169. මෙතෙක් ලොව පහළ වී ඇත්තේ බුදුවරු විසි අටයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මෙතෙක් ලොව පහලවී ඇත්තේ බුදුවරු 28යි ද?

A. නැහැ. 

Q. නර්මදා (ගංඟා නදිය/ ගංගා නම් නදිය?) නදියේ වැලිකැට ගණනට වඩා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අතීතයේ ලොව පහළවී ඇති බවට හෝ  අනාගතයේ ලොව පහළවන බවට සඳහන් දේශනාවේ මූලාශ්‍රය පෙන්වා දෙන්න පුළුවන් නම් බොහොම පින්.

T / A. සාරාංශය

[“... පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරයන් වහන්සේට ද ...”

“... එක් ලක්ෂ විසිපන් දහසක් (1,25,000) පමණ වූ සියලු බුදුවරයන් වහන්සේලා ...”

“... තුන් ලක්ෂ අසූ සත් දහසක් (3,87,000) පමණ වූ සියලු බුදුවරයන් වහ්නසේලා ...”
“... පන්ලක්ෂ දොළොස් දහසක් පමණ වූ බුදුවරයන් වහන්සේලා ...”

{මෙහි ද යම් විස්තරයක් ඇතිබව පෙනේ - https://tipitaka.app/?a=xb2-1-si}

සාරාංශය අවසන්.

"යෝගාවචරයත් භාවිත කරන තවත් ආරක්ෂක ගාථා දෙකක්

සම්බුද්ධෙ අට්ඨවීසඤ්ච ද්වාදසඤ්ච සහස්සකෙ
පඤ්චසත සහස්සානි නමාමි සිරසාදරං

තෙසං ධම්මඤ්ච සංඝඤ්ච ආදරෙන නමාම්‍යහං
නමක්කාරානුභාවෙන සබ්බ භයා උපද්දවා
අනේකා අන්තරායා පි විනස්සන්තු අසේසතො

මෙහි පළමුවන ගාථාව අප බුදු රජාණන් වහන්සේ ගේ කායවාක් ප්‍රණිධාන කාලය වූ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ලොව පහළ වූ අටවිසි බුදුවරයන් වහන්සේට ද, වාක් ප්‍රණිධාන කාලය වූ නවාසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි හා මනෝ ප්‍රණිධාන කාලය වූ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ද, ලොව පහළ වී වදාළා වූ පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරයන් වහන්සේට ද, ඒ බුදුවරුන් ගේ ධර්මයට ද, සංඝයාට ද නමස්කාර ගාථාවකි. මෙය ද, පළමු ගාථා වලට කී පරිදි සතියක් හෝ එක්විසි දිනක් සජ්ඣායනා කොට සිද්ධිය ලබා උදේ සවස භාවිත කිරීමට සුදුසු ය. මේ ගාථා දෙකින් ජප කොට රෝගීන්ට බෙහෙත් ද වළඳවති. (බුරුමයේ මන්ත්‍රකාරයන් නොයෙක් දෙයට මේ ගාථා යොදා ගෙන තිබේ.)"


[ඔබට අවශ්‍ය ඍජු මූලාශ්‍රමය පිළිතුරු ම නොවිය හැකි ’මුත්, මේ පිළිබඳව මූලාශ්‍ර ගවේෂණය අප විසින් නවතා දමා ඇති බව කරුණාවෙන් සලකන්න!]

A. "අප බෝසතාණන් වහනසේ නන්ද නම් අසංඛ්‍යයෙහි පටන් පුණ්ඩරීක නම් අසංඛ්‍යය දක්වා වූ සත් අසංඛ්‍යය ඇතුළත ලොව පහළ වූ එක් ලක්ෂ විසිපන් දහසක් (1,25,000) පමණ වූ සියලු බුදුවරයන් වහන්සේලා සියැසින් දැක

“බුද්ධොහං බොධයිස්සාමි - මුත්තොහං මොචයෙ පරෙ
තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා”

යනුවෙන් “මම චතුස්සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව්තුරා බුදුව අන්‍යයන්ට ද අවබෝධකර වන්නෙමි. මම සසර දුකින් මිදී ලෝකයාත් එයින් මුදවන්නෙමි. මම මහ බියැති සසර සයුරෙන් එතර වී ලෝකයාත් එයින් එතර කර වන්නෙමි” යි සිතින් බුදු බව පතමින් මනෝප්‍රණිධානය මුදුන් පත් කළහ. එසේ ම සර්වභද්‍ර නම් අසංඛ්‍යයෙහි පටන් සර්වශෛල නම් අසං‍ඛ්‍යය දක්වා වූ මේ නවාසංඛ්‍ය කල්ප ලක්ෂය ඇතුළත ලොව පහළ වූ තුන් ලක්ෂ අසූ සත් දහසක් (3,87,000) පමණ වූ සියලු බුදුවරයන් වහ්නසේලා සියැසින් දැක මුලින් දැක් වූ ගාථාව අනුව වචනයෙන් බුදු බව පතමින් අප්‍රමාණ වූ පාරමිතාවන් සපුරා වාක්ප්‍රණීධානය මුදුන් පත් කළහ. මෙසේ උන්වහන්සේ මනෝප්‍රණිධානය පිරීමෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද වාක්ප්‍රණිධානය පිරීමෙන් නවාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දැයි යන මේ සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත ලොව පහළ වූ යන මේ පන්ලක්ෂ දොළොස් දහසක් පමණ වූ බුදුවරයන් වහන්සේලා සියැසින් දැක වැඳ පුදා මනෝප්‍රණිධානය හා වාක්ප්‍රණිධානය මස්තක ප්‍රාප්ත කළහ."


T. “සම්බුද්ධෙ අට්ඨවීසඤ්ච, ද්වාදසඤ්ච සහස්සකෙ;
පඤ්චසතසහස්සානි, නමාමි සිරසා මහං; ….

නමස්සනගාථා පවත්තා සා ඌනසඞ්ඛ්‍යාවසෙනෙව කතාව භවිතබ්බං, තථා හි අම්හාකං භගවා පොරාණබ්‍රහ්මදෙවබුද්ධං ආදිං කත්වා යාව පොරාණසක්‍යගොතමා මනසාව චින්තෙන්තස්ස සත්තඅසඞ්ඛ්‍යෙය්‍යානි වීතිවත්තානි පොරාණසක්‍යගොතමබුද්ධං ආදිං කත්වා යාව මජ්ඣිමදීපඞ්කරා වාචාමත්තෙන නව අසඞ්ඛ්‍යෙය්‍යානි වීතිවත්තානි. මජ්ඣිමදීපඞ්කරතො පට්ඨාය යාව පදුමුත්තරබුද්ධා කායඞ්ගවාචඞ්ගවසෙන චත්තාරි අසඞ්ඛ්‍යෙය්‍යානි වීතිවත්තානි. පදුමුත්තරබුද්ධතො යාව කකුසන්ධා එකමසඞ්ඛ්‍යෙය්‍යං වීතිවත්තං. එවමිමෙසු වීසතිඅසඞ්ඛ්‍යෙය්‍යෙසු බ්‍රහ්මදෙවපොරාණසක්‍යගොතමබුද්ධානමන්තරෙ සත්ත අසඞ්ඛ්‍යෙය්‍යෙ සබ්බං සම්පිණ්ඩෙත්වා එකසතසහස්සඤ්ච වීසති සහස්සඤ්ච පඤ්චසහස්සානි ච හොන්ති. පොරාණසක්‍යගොතමමජ්ඣිමදීපඞ්කරානමන්තරෙ නව අසඞ්ඛ්‍යෙය්‍යෙ සබ්බං සම්පිණ්ඩෙත්වා තීණිසතසහස්සානි සත්තාසීතිසහස්සානි ච හොන්ති. මජ්ඣිමදීපඞ්කරතො යාව මෙත්තෙය්‍යා අට්ඨවීසාති සබ්බං සමොධානෙත්වා අට්ඨවීසඤ්ච ද්වාදසසහස්සඤ්ච පඤ්චසතසහස්සානි ච හොන්ති තස්මා ඌනසඞ්ඛ්‍යාති වෙදිතබ්බා. පරිපුණ්ණසඞ්ඛ්‍යාවසෙන ඉච්ඡමානෙහි චින්තෙතබ්බාව. එසා ච සඞ්ඛ්‍යාවිචාරණා නිදානෙ වුත්තාව.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll