූලව කටයුතු කරයි. නැවත නොකරන්නෙමි’යි සංවර වෙයි. නැතිනම් එසේ සංවර විය යුතුයි. කවර හෙයින්ද? අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා මෙබඳු පව්කම් කොට, එය වළක්වනු පිණිස, නිවන පෙනෙන මානයේ සිටි දැක්මෙන් යුතු ඒ තැනැත්තාට නොහැකි වේයැයි කියන ලදැයි තේරුමයි.
ඒ කෙසේද?
‘මහණෙනි, උඩුකුරුව නිදන ළදරු කුමරකු අතින් හෝ පාදයෙහි ගිනි අඟුරක් (තවරා) ගත්විට ඉක්මණින්ම ඉවතට ඇදගන්නේ යම්සේද, ඒ දැකීමෙන් යුතු තැනැත්තාද එබඳු ඇවැතකට පැමිණේද, එයින් ඈත්වීමට වැටහේද, ඉක්මණින්ම තම නායකයා හෝ තථාගතයන් වහන්සේ හෝ වියත් දැනුමැති කෙනෙකු හෝ තමා හා එක්ව වසන කෙනෙකු වෙත හෝ එය කියයි. විවරණය කරයි. පැහැදිළි කරයි. එසේ කියා, විවරණය කොට, පැහැදිළිකොට නැවත එවැනි දෙයක් සිදුනොවීමට හික්මෙයි. එය මෙබඳු තැනැත්තන් කෙරෙහි වූ නියාම දහමකි.”
"එවං සත්ත භවෙ ආදියතොපි අඤ්ඤෙහි අප්පහීනභවාදානෙහි පුග්ගලෙහි විසිට්ඨගුණවසෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි “න කෙවලං දස්සනසම්පන්නො ඡ අභිඨානානි අභබ්බො කාතුං, කිං පන අප්පමත්තකම්පි පාපං කම්මං කත්වා තස්ස පටිච්ඡාදනායපි අභබ්බො”ති පමාදවිහාරිනොපි දස්සනසම්පන්නස්ස කතපටිච්ඡාදනාභාවගුණෙන වත්තුමාරද්ධො “කිඤ්චාපි සො කම්මං කරොති පාපක”න්ති.
තස්සත්ථො ¶ – සො දස්සනසම්පන්නො කිඤ්චාපි සතිසම්මොසෙන පමාදවිහාරං ආගම්ම යං තං භගවතා ලොකවජ්ජසඤ්චිච්චානතික්කමනං සන්ධාය වුත්තං “යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී”ති (චූළව· 385; අ· නි· 8.19; උදා· 45), තං ඨපෙත්වා අඤ්ඤං කුටිකාරසහසෙය්‍යාදිං වා පණ්ණත්තිවජ්ජවීතික්කමසඞ්ඛාතං බුද්ධපටිකුට්ඨං කායෙන පාපකම්මං කරොති, පදසොධම්මඋත්තරිඡප්පඤ්චවාචාධම්මදෙසනාසම්ඵප්පලාපඵරුසවචනාදිං වා වාචාය, උද චෙතසා වා කත්ථචි ලොභදොසුප්පාදනජාතරූපාදිසාදියනං චීවරාදිපරිභොගෙසු අපච්චවෙක්ඛණාදිං වා පාපකම්මං කරොති. අභබ්බො සො තස්ස පටිච්ඡදාය, න සො තං “ඉදං අකප්පියමකරණීය”න්ති ජානිත්වා මුහුත්තම්පි පටිච්ඡාදෙති, තඞ්ඛණඤ්ඤෙව පන සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු ආවි කත්වා යථාධම්මං පටිකරොති, “න පුන කරිස්සාමී”ති එවං සංවරිතබ්බං වා සංවරති. කස්මා? යස්මා අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා, එවරූපං පාපකම්මං කත්වා තස්ස පටිච්ඡාදාය දිට්ඨනිබ්බානපදස්ස දස්සනසම්පන්නස්ස පුග්ගලස්ස අභබ්බතා වුත්තාති අත්ථො.
කථං –
“සෙය්‍යථාපි, භික්ඛවෙ, දහරො කුමාරො මන්දො උත්තානසෙය්‍යකො හත්ථෙන වා පාදෙන වා අඞ්ගාරං අක්කමිත්වා ඛිප්පමෙව පටිසංහරති ¶, එවමෙව ඛො, භික්ඛවෙ, ඝම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස, කිඤ්චාපි තථාරූපිං ආපත්තිං ආපජ්ජති, යථාරූපාය ආපත්තියා වුට්ඨානං පඤ්ඤායති, අථ ඛො නං ඛිප්පමෙව සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානීකරොති, දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජතී”ති (ම· නි· 1.496).
එවං භගවා පමාදවිහාරිනොපි දස්සනසම්පන්නස්ස කතපටිච්ඡාදනාභාවගුණෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති."
A. {“මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආත්ම භාව හතක උපදින්නේ නමුදු ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අනෙකුත් ප්‍රහීණ නොකළ භවාදාත ඇති පුද්ගලයන්ට වඩා ඇති විශිෂ්ට ගුණයන් කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්‍යය දේශනා කොට දැන් “හුදෙක් දර්ශන සම්පන්න පුද්ගලයා බරපතල පාප කර්ම හය කිරීමට නුසුදුසු වුයේ පමණක් නොවේ. අල්පමාත්‍ර වූ පාප කර්මයක් කොටද එය සැඟවීමට ද නුසුදුසු යයි ප්‍රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මය නොසැඟවීමේ ගුණය කරණ කොට ගෙන “කිඤ්චාපි සො කම්මං කරොති පාපකං” යයි දේශනා කිරීමට පටන් ගත්හ.
එහි අර්ථය : ඒ දර්ශන සම්පන්න පුද්ගල තෙමේ කිසියම් සිහි මුළාවීමකින් ප්‍රමාද විහරණයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ විසින් “මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේ ද මාගේ ශ්‍රාවකයෝ එය ජීවිත හේතුවෙන් පවා නොඉක්මවති”යි යම් ලෝක වද්‍යයක් දැන දැන නොඉක්මවීම සඳහා දේශනා කරන ලද්දේ ද එය හැර වෙනත් කුටිකාර සහසෙය්‍යාදී ප්‍රඥප්ති වද්‍යයක් ඉක්මවීම් සඞ්ඛ්‍යාත බුදුන් වහන්සේ විසින් නින්දා කළ පාප කර්මයක් “කායෙන” කයින් කරයි ද ධර්මය පද වශයෙන් වචන පහ හයකට වඩා දේශනා කිරීම හෝ සම්පප්‍රලාප පරුෂ වචන ආදී “වාචා” වචනයෙන් හෝ “උදචෙතසාවා” කිසියම් තැනක ලෝභ, ද්වේශ ඉපදවීම, රන්රිදී ආදිය පිළිගැනීම, සිවුරු ආදිය පරිභෝග කිරීමේ දී ප්‍රත්‍යවේක්ෂා නොකිරීම ආදී වශයෙන් සිතින් හෝ පාප කර්මයක් කරයි ද “අභබ්බො සො තස්ස පටිච්ඡාදාය” හෙතෙම “මෙය අකැපය, නොකළ යුතු දෙයකියි දැන මොහොතකුදු නොසඟවයි. එකෙණෙහිම ශාස්තෲන් වහන්සේට හෝ නුවණැත්තන්ට හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ ප්‍රකාශ කොට ධර්‍මානුකූලව පිළියම් කෙරේ. නැතහොත් නැවත නොකරන්නෙමි’යි මෙසේ සංවර විය යුතු යයි සිතා සංවර වේ. කුමක් හෙයින්ද යත්? “අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා” මෙබඳු වු පාප කර්මයක් කොට එය සැඟවීම දකින ලද නිර්‍වාණ පදය ඇති දර්ශන සම්පන්න පුද්ගලයාට නුසුදුසුයයි දේශනා කරන ලද්දේය යන අර්ථයයි.
කෙසේද?
“මහණෙනි, යම්සේ මන් ද වූ උඩුකුරුව හෝනා ළදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නාහාම අත හකුළාගන්නේ වේ ද මහණෙනි, එපරිද්දෙන්ම දෘෂ්ටි සම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතායෙක් ඇත. යම්බඳු ආපත්තියකින් නැගී සිටීම පැනේද එබඳු ආපත්තියකට පත් වූයේ නමුදු වහාම ඒ ඇවැත ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි නුවණැති සම්බ්‍රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය. හෙළි කරන්නේය. දෙසා, විවර කොට හෙළි කොට ආයති සංවරයට පැමිණෙන්නේය” යනුවෙනි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මයන් සැඟවීමක් නොමැති ගුණය කරණ කොට ගෙන සංඝ රත්නයෙහි ගුණ වදාරා දැන් වදාරා දැන් - එම ගුණයම ඇසුරු කොට සත්‍ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්‍ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදී.”}
"එවං ¶ සත්ත භවෙ ආදියතොපි අඤ්ඤෙහි අප්පහීනභවාදානෙහි පුග්ගලෙහි විසිට්ඨගුණෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි න කෙවලං දස්සනසම්පන්නො ඡ අභිඨානානි අභබ්බො කාතුං, කින්තු අප්පමත්තකම්පි පාපකම්මං කත්වා තස්ස පටිච්ඡාදනායපි අභබ්බොති පමාදවිහාරිනොපි දස්සනසම්පන්නස්ස කතප්පටිච්ඡාදනාභාවගුණෙන වත්තුමාරද්ධො “කිඤ්චාපි සො කම්ම කරොති පාපක”න්ති.
තස්සත්ථො – සො දස්සනසම්පන්නො කිඤ්චාපි සතිසම්මොසෙන පමාදවිහාරං ආගම්ම යං තං භගවතා ලොකවජ්ජං සඤ්චිච්චාතික්කමනං සන්ධාය වුත්තං “යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී”ති (චූළව· 385; උදා· 45) තං ඨපෙත්වා අඤ්ඤං කුටිකාරසහසෙය්‍යාදිං පණ්ණත්තිවජ්ජවීතික්කමසඞ්ඛාතං බුද්ධප්පතිකුට්ඨං කායෙන පාපකම්මං කරොති, පදසොධම්මඋත්තරිඡප්පඤ්චවාචාධම්මදෙසනසම්ඵප්පලාපඵරුසවචනාදිං වා වාචාය ¶, උද චෙතසා වා කත්ථචි ලොභදොසුප්පාදනං ජාතරූපාදිසාදියනං චීවරාදිපරිභොගෙසු අපච්චවෙක්ඛණාදිං වා පාපකම්මං කරොති. අභබ්බො සො තස්ස ¶ පටිච්ඡදාය න සො තං “ඉදං අකප්පියමකරණීය”න්ති ජානිත්වා මුහුත්තම්පි පටිච්ඡාදෙති, තංඛණං එව පන සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු ආවි කත්වා යථාධම්මං පටිකරොති, “න පුන කරිස්සාමී”ති එවං සංවරිතබ්බං වා සංවරති. කස්මා? යස්මා අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා, එවරූපම්පි පාපකම්මං කත්වා තස්ස පටිච්ඡාදාය දිට්ඨනිබ්බානපදස්ස දස්සනසම්පන්නස්ස පුග්ගලස්ස අභබ්බතා වුත්තාති අත්ථො.
කථං?
“සෙය්‍යථාපි, භික්ඛවෙ, දහරො කුමාරො මන්දො උත්තානසෙය්‍යකො හත්ථෙන වා පාදෙන වා අඞ්ගාරං අක්කමිත්වා ඛිප්පමෙව පටිසංහරති, එවමෙව ඛො, භික්ඛවෙ, ධම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස, කිඤ්චාපි තථාරූපිං ආපත්තිං ආපජ්ජති, යථාරූපාය ආපත්තියා වුට්ඨානං පඤ්ඤායති. අථ ඛො නං ඛිප්පමෙව සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානීකරොති, දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජතී”ති (ම· නි· 1.496).
එවං භගවා පමාදවිහාරිනොපි දස්සනසම්පන්නස්ස කතප්පටිච්ඡාදනාභාවගුණෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ ¶ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති."