තමන් ඉපදුනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් කියලා කාට හරි දැනගන්න පුලුවන්ද?
A. “ත්‍රිහේතුක කුශලය, ද්විහේතුක කුශලය කියා කාමාවචර කුශලය දෙවැදෑරුම් වේ. ඥාන සම්ප්‍රයුක්ත සිත් සතර ත්‍රිහේතුක ය. ඥාන විප්‍රයුක්ත සිත් සතර ද්විහේතුක ය. එයින් ත්‍රිහේතුක කුශලය බලවත් ය. ද්විහේතුක කුශලය දුබල ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ට - ඕමක වශයෙන් දෙ පරිදි වේ. ද්විහේතුක කුශලය ද එසේ ම දෙ පරිදි වේ.
ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ග්තතේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.”
A. “මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍රතිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය. අසංඥ පුද්ගලයා ද අහේතුක පුද්ගලයෙකි.”
[උපුටා දක්වූ/ගත් මූලාශ්‍රය දක්වීම සදාචාරාත්මකය.]
A. “සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සන්තානයන්හි ඇත්තේ ඒ ඥානවිප්‍රයුක්ත භවාංගය ය. උත්කෘෂ්ට ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥානසම්ප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානයෙහි ස්කන්ධ ධාත්වායතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාදාදි ධර්ම දැන ගන්නා වූ ද ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දැනගන්නා වූ ද සිත් වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහු ම ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නො සමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේ දී ම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකු ම විය යුතුය යි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි.”
A. “බුද්ධ කාලයේ ශ්‍රාවත්‍යාදී නගරවල විසු ලක්ෂ ගණන් මනුෂ්‍යයන් ආර්‍ය්‍යයන් වීමෙන් එකල බොහෝ ත්‍රිහේතුකයන් විසූ බව පෙනේ. එකල මනුෂ්‍ය සමූහයෙහි බොහෝ ත්‍රිහේතුකයන් වූවාහු නම් වර්තමාන මනුෂ්‍ය සංහතියෙහි ත්‍රිහේතුකයන් ඇති නො වීමට හේතුවක් නැත. දැනට සිටින මනුෂ්‍යයන් අතර ද ත්‍රිහේතුකයන් බොහෝ ඇති බව කිව යුතුය. මේ ජාතියේ ම මඟ ඵල ලැබීමට සුදුසු යමෙක් ත්‍රිහේතුක පුද්ගලයෙක් ද නැත ද යන බව ක්‍රමානුකූලව කලක් විදර්ශනා වැඩීමෙන් ම මිස අන් පරිද්දකින් දත නො හේ. කවරකු විසින් විදර්ශනා වැඩුවත් නිශ්ඵල නො වන බැවින් තම තමන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක බව තෝරාගෙන භාවනා කරන්නට නො සිට සියල්ලෝ ම විදර්ශනා කරත්වා!”