66. බුදුහිමියන්ටත් තහනම් දේ තිබේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදු දහමට අනුව බෞද්ධ අප විසින් අත් හල යුතු තිරස්චීන (තිරච්ඡීන / තිරච්ඡාන) ධර්ම 4 ක් සඳහන් වෙනව. ඒවා නම් ආතබ්බනං(මන්ත්‍ර ශාස්ත්‍රය) සුපිනං(සිහින ශාස්ත්‍රය) ලක්ඛණං(අංග ලක්ෂණ ශාස්ත්‍රය) අතෝපි නක්ඛත්තං(නැකත් ශාස්ත්‍රය ).
කාරණාව - එසේ නම් කොසොල් රජතුමා ගේ සිහින 16 පිලිබඳව උන් වහන්සේ පලාපල ප්‍රකාශ කලේ ඇයි?

A / T. තථාගතයන්වහන්සේගේ පැනවීම් භාග්‍යවතුන්වහන්සේ හැර සෙසු ශ්‍රාවකයන් උදෙසා ය - තථාගතයන්වහන්සේට (උන්වහන්සේට) අදාළ නොවේ.

[“බිම්බිසාර රජු මේ කථාව අසා බුදුන්වෙත ගොස් ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රාවකයින්ට ප්‍රාතිහාර්ය නොකරන ලෙසට සිඛ පදයක් පැනවුවේද? මහරජ එසේය. දැන් තීර්ථකයෝ ඔබ වහන්සේ සමග ප්‍රාතිහාර්ය කරන්නෙමුයි කියති. දැන් කුමක් කරන්නහුද? ඔවුන් කරන්නේ නම් මම ද කරමි. මහරජු ! ඔබවහන්සේ ශික්ෂාපදයක් පනවා තිබෙනවා නේද? නෑ මහරජ මට ශික්ෂාපදයක් පනවා නැත. එය මගේ ශ්‍රාවකයින්ට පනවන ලද්දකි. ස්වාමීනි ! ඔබ වහන්සේ අත්හැර සික පදයක් පනවන ලද්දේද? එසේ නම් මහරජ ඔබෙන් පැනයක් පෙරළා අසමි. මහරජ ඔබේ උයනේ අඹ ආදී පළතුරු මහජනයා අනුභව කරන්නේනම් කුමක් කරන්නේද? දඩුවම් පමුණුවමි. එසේනම් ඔබට අඹ කන්නට ලැබේද? එසේය ස්වාමීනි මට දඩුවම් නැත. මට මා සතුදේ අනුභව කිරීමට ලැබේ. මහරජ යම්සේ ඔබ ගේ තුන්යොදුන් පමණවු රාජ්‍යයේ ආඥාව පවතිද තමන්ගේ උයනේ අඹ ආදිය කෑවාට දඩුවම් නැත්ද? අන් අයට දඩුවම් ලැබේද? එලෙසම කෙළ ලක්‍ෂයක් සක්වල මගේ ආඥාව පවතී අන් අයට මෙන් ආඥාව ඇතිකළ මට ප්‍රඥප්තිය ඉක්මවා යාමක් සිදුනොවේ. මම ප්‍රාතිහාර්ය දක්වන්නෙමි.”

[“ආථබ්බණං සුපිනං ලක්ඛණං, නො විදහෙ අථොපි නක්ඛත්තං;
විරුතඤ්ච ගබ්භකරණං, තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය.”

“ආථර්වණයද ස්වප්න ශාස්ත්‍රයද ලකුණු කීමේ ශාස්ත්‍රයද නොකරන්නේය. එසේම නැකැත් කීමද නොකරන්නේය”

A / T. [“මහරජානෙනි, යම් සේ වමනය කරවන ලද්දා වූ විරේකය කරවන ලද්දා වූ වස්තිකර්මය කරවන ලද්දා වූ රොගාතුරයාහට සප්පායක්‍රියාවෝ කැමැති විය යුත්තාහු වෙද් ද, මහරජානෙනි, එපරිද්දෙන් ම ‘ක්ලේශයන් සහිත ව පවත්නා වූ චතුස්සත්‍යධර්මය නො දැක්කහු විසින් සතර පස් පිඩක් අහර නො වළඳා[2] පැන් බී සසරකතර ගෙවන්ට උත්සාහ කළ මැනැවැ’ යි වදාළ අවවාද සිතට නඟා ගෙණ උදරපොෂණයෙහි සංයම කට යුතු වන්නේ ය. 

තවද මහරජානෙනි, එසේ ම ඝනාන්ධකාරයෙහි හාත්පසින් සතර ගව්වක් ප්‍ර‍මාණ තන්හි ආලොක කරන්නා වූ ප්‍ර‍භා ඇත්තා වූ ජාතිමත් වූ උපන් තැන් පටන් ම අතිපරිශුද්ධ වූ චක්‍ර‍වර්තිමාණික්‍ය රත්නයාගේ ඔප් නැගීම පිණිස මර්දන ඝංසන ධොවනයෙන් කටයුත්තක් නො වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම සර්වඥබුද්ධවිෂයයෙහි පාරමිතා ධර්මයට පැමිණියා වූ තථාගතයන් වහන්සේගේ කෘත්‍යකරණයෙහි ආවරණයක් නො වන්නේ ය”


{"1 “ආථර්වණයද ස්වප්න ශාස්ත්‍රයද ලකුණු කීමේ ශාස්ත්‍රයද නොකරන්නේය. එසේම නැකැත් කීමද නොකරන්නේය” යනු නගරය හෝ වටකළ කල්හි යුද්ධයක් හෝ පැමිණි කල්හි අන්‍ය සේනාවෙහි සතුරන් කෙරෙහි සූනියම් කරත්, භය උපදවත්, උපද්‍රව උපදවත්, සූලනම් රෝගය ඇතිකරවත්, අතීසාරය ඇති කරවත්, ලේ අතීසාරය ඇති කරවත්, මෙසේ මන්ත්‍රකරුවෝ මන්ත්‍ර කරත්. සිහින කියන්නෝ සිහින තෝරත්, යමෙක් පෙරවරු කාලයෙහි සිහිනයක් දකීද, මෙසේ විපාක ඇති වෙයි. යමෙක් මධ්‍යාහ්න කාලයෙහි සිහිනයක් දකීද, මෙබඳු විපාකයක් වෙයි. යමෙක් සවස් කාලයෙහි සිහිනයක් දකීද, මෙබඳු විපාක ඇත්තේ වෙයී. යමෙක් පෙරයම සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේවෙයි. මධ්‍යම යාමයෙහි සිහිනයක් දකීද, මෙබඳු විපාක ඇත්තේ වෙයි. පශ්චිම යාමයෙහි සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේ වෙයි. යමෙක් දකුණු පසින් වැදහොත්තේ සිහිනයක් දකීද, මෙබඳු විපාක ඇත්තේ වෙයි. යමෙක් වම්පසින් වැදහොත්තේ සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේ වෙයි යමෙක් උඩුපසට වැද හොත්තේ සිහිනයක් දකීද මෙබඳු විපාක ඇත්තේ වෙයි. යමෙක් යටිපසට වැදහොත්තේ මෙබඳු විපාක ඇත්තේ වෙයි යමෙක් සිහිනෙන් සඳ දකීද යමෙක් හිරු දකීද, යමෙක් මහ සමුදුර දකීද, යමෙක් මහාමෙරු පර්වත රාජයා දකීද, යමෙක් ඇතුන් දකීද, යමෙක් අශ්වයකු දකීද, යමෙක් රියක් දකීද යමෙක් පාබල සෙනඟක් දකීද යමෙක් මහාසේනාවක් දකීද යමෙක් රමණීයවූ ආරාමයක් දකීද, යමෙක් රමණියවූ වනයක් දකීද යමෙක් රමණීයවූ භූමියක් දකීද, යමෙක් රමණීයවූ පොකුණක් දකීද මෙසේ විපාකවේයයි මෙසේ සිහින ලකුණු කියන්නෝ සිහින විස්තර කරත්.

2 “ලක්ෂණ ශාස්ත්‍රය කියන්නෝ ලක්ෂණ විස්තර කරත්” යනු මණි ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, කඩුලක්ෂණය, ඊතල ලක්ෂණය, ආයුධලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරුෂලක්ෂණය, කුමාරිකාලක්ෂණය කුමාරලක්ෂණය, දාස ලක්ෂණය, හස්ති ලක්ෂණය, අශ්ව ලක්ෂණය, මීමුන්ගේ ලක්ෂණය, නායක ගොනුන්ගේ ලක්ෂණය, සාමාන්‍ය ගොනුන්ගේ ලක්ෂණය, එළු ලක්ෂණය, බැටළු ලක්ෂණය, කුකුල් ලක්ෂණය, වටු ලක්ෂණය, ගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, කැසුබු ලක්ෂණය, මුව ලක්ෂණය හෝ යනුයි

3 මෙසේ ලකුණු කියන්නෝ ලකුණු ප්‍රකාශ කරත්. නැකැත් කියන්නෝ නැකැත් ප්‍රකාශ කරත්. නැකැත් විසි අටෙකි. මේ නැකතින් ගෙවදීම කටයුතුයි. මේ නැකතින් හිසේ පළඳනා ආභරණ බැඳිය යුතුයි. මේ නැකතින් විවාහ යෝජනාව කටයුතුයි. මේ නැකතින් බීජ නිහාරය (අස්වැන්න කැපීම) කටයුතුයි. මේ නැකතින් සංවාසය කටයුතුයි මෙසේ නැකැත් කියන්නෝ නැකැත් විස්තරකොට කියත්.

4 “අථර්වණයද, ස්වප්න ශාස්ත්‍රයද ලක්ෂණ ශාස්ත්‍රයද එසේම නැකැත් කීමද නොකරන්නේය” යනු මන්ත්‍ර ශාස්ත්‍රයද ස්වප්න ශාස්ත්‍රයද ලක්ෂණ ශාස්ත්‍රයද නැකැත් කීමද නොකරන්නේය නොහැසිරෙන්නේය එයගෙන නොහැසිරෙන්නේය යලිදු හෝ නොගන්නේය, නොදරන්නේය සලකා නොබලන්නේය නොයෙදෙන්නේය යනුයි

5 “තිරිසනුන්ගේ හඬ දැන කීමද ගැබ් කිරීමද වෙදකමද බුද්ධමාමකතෙම ඇසුරු නොකරන්නේය” යන්නෙහි විරුත යනු තිරිසනුන්ගේ වචනයි තිරිසනුන්ගේ වචන කියන්නෝ තිරිසනුන්ගේ වචන විස්තර කරත්. පක්ෂීන්ගේ හෝ තිරිසනුන්ගේ හෝ හැඬලීම ශබ්දය දනිත්, මෙසේ මෘගයන්ගේ වචන කියන්නෝ මෘග වාක්‍ය විස්තර කරත්. ගැබ් කරන්නෝ ගැබ් ඇති කරත්. කරුණු දෙකකින් ගර්භය ඇති නොවෙයි. පණුවන්ගෙන් හෝ වාතය කිපීමෙන් හෝ යනුයි. පණුවන් හෝ වාතය කිපීම හෝ දුරු කිරීම පිණිස ඖෂධ දෙත්, මෙසේ ගැබ් කරන්නෝ ගැබ් ඇති කරවත් “වෙදකම” යනු වෙදකම් පසෙකි. තඹ ආදී කූරුයොදා කරණ වෙදකම ආයුධ යොදවා කරණ සල්ල්‍යචිකිත්සාව, කායචිකිත්සාව ධාතුමූලක රෝගයන්ට කරණ චිකිත්සාව කුමාරචිකිත්සාව (ළමයින්ට කරණ වෙදකම) යනුයි “මාමක තැනැත්තේ” යනු බුද්ධ මාමක, ධම්ම මාමක’ සංඝමාමක යනුයි.

6 “හෙතෙමේ හෝ භාග්‍යවතුන් වහන්සේට මමායනය කරයි. භාග්‍යවතුන් වහන්සේ හෝ ඒ පුද්ගලයා පිළිගනියි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී “මහණෙනි යම් ඒ භික්ෂුහු කුහකද, තදගති ඇත්තාහුද චාටුබස් කියන්නාහුද, ඉදිරියෙහි ගමන් කරණ මානය ඇත්තෝද, එකඟ නොවූ සිත් ඇත්තෝද මහණෙනි, මේ භික්ෂූහු මාමකයෝ නොවෙත්, මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙන් ඉවත්වූවෝ වෙත්. ඒ භික්ෂූහු මේ ශාසනයෙහි වැඩීමට උසස් බවට නොපැමිණෙත්. මහණෙනි, යම් ඒ භික්ෂුහු කුහක නැත්තෝද තදගති නැත්තෝද චාටුබස් නොකියන්නෝද ඉදිරියෙහි ගමන් කරණ මානය නැත්තෝද එකඟවූ සිත් ඇත්තෝද මහණෙනි, ඒ භික්ෂුහු මාමකයෝ වෙත්. මහණෙනි, ඒ භික්ෂුහු මේ ධර්ම විනයෙන් පහනොවූවෝ වෙත්. මහණෙනි, ඒ භික්ෂුහු මේ ශාසනයෙහි වැඩීමට උසස් බවට පැමිණෙත්.

“කුහකවූ තදවූ ඉදිරියෙහි ගමන් කරණ මානය ඇති නොසන්සුන්වූ ඔවුහු බුදුරදුන් වහන්සේ විසින් දෙසිත ශාසනයෙහි වැඩීමට නොපැමිණෙත්, කුහක නැති තද නැති ඉදිරියෙහි ගමන් කරණ මානය නැති සන්සුන් ඔවුහූ බුදුරජානන් වහන්සේ විසින් දෙසිත ශාසනයෙහි වැඩීමට පැමිණෙත්.

“සතුන්ගේ හඬ කීමද ගැබ් කිරීමද වෙදකමද මාමකතෙම සේවනය නොකරන්නේය. නොහැසිරෙන්නේය යලිදු හෝ නොගන්නේය, නූගන්නේය, සලකා නොලබන්නේය යනුයි."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll