Q. සිතේ විසිරීම අධික ස්වභාවය පාලනය කරගන්නේ කෙසේද?
A. "සතුටින් සිටිමි" හෝ "නිදුක් වෙමි" හෝ "අනිත්‍යයි" වැනි, ආසම, කෙටි, අර්ථය හොඳට හිතට දැනෙන, චිත්ත රූප මැවෙන, හොඳ/ධනාත්මක/පුණ්‍ය/කුසල් අරුතක් ඇති වාක්‍යක්/අරමුණක් දවසක් පුරා නිතරම හිතන්න, දින 21ක් නොකඩවා තමන්ගෙ හිතට අවන්කවම උවමනාවෙන් හා ගොඩක් කැමැත්තෙන්.
(දින 21ටම එක කෙටි වාක්‍යයි. වර්තමාන කාලයෙන්ම හිතන්න. අර්ථය හා චිත්ත රූපත් ඉතා වැදගත්.)
A / S / T. තවද, "උද්ධච්ච කුක්කුච්ච නීවරණය.
බිම හෙළූ සුළං බෝලයක් සේ ආරම්මණයෙහි සැලෙමින් පවත්නා වූ චිත්තයාගේ ඒ සැළෙන බව උද්ධච්චය ය. කළ වරද පිළිබඳ ව හා කර ගත නුහුණු යහපත පිළිබඳව ද තැවෙන්නා වූ චිත්තයාගේ ඒ ස්වභාවය කුක්කුච්ච ය. සමාධියට බාධකත්වයෙන් සම බැවින් ඒ දෙක එක ම නීවරණයක් කොට තථාගතයන් වහන්සේ වදාළ සේක. උද්ධච්ච කුක්කුච්ච සහගත සිත බොහෝ සෙයින් ඇති වන්නට පටන් ගතහොත් භාවනාව කළේ ද සමාධිය නො වැඩේ. සමාධිය නො වැඩුණ හොත් මාර්ගයට ඵලයට පැමිණීමට තරම් බලවත් ව විදර්ශනා ඥානය ද ඇති නොවේ. එබැවින් උද්ධච්ච - කුක්කුච්ච නීවරණයක් වන්නේ ය. උද්ධච්ච - කුක්කුච්චය වීර්‍ය්‍යයේ ආකාරයෙන් යෝගාවචරයන්ගේ සන්තානයට සමහර විට පැමිණේ. සමහර විට එය ශික්ෂාකාමිත්වයේ වේශයෙන් ද පහළ වන්නේ ය. යම් කිසි කුසල ධර්මයෙක වේශයෙන් පැමිණි කල්හි එය යෝගාවචරයාට තේරුම් ගැනීමට අපහසු වන බැවින් එසේ උපදනා උද්ධච්ච - කුක්කුච්චය යෝගාවරයනට වඩා අන්තරායකරය.
සමාධියට වඩා වීර්‍ය්‍යය වැඩීම ය, පමණට වඩා ශීල විශුද්ධිය ගැන කල්පනා කිරීම ය, චිත්තයාගේ නො සන්සුන් බව පිළිබඳව කාරණානුකූලව කල්පනා නොකිරීම ය යන මේවා උද්ධච්ච - කුක්කුච්චයා ගේ ඉපදීමට හා වැඩීමට හේතු ය.
සමාධියේ සැටි නුවණින් මෙනෙහි කිරීම ය, උද්ධච්ච - කුක්කුච්චයන් හොඳින් හැඳින ගැනීම ය, නො දත් කරුණු අසා දැන ගැනීම ය, විනය දැනුම ය, බහුශ්‍රැත බව ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, වෘද්ධ සේවනය ය, සත්ප්‍රාය කථා ඇසීම ය යන මොහු උද්ධච්ච - කුක්කුච්ච දුරු වීමේ හේතූහු ය."
# "ධර්ම - විනය දෙක උගෙන තිබෙන බව ය, කැප - අකැප බව පිළිබඳ ව ප්‍රශ්න කිරීම ය, විනයේ සැටි දැන ගෙන තිබීම ය, වෘඬයන් සේවනය කිරීම ය, විනයධර කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම ය, කැප අකැප බව පිළිබඳ කථා ය යන මේ කරුණු සය නිසා ද උඬච්චකුක්කුච්ච නීවරණයාගේ නූපදීම හා දුරු වීම සිදු වේ.
මේ කරුණු සය දක්වා තිබෙන්නේ භික්ෂූන්ට ඇති වන උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ වශයෙනි. තමා උගත් ධර්ම විනය දෙක පාළි වශයෙන් හා අර්ථ වශයෙන් සිතමින් කියමින් හැසිරෙන්නා වූ භික්ෂුවට චිත්තවික්ෂෙප සංඛ්‍යාත ඖද්ධත්‍යය ඇති නො වේ. ධර්මවිනයධරයා හට කළ යුත්ත නො කළ යුත්ත දැනෙන බැවින් සිදු වූ වරදට කළ යුතු ප්‍රතිකාර දැනෙන බැවින් කෞකෘත්‍යය ද ඇති නො වේ. කැප අකැප බව පිළිබඳ ව ප්‍රශ්න කිරීම් බහුල තැනැත්තා අතින් වරද නො වන බැවින් කැප අකැප බව පිළිබඳ ව ප්‍රශ්න කිරීම් බහුල තැනැත්තා හට ද උද්ධච්චකුක්කුච්ච නීවරණය නූපදී. එය බොහෝ සෙයින් උපදින්නේ වරද සිදු වීම නිසා ය."