38. කුල්ලූපමං වො භික්‍ඛවෙ ධම්මං දෙසිස්සාමි නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථාය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අභිදර්මය සත්‍යයි කියල ගත්තොත් එය පිලිගැනීමකට හසුවෙනව නේද?
(අපහාසයට නොව ගැබුරු සංවාදයකට බව කරුනාවෙන් සලකන්න)

A. “ධම්මෙ යන පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි හා ප්‍රතිවෙධ ධර්‍මයෙහියි, පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි සැක කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය අසූහාරදහසක් ධර්‍මස්කන්ධයකැයි කියති. මෙය ඇත්ද නැද්දැයි සැකකරයි, ප්‍රතිවෙධ ධර්‍මයෙහි සැකකරන්නේ විදර්‍ශනාවේ ප්‍රතිඵලය මාර්‍ගය නමි මාර්‍ගයේ ප්‍රතිඵලය ඵලය නමි, සියලු සංස්කාර අතහැරීම නිවන නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැක කරයි”


A. “මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මේ දැකීම (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) අල්වාගනිව් නම්, (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ක්‍රීඩා කරව් නම්, (ධනයකට මෙන්) ඊට කැමතිවව් නම් එකෙනෙහි මමත්වයක් ඇතිකර ගනිව් නම්, තෙපි මා විසින් සසර එතෙර කිරීම පිණිස මිස; අල්වා නොගැනීම පිණිස පහුරකට උපමා කොට දේශනා කරනලද ධර්මය දන්නෝ වන්නහුද?”
“නැත, ස්වාමීනි.”

“මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මේ දැකීම (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) අල්වා නොගනිව් නම්, (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ක්‍රීඩා නොකරව් නම්, (ධනයකට මෙන්) ඊට කැමති නොවව් නම්, මමත්වයක් ඇතිකර නොගනිව් නම් තොපි මා විසින් සසර එතෙරකිරීම පිණිස මිස අල්වා නොගැනීම පිණිස පහුරකට උපමාකොට දේශනා කරනලද ධර්මය දන්නෝ වන්නහුද?”
“එසේය, ස්වාමීනි.”


[15. මහණෙනි, ඉදින් තෙපි මෙසෙයින් (ස්වභාවදර්ශනයෙන්) පරිශුද්ධ, මෙසෙයින් (ප්‍රත්‍යයදර්ශනයෙන්) පර්ය්‍යවදාන, මේ සම්‍යග්දෘෂ්ටිය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇලීගෙන වසවු නම්, කෙළිකොට ගනිවු නම්, ධනය මෙන් කොට ගනිවු නම්, මමත්වය කරවු නම්, මහණෙනි, “නිස්තරණය (සසරින් එතෙරවීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙති”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගනිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉඳින් තෙපි මෙසෙයින් පරිශුද්ධ, මෙසෙයින් පර්ය්‍යවදාන, මේ සම්දිටු ඇලීගෙන නොවසවු නම්, කෙළිකොට නොගනිවු නම්, ධන වැනි කොට නොගනිවු නම්, මහණෙනි, තෙපි “නිස්තරණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙති”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගන්නහු ද? වහන්ස, එසේය.
‘‘ඉමං චෙ තුම්හෙ, භික්ඛවෙ, දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං අල්ලීයෙථ කෙලායෙථ ධනායෙථ මමායෙථ, අපි නු මෙ තුම්හෙ, භික්ඛවෙ, කුල්ලූපමං ධම්මං දෙසිතං ආජානෙය්‍යාථ නිත්ථරණත්ථාය නො ගහණත්ථායා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘ඉමං චෙ තුම්හෙ, භික්ඛවෙ, දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං න අල්ලීයෙථ න කෙලායෙථ න ධනායෙථ න මමායෙථ, අපි නු මෙ තුම්හෙ, භික්ඛවෙ, කුල්ලූපමං ධම්මං දෙසිතං ආජානෙය්‍යාථ නිත්ථරණත්ථාය නො ගහණත්ථායා’’ති?
‘‘එවං, භන්තෙ’’.]

T. "967. තත්‍ථ කතමෙ පඤ‍්චචෙතොඛිලා: සත්‍ථිරි කඞ‍්ඛතී විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්ඡති න සම‍්පසීදති, සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනතො ආහතචිත‍්තො ඛිලජාතො, ඉමෙ පඤ‍්ච චෙතොඛිලා.
967. එහි පඤ්චචෙතොඛිලයෝ කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ධර්මය කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ශික්ෂාව කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් චෙතොඛීල ඇත්තේ වෙයි. මොහු ‘පඤ්චචෙතොඛිලයෝ’ යි."

"පඤ‍්චමෙ චෙතොඛිලාති චිත‍්තස‍්ස ථද‍්ධභාවා, කචවරභාවා, ඛාණුකභාවා. සත්‍ථරි කඞ‍්ඛතීති සත්‍ථු සරීරෙ වා ගුණෙ වා කඞ‍්ඛති. සරීරෙ කඞ‍්ඛමානො “ද‍්වත‍්තිංසවරපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං නාම සරීරං අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති, ගුණෙ කඞ‍්ඛමානො “අතීතානාගතපච‍්චුප‍්පන‍්නජානනසමත්‍ථං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. විචිකිච‍්ඡතීති විචිනන‍්තො කිච‍්ඡති, දුක‍්ඛං ආපජ‍්ජති, විනිච‍්ඡෙතුං න සක‍්කොති. නාධිමුච‍්චතීති එවමෙතන‍්ති අධිමොක‍්ඛං න පටිලභති. න සම‍්පසීදතීති ගුණෙසු ඔතරිත්‍වා නිබ‍්බිචිකිච‍්ඡභාවෙන පසීදිතුං අනාවිලො භවිතුං න සක‍්කොති. ආතප‍්පායාති කිලෙසසන‍්තාපකවීරියකරණත්‍ථාය. අනුයොගායාති පුනප‍්පුනං යොගාය. සාතච‍්චායාති සතතකිරියාය. පධානායාති පදහනත්‍ථාය. අයං පඨමො චෙතොඛිලොති අයං සත්‍ථරි විචිකිච‍්ඡාසඞ‍්ඛාතො පඨමො චිත‍්තස‍්ස ථද‍්ධභාවො එවමෙතස‍්ස භික‍්ඛුනො අප‍්පහීනො හොති.

පස්වැන්නෙහි චෙතොඛිලා යනු සිතේ තද බවයි, නිසරු බවයි, දැඩිබවයි, සත්‍ථරි කඞ්ඛති යනු ශාස්තෲන් වහන්සේගේ ශරීරය පිළිබඳව හෝ ගුණය පිළිබඳව සැකකරයි, සිරුරෙහි සැක කෙරෙන්නේ දෙතිස් උතුම් ලකුණවලින් යුත් සිරුරක් ඇත්ද නැද්දැයි සැක කරයි, ගුණයෙහි සැක කෙරෙන්නේ අතීත අනාගත වර්‍තමානයන් ගැනීමට සමත් සර්‍වඥතා ඥානයක් ඇත්ද නැද්දැයි සැක කරයි, විචිකිච්ඡති යනු විමසමින් දුෂ්කර බවට පත්වෙයි, දුකට පත් වෙයි, විනිශ්චය කිරීමට නොහැකි වෙයි, නාධිමුච්චති යනු මෙය මෙසේයයි නිශ්චයක් නොලබයි, න සම්පසීදති යනු ගුණයන්හි බැස නිසැක බවින් පැහැදීමට, නොකැලඹුනකු වීමට නොහැකි වෙයි, ආතප්පාය යනු කෙලෙස් තවන වීර්යකිරීම සඳහාය, අනුයොගාය යනු නැවත නැවත යෙදීම සඳහාය, සාතච්චාය යනු නිබඳ කිරීම සඳහායි, පධානාය යනු වීර්ය වඩනු සඳහායි, අයං පඨමො චෙතොඛිලා යනු මෙය ශාස්තෲන් කෙරෙහි සැක කිරීම් සංඛ්‍යාත වූ පළමු වැනි සිතේ දැඩිබව මෙසේ මේ භික්ෂුවගේ ප්‍රහීනවූයේ නොවෙයි,

ධම‍්මෙති පරියත‍්තිධම‍්මෙ ච පටිවෙධධම‍්මෙ ච. පරියත‍්තිධම‍්මෙ කඞ‍්ඛමානො “තෙපිටකං බුද‍්ධවචනං චතුරාසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානීති වදන‍්ති, අත්‍ථි නු ඛො එතං නත්‍ථී”ති කඞ‍්ඛති. පටිවෙධධම‍්මෙ කඞ‍්ඛමානො “විපස‍්සනානිස‍්සන්‍දො මග‍්ගො නාම, මග‍්ගනිස‍්සන්‍දං ඵලං නාම, සබ‍්බසඞ‍්ඛාරපටිනිස‍්සග‍්ගො නිබ‍්බානං නාමාති වදන‍්ති, තං අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. සඞ‍්ඝෙ කඞ‍්ඛතීති “උජුප‍්පටිපන‍්නො”තිආදීනං පදානං වසෙන “එවරූපං පටිපදං පටිපන‍්නො චත‍්තාරො මග‍්ගට‍්ඨා චත‍්තාරො ඵලට‍්ඨාති අට‍්ඨන‍්නං පුග‍්ගලානං සමූහභූතො සඞ‍්ඝො නාම අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. සික‍්ඛාය කඞ‍්ඛමානො “අධිසීලසික‍්ඛා නාම අධිචිත‍්තඅධිපඤ‍්ඤාසික‍්ඛා නාමාති වදන‍්ති, සා අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. අයං පඤ‍්චමොති අයං සබ්‍රහ‍්මචාරීසු කොපසඞ‍්ඛාතො පඤ‍්චමො චිත‍්තස‍්ස ථද‍්ධභාවො කචවරභාවො ඛාණුකභාවො.
ධම්මෙ යන පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි හා ප්‍රතිවෙධ ධර්‍මයෙහියි, පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි සැක කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය අසූහාරදහසක් ධර්‍මස්කන්ධයකැයි කියති. මෙය ඇත්ද නැද්දැයි සැකකරයි, ප්‍රතිවෙධ ධර්‍මයෙහි සැකකරන්නේ විදර්‍ශනාවේ ප්‍රතිඵලය මාර්‍ගය නමි මාර්‍ගයේ ප්‍රතිඵලය ඵලය නමි, සියලු සංස්කාර අතහැරීම නිවන නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැක කරයි, සඞ්ඝෙ කඞ්ඛති යනු සෘජු ප්‍රතිපන්න ආදි පදයන්ගේ වශයෙන් මෙබඳු වූ පිළිවෙතකට පිළිපන් සතර මාර්‍ගස්ථයෝය සතර ඵලස්ථයෝයි පුද්ගලයන් අටදෙනාගේ සමුහය වූ සංඝයා නම් ඇත්ද නැද්දැයි සැක කරයි, ශික්‍ෂාවෙහි සැක කරන්නේ අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂායි නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැකකරයි: අයං පඤ්චමො යනු මේ සබ්‍රහ්මචාරීන් අතුරෙහි කොප සංඛ්‍යාත පස්වැනි වූ සිතේ තදබවයි, කිළිටි බවයි, දැඩිබවයි."

[DSA - 402]
"ධමෙම කංඛති යනාදීන්හි වනාහි කෙලෙස්‌ දුරුකරන කෙලෙස්‌ සංසිඳවූ සතර ආර්ය මාර්ගයැයි කියන සතර ශ්‍රාමණ්‍ය ඵල ද මාර්ගඵලයන්ගේ ආරම්මණප්‍රත්‍ය වූ අමාමහ නිවන නම්‌ ඇද්දෝ හෝ නැද්දෝ සැක කරනුයේ ද, මේ ධර්මය නෛර්යාණිකදෝ නැද්දෝ හෝයි සැක කරන්නේ ද ධමෙම කංඛති නමි. සතර මාර්ගස්ථ සතර ඵලස්ථ යැයි කියන මේ සංඝරත්නය ඇද්දෙර හෝ නැද්දෝයි සැක කරනුයේ ද මේ සංඝරත්නය සුප්‍රතිපන්න දෝ (දුෂ්ප්‍රති පන්න හෝ) යි සැක කරනුයේ ද මේ සංඝරත්නයෙහි දෙනලද දෙයෙහි ඵලවිපාක ඇද්දෝ හෝ නැද්දෝ යි සැකකරනුයේ ද ත්‍රිවිධ ශික්‍ෂා ශික්‍ෂිත ප්‍රත්‍යයෙන්‌ අනුසස්‌ ඇද්දෝ හෝ නැද්දෝ යි සැකකරනුයේ ද සිකබඛබාය කංඛති නමි.

අතීත ස්කන්ධ ධාතු ආයතන පූර්වාන්තය යැයි කියනු ලැබේ. අනාගත ස්කන්ධ ධාතු ආයතන අපරාන්තයයි. එහි අතීත ස්කන්ධාදීන්හි ..."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll