92. සප්ත ශුන්‍යතාව ද? සත්ත ශූන්‍යතාව ද? සත්ත්ව ශුන්‍යතාව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සීල සූත්‍රයේ සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා පඤ්චොපාදානස්කන්‍ධය ශුන්‍ය ලෙස නුවණින් මෙනෙහි කරන ලෙස. "ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් පඤ්චොපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩ වශයෙන් හුල් වශයෙන් පීඩා වශයෙන් ආබාධ වශයෙන් මෙරමා වශයෙන් වැනසීම් වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු ය."
සීල සූත්‍ර අටුවාවේ දැක්වෙනවා "සත‍්තසුඤ‍්ඤතට‍්ඨෙන සුඤ‍්ඤතො - සත්වැදෑරුම් ශුන්‍ය අර්ථයෙන් “සුඤ්ඤතො” නමි" යනුවෙන්. මේ සත්වැදෑරුම් ශුන්‍යතාවය පැහැදිලි කර දෙන්න පුළුවන් ද?

Q. Please describe about 'Sathwederum Shunyatha Dharmaya' (සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය).

තෙරුවන් සරණයි. සීල සූත්‍ර අටුවාවේ එන පඤ්චොපාදානස්කන්‍ධයේ සත්වැදෑරුම් ශුන්‍යතාව කුමක්දැයි පැහැදිලි කර දෙන්න පුලුවන්ද? "සත්වැදෑරුම් ශුන්‍ය අර්ථයෙන් “සුඤ්ඤතො” නමි - සත‍්තසුඤ‍්ඤතට‍්ඨෙන සුඤ‍්ඤතො"

A. එය පරිවර්තන දෝෂයක් විය යුතුය - “සත්ත” යන පාළි වදන මෙහි දී යෙදී ඇත්තේ “හතට / සතට / 07ට” නොව “සත්ත්වයාට” බව පෙනේ.

‘සත්ත්වයා’ යැයි සලකනු ලබන නොහොත් සත්ත්ව සංඛ්‍යාත ආත්මයක් (ආත්මයක් / සත්ත්වයෙක් / පුද්ගලයෙක් / කෙනෙක් / මම / ජීවයක් / ජීවියෙක් / ප්‍රාණියෙක් / ප්‍රාණයක් / ...) නොවන අර්ථයෙන් විය යුතු බව ටීකාව*** අනුව අපෙගේ අදහසයි.

එවිට, >>සත්වැදෑරුම් ශුන්‍ය අර්ථයෙන් “සුඤ්ඤතො” නමි<< නොව >>>සත්ත්ව සංඛ්‍යාත ආත්මයක් නොවන (/ සත්ත්ව සංඛ්‍යාත ආත්මයකින් තොර) අර්ථයෙන් “සුඤ්ඤතො” නමි<<< ලෙස නිවැරදිව පරිවර්තනය විය යුතු බව පෙනේ.

***“සත්තසුඤ්ඤතට්ඨෙනාති සත්තසඞ්ඛාතඅත්තසුඤ්ඤතට්ඨෙන.”

[“සත්තොති සත්තසුඤ්ඤතාති වදන්ති, සත්තසුඤ්ඤෙසු වා සඞ්ඛාරෙසු සත්තවොහාරො.”

“තත්ථ ද්වෙ සුඤ්ඤතා – සත්තසුඤ්ඤතා ච සඞ්ඛාරසුඤ්ඤතා ච. සත්තසුඤ්ඤතා නාම දිට්ඨියා ¶ පරිකප්පිතෙන සත්තෙන සුඤ්ඤා පඤ්චක්ඛන්ධා. සඞ්ඛාරසුඤ්ඤතා නාම සබ්බසඞ්ඛාරෙහි සුඤ්ඤං විවිත්තං නිස්සටං නිබ්බානං.”

“පාරායනගාථාය ¶ සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති සත්තසුඤ්ඤතවසෙන ඛන්ධලොකං ඔලොකෙහීති අත්ථො.”

“සත්තොති සත්තසුඤ්ඤතාති වදන්ති, සත්තසුඤ්ඤෙසු පන සඞ්ඛාරෙසු සත්තවොහාරො, සත්තත්ථකිච්චසිද්ධි ච.”

{??? සත්තත්ථකිච්චසිද්ධි = සත්ත්ව අර්ථ ක්‍රියාව සිදු කරන [සත්ව අර්ථ කෘත්‍යය සිද්ධ කරන] ???}

T. ["කතමං සඞ්ඛාරසුඤ්ඤං? තයො සඞ්ඛාරා – පුඤ්ඤාභිසඞ්ඛාරො, අපුඤ්ඤාභිසඞ්ඛාරො, ආනෙඤ්ජාභිසඞ්ඛාරො. පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරෙන ච ආනෙඤ්ජාභිසඞ්ඛාරෙන ච සුඤ්ඤො. අපුඤ්ඤාභිසඞ්ඛාරො පුඤ්ඤාභිසඞ්ඛාරෙන ච ආනෙඤ්ජාභිසඞ්ඛාරෙන ච සුඤ්ඤො. ආනෙඤ්ජාභිසඞ්ඛාරො පුඤ්ඤාභිසඞ්ඛාරෙන ච අපුඤ්ඤාභිසඞ්ඛාරෙන ච සුඤ්ඤො. ඉමෙ තයො සඞ්ඛාරා.
අපරෙපි තයො සඞ්ඛාරා – කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. කායසඞ්ඛාරො වචීසඞ්ඛාරෙන ච චිත්තසඞ්ඛාරෙන ච සුඤ්ඤො. වචීසඞ්ඛාරො කායසඞ්ඛාරෙන ච චිත්තසඞ්ඛාරෙන ච සුඤ්ඤො. චිත්තසඞ්ඛාරො කායසඞ්ඛාරෙන ¶ ච වචීසඞ්ඛාරෙන ච සුඤ්ඤො. ඉමෙ තයො සඞ්ඛාරා.
අපරෙපි තයො සඞ්ඛාරා – අතීතා සඞ්ඛාරා, අනාගතා සඞ්ඛාරා, පච්චුප්පන්නා සඞ්ඛාරා. අතීතා සඞ්ඛාරා අනාගතෙහි ච පච්චුප්පන්නෙහි ච සඞ්ඛාරෙහි සුඤ්ඤා. අනාගතා සඞ්ඛාරා අතීතෙහි ච පච්චුප්පන්නෙහි ච සඞ්ඛාරෙහි සුඤ්ඤා පච්චුප්පන්නා සඞ්ඛාරා අතීතෙහි ච අනාගතෙහි ච සඞ්ඛාරෙහි සුඤ්ඤා. ඉමෙ තයො සඞ්ඛාරා; ඉදං සඞ්ඛාරසුඤ්ඤං."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll