235. උදය-වය (උදය-ව්‍යය/උදය-වැය) පීඩනය (දුක්ඛ ලක්ෂණය) යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ත්‍රිලක්‍ෂණයේ දුක් ලක්ෂණය හඳුන්වන තැන, උදය-වැය පීළනය කියන්නේ කුමකට ද?

A. පහත සිංහල පරිවර්තනයන් හොඳින් කියවන්න; එසේ ම එය (උදය-වැය පීළනය/පීඩනය යනු) සංස්කාර දුක්ඛ භාවය (දුක් බව) හැඳින්වීමට යොදන පර්යාය (තවත්/වෙනත්) පදයකි.

{පාළියට සිංහල පරිවර්තන අපගේ අදහස හා දැනුම අනුවය.}

# උදයබ්බයප්පටිපීළනාකාරය යනු, ඉපදීම්-නිරුද්ධ වීම්වලින්  (මගින්/විසින්/කෙරෙන්/කරණකොට ගෙන) අතරක් නොමැතිව හැම විට (නිතර/නිතර-නිතර/නිතිපතා/නිරන්තරයෙන්) ම පීළිත ආකාරයෙන් (පෙළීම; මැඩීම; මිරිකීම; පීඩා වීම ගෙන දෙන අයුරින්/බැවින්/හේතුවෙන්) දුක්හ/දුක්හ ය/දුක් වෙති; අනිටු/අනිෂ්ට වෙත්; දුක් සහගතය.

[“උදයබ්බයප්පටිපීළනාකාරෙනාති උප්පාදනිරොධෙහි පති පති අභික්ඛණං පීළනාකාරෙන හෙතුනා දුක්ඛා අනිට්ඨා, දුක්ඛමා වා.”]

# උත්පාද-වය-පීඩාව (පීඩණ ස්වභාවය) යනු, ඉපදීමෙන් ද බිදීමෙන් ද අතොරක් නැතුව (චිත්ත) ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා (එය හා) යුක්ත වූ පෙළීම් (/පිඩා කිරීම්) ස්වභාවය, ඒ ද එය ම (තමා/තෙමේ ම) පීඩාවට ලක් කෙරේ. උදය-ව්‍යය (ඇතිවීම-නැතිවීම) ස්වභාවකොට ඇත්තා වූ ධර්මයෝ වනාහි නිතරම ඒවා පෙළුණාහු ම වෙත්, (සංඛත ධර්මයන්ගේ) එම පීඩන/පීළන (පෙළීම්; මැඩීම්; මිරිකීම්; පීඩා වීම්) ස්වභාවය(ට) “සංස්කාර දුක් ස්වභාවය/සංඛාර දුක්ඛතාව”යි කියයි. (උප්පාදවයපටිපීළනතා = සඞ්ඛාරදුක්ඛතා.)

[“උප්පාදවයපටිපීළනතායාති උප්පාදෙන, වයෙන ච පති පති ඛණෙ ඛණෙ තංසමඞ්ගිනො විබාධනසභාවත්තා, තෙහි වා සයමෙව විබාධෙතබ්බත්තා. උදයබ්බයවන්තො හි ධම්මා අභිණ්හං තෙහි පටිපීළිතා එව හොන්ති, යා පීළනා “සඞ්ඛාරදුක්ඛතා”ති වුච්චති.”]

S / T. "හුත්වාති හෙතුපච්චයසමවායෙ උප්පජ්ජිත්වා. අභාවට්ඨෙනාති තදනන්තරමෙව විනස්සනට්ඨෙන. අනිච්චාති අනිච්චා අද්ධුවා. අනිච්චලක්ඛණං ආරොපෙතීති තෙසු පඤ්චසු ඛන්ධෙසු අනිච්චතාසඞ්ඛාතං සාමඤ්ඤලක්ඛණං නිරොපෙති. තතොති අනිච්චලක්ඛණාරොපනතො පරං, තතො වා අනිච්චභාවතො. උදයබ්බයප්පටිපීළනාකාරෙනාති උප්පාදනිරොධෙහි පති පති අභික්ඛණං පීළනාකාරෙන හෙතුනා දුක්ඛා අනිට්ඨා, දුක්ඛමා වා. අවසවත්තනාකාරෙනාති කස්සචි වසෙන අවසවත්තනාකාරෙන. අනත්තාති න සයං අත්තා, නාපි නෙසං කොචි අත්තා අත්ථීති අනත්තාති. තිලක්ඛණං ආරොපෙත්වාති ¶ එවං අනිච්චස්ස දුක්ඛභාවතො, දුක්ඛස්ස ච අනත්තභාවතො ඛන්ධපඤ්චකෙ තිවිධම්පි සාමඤ්ඤලක්ඛණං ආරොපෙත්වා. සම්මසන්තොති උදයබ්බයඤාණුප්පත්තියා උප්පන්නෙ විපස්සනුපක්කිලෙසෙ පහාය මග්ගාමග්ගං වවත්ථපෙත්වා උදයබ්බයඤාණාදිවිපස්සනාපටිපාටියා සඞ්ඛාරෙ සම්මසන්තො ගොත්‍රභුඤාණානන්තරං ලොකුත්තරමග්ගං පාපුණාති."


# "අනිච්චතොති ච අද්ධුවතො. එතඤ්හි න නිච්චං, ඛණිකතාය අසදාභාවිතාය වා න ඉච්චං න උපගන්තබ්බන්ති අනිච්චං. උප්පාදවයපටිපීළනතායාති උප්පාදෙන, වයෙන ච පති පති ඛණෙ ඛණෙ තංසමඞ්ගිනො විබාධනසභාවත්තා, තෙහි වා සයමෙව විබාධෙතබ්බත්තා. උදයබ්බයවන්තො හි ධම්මා අභිණ්හං තෙහි පටිපීළිතා එව හොන්ති, යා පීළනා “සඞ්ඛාරදුක්ඛතා”ති වුච්චති. දුක්ඛවත්ථුතායාති ¶ තිවිධස්සාපි දුක්ඛස්ස, සංසාරදුක්ඛස්ස ච අධිට්ඨානභාවතො. පච්චයයාපනීයතායාති යථාරහං පච්චයෙහි යාපෙතබ්බතාය. රොගමූලතායාති මූලබ්‍යාධි විය අනුබන්ධබ්‍යාධීනං මූලභාවතො, පදද්වයෙනාපි යාප්‍යරොගසදිසතොති දස්සෙති. යාප්‍යබ්‍යාධි හි රොගො ඉතරො ආබාධොති. දුක්ඛතාසූලයොගිතායාති තිවිධදුක්ඛතාසඞ්ඛාතෙන රුජ්ජනෙන යුජ්ජතාය. කිලෙසාසුචිපග්ඝරණතායාති යථාරහමාරම්මණවසෙන, සමන්නාගමවසෙන ච රාගාදිකිලෙසාසුචිවිස්සන්දනතො. අහුත්වා සම්භවතො උප්පත්තියා උද්ධුමාතතා."


# “පති පති” = side by side = “Nearest in space or position; immediately adjoining without intervening space; Closely related or associated.” (එක්ව; එක ළඟ; අතරක් නොමැතිව.)

# "පති - PTS - (indecl.) [Vedic prati etc.) a doublet of paṭi; both often found side by side; pati alone always as prep (with acc.) and as prefix with sthā (paṭiṭṭhāti, patiṭṭhita etc.). All cases are referred to the form with paṭi˚, except in the case of patiṭṭh˚. The more frequent cases are the foll.: patikāra, ˚kuṭati, ˚caya ˚dissati, ˚nandati, ˚manteti, ˚māneti, ˚ruddha, ˚rūpa ˚līna, ˚sallāna, etc. ˚sibbati, ˚sevati, ˚ssata, ˚ssaya ˚ssava."

# "එහි කායික චෛතසික දුක් වේදනා ස්වභාවයෙන්ද නාමයෙන්ද දුක් බව දුක්ඛ දුක නම් වේ. සැප වේදනාව වෙනස්වීමෙන් විපරිණාම දුක වේ. උපේක්‍ෂා වේදනාව සෙසු ත්‍රෛභූමික සංස්කාර උදයව්‍ය වශයෙන් පෙළන බැවින් සංඛාර දුක් නම් වේ. පීළනය වනාහි මාර්ග ඵලස්ථයනටද ඇත. එනිසා මේ ධර්ම දුක්ඛ සත්‍යයට ඇතුළත් බැවින් සංස්කාර දුක් යයි දැනගත යුතුය. කන් කැක්කුම දත් කැක්කුම රාගයෙන් උපදින දැවිල්ල දෝසයෙන් උපදින දැවිල්ල ආදී කායික චෛතසික ආබාධ විචාරා දැනගත යුතු හෙයින් උපක්‍රමයේද අප්‍රකට බැවින් පටිච්ඡන්න දුක් වේ. අප්‍රකට දුක් යයි කියනු ලැබේ. දෙතිස්වද කාරණාදිය නිසා උපදින ආබාධ නොවිචාරාම දැනගත හැකි බැවින් සහ උපක්‍රමයද ප්‍රකට බැවින් අපටිච්ඡින්න දුක් වේ. ප්‍රකට දුක් යයිද කියනු ලැබේ. දුක්ඛ දුක්ඛය හැර සෙසු ඒවා දුක්ඛ සච්ච විභංගයෙහි ආ ජාති ආදි සියළු ඒ ඒ දුක්වල වස්තු භාවයෙන් පරියාය දුක් වේ.


තත්‍ථ කායිකචෙතසිකා දුක‍්ඛවෙදනා සභාවතො ච නාමතො ච දුක‍්ඛත‍්තා ‘දුක‍්ඛදුක‍්ඛං’ නාම. සුඛවෙදනා විපරිණාමෙන දුක‍්ඛුප‍්පත‍්තිහෙතුතො ‘විපරිණාමදුක‍්ඛං’ නාම. උපෙක‍්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකා සඞ‍්ඛාරා උදයබ‍්බයපීළිතත‍්තා ‘සඞ‍්ඛාරදුක‍්ඛං’ නාම. තථා පීළනං පන මග‍්ගඵලානම‍්පි අත්‍ථි. තස‍්මා එතෙ ධම‍්මා දුක‍්ඛසච‍්චපරියාපන‍්නත‍්තෙන සඞ‍්ඛාරදුක‍්ඛං නාමාති වෙදිතබ‍්බා. කණ‍්ණසූලදන‍්තසූලරාගජපරිළාහදොසජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච‍්ඡිත්‍වා ජානිතබ‍්බතො උපක‍්කමස‍්ස ච අපාකටභාවතො ‘පටිච‍්ඡන‍්නදුක‍්ඛං’ නාම, අපාකටදුක‍්ඛන‍්තිපි වුච‍්චති. ද‍්වත‍්තිංසකම‍්මකාරණාදිසමුට‍්ඨානො ආබාධො අපුච‍්ඡිත්‍වාව ජානිතබ‍්බතො උපක‍්කමස‍්ස ච පාකටභාවතො ‘අප‍්පටිච‍්ඡන‍්නදුක‍්ඛං’ නාම, පාකටදුක‍්ඛන‍්තිපි වුච‍්චති. ඨපෙත්‍වා දුක‍්ඛදුක‍්ඛං සෙසං දුක‍්ඛසච‍්චවිභඞ‍්ගෙ ආගතං ජාතිආදි සබ‍්බම‍්පි තස‍්ස තස‍්ස දුක‍්ඛස‍්ස වත්‍ථුභාවතො ‘පරියායදුක‍්ඛං’ නාම. දුක‍්ඛදුක‍්ඛං ‘නිප‍්පරියායදුක‍්ඛං’ නාම."

# "දුක‍්ඛදුක‍්ඛන‍්ති කායිකචෙතසිකා දුක‍්ඛා වෙදනා සභාවතො ච නාමතො ච දුක‍්ඛත‍්තා දුක‍්ඛදුක‍්ඛං, ඉදං දුක‍්ඛදුක‍්ඛං අන‍්වෙති. සඞ‍්ඛාරදුක‍්ඛන‍්ති උපෙක‍්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකසඞ‍්ඛාරා උදයබ‍්බයපීළිතත‍්තා සඞ‍්ඛාරදුක‍්ඛං, ඉදං සඞ‍්ඛාරදුක‍්ඛං අන‍්වෙති. විපරිණාමදුක‍්ඛන‍්ති සුඛවෙදනා විපරිණාමදුක‍්ඛස‍්ස හෙතුතො විපරිණාමදුක‍්ඛං, ඉදං විපරිණාමදුක‍්ඛං අන‍්වෙති.


දුක්ඛ දුක්ඛං යනු කායික වූ ද චෛතසික වූ ද දුක් වේදනාව ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද ‘දුක්ඛ දුක්ඛ’ යැයි කියන ලදී. මේ දුක්ඛ දුක්ඛය පුද්ගලයා ලුහුබැඳ එයි. සංඛාර දුක්ඛං යනු උපේක්‍ෂා වේදනාව මෙන්ම සෙසු ත්‍රෛභූමික සංස්කාරයෝ ද ඇතිවීම, නැතිවීම හෝ ඉපදීම මරණාදියෙන් දැඩිව පෙළුණු බැවින් සංස්කාර දුක පුද්ගලයා ලුහුබැඳ එයි. විපරිණාම දුක්ඛං යනු සැප වේදනාව විපරිණාමයට පත්වීමේදී දුකට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ. මේ විපරිණාම දුක සත්ත්වයා ලුහුබැඳ එයි."

# "ඒ මෙසේයි:- දුක් නානාප්‍ර‍කාර යැ දුක්ඛ දුක්ඛ ය, විපරිණාමදුක්ඛය, සඞ්ඛාර දුක්ඛය, පටිච්ඡන්නදුක්ඛය, අපටිච්ඡන්නදුක්ඛය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ යයි එයසත් වැදෑරුම් වේ.

ඔවුනතුරින් කායික - චේතසික වේදනාව ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද දුක්වන බැවින් දුක්ඛ-දුක්ඛ නම් වේ.

සුඛවේදනාව තමා ගේ, පෙරැළීමෙන් දුක් ඉපදීමට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ.

උපෙක්ඛා වේදනාව ද සෙසු කාම - රූප අරූප යන භවත්‍රයෙහි ප්‍ර‍ත්‍යයයෙන් සකස් වූ ධර්මයන් ඉපදීමෙහි හා විනාශයෙහි පෙළෙන බැවින් සංස්කාර දුඃඛ නමි.

කන්රුදා, ඇස්රුදා, රාගයෙන් හටගන්නා දාහය, කායික චෛතසික ආබාධ අසා දතමනා හෙයින් හා උපක්‍ර‍ම අප්‍ර‍කට හෙයින් ද ප්‍ර‍තිච්ඡන්න දුඃඛ නමි. (අප්‍ර‍කට දුක්ඛය යි ද කියනු ලැබේ.)

දෙතිස් කම්කටොළ් ආදියෙන් හටගත් ආබාධ නොවි විචාරා මැ දතහැකි හෙයින් ද උපක්‍ර‍මය ප්‍ර‍කට හෙයින් ද අපටිච්ඡන්න දුඃඛ නමි. (ප්‍ර‍කට දුකයැයි ද කියනු ලැබේ.)

දුඃඛ-දුඃඛය හැර සෙසු ජාත්‍යාදි සියල්ල දුකට වස්තුවන හෙයින් පර්‍ය්‍යාය (අප්‍ර‍ධාන) දුඃඛ නම් වේ.

දුඃඛ-දුඃඛය යි කියන කායික චෛතසික දුඃඛ වේදනාව නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නම් වේ."


# "එහි කායික චෛතසික දුක් වේදනා ස්වභාවයෙන්ද නාමයෙන්ද දුක් බව දුක්ඛ දුක නම් වේ. සැප වේදනාව වෙනස්වීමෙන් විපරිණාම දුක වේ. උපේක්‍ෂා වේදනාව සෙසු ත්‍රෛභූමික සංස්කාර උදයව්‍ය වශයෙන් පෙළන බැවින් සංඛාර දුක් නම් වේ. පීළනය වනාහි මාර්ග ඵලස්ථයනටද ඇත. එනිසා මේ ධර්ම දුක්ඛ සත්‍යයට ඇතුළත් බැවින් සංස්කාර දුක් යයි දැනගත යුතුය. කන් කැක්කුම දත් කැක්කුම රාගයෙන් උපදින දැවිල්ල දෝසයෙන් උපදින දැවිල්ල ආදී කායික චෛතසික ආබාධ විචාරා දැනගත යුතු හෙයින් උපක්‍රමයේද අප්‍රකට බැවින් පටිච්ඡන්න දුක් වේ. අප්‍රකට දුක් යයි කියනු ලැබේ. දෙතිස්වද කාරණාදිය නිසා උපදින ආබාධ නොවිචාරාම දැනගත හැකි බැවින් සහ උපක්‍රමයද ප්‍රකට බැවින් අපටිච්ඡින්න දුක් වේ. ප්‍රකට දුක් යයිද කියනු ලැබේ. දුක්ඛ දුක්ඛය හැර සෙසු ඒවා දුක්ඛ සච්ච විභංගයෙහි ආ ජාති ආදි සියළු ඒ ඒ දුක්වල වස්තු භාවයෙන් පරියාය දුක් වේ."


# "තව ද දුඃඛ සත්‍යය යි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කර ගෙන සිටින තැනැත්තා සංස්කාර දුඃඛය - විපරිණාම දුඃඛය - දුඃඛ දුඃඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසා ද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙති.

ඒ දුක් තුනෙන් සංස්කාර දුඃඛය යනු යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇති වන දුක ය, මිනිස් ලොව මිනිසකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතු ය. පිනක් නැතිව මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් නො ලැබිය හැකි ය. එබැවින් ලබනු කැමති තැනැත්තා විසින් එය සඳහා පින් කළ යුතු ය. පින් කරන්නට වීම මනුෂ්‍ය පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් ඇති වන එක් දුකෙකි. පින් කළේ ද බොහෝ පව් කම් කළ හොත් එය නො ලැබේ. එබැවින් පවින් වැළකිය යුතු ය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නො වේ. පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පඤ්චස්කන්ධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇති එක් දුකෙකි. මිනිස් ලෙව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නො වේ. එය නැසෙන්නට නො දී පවත්වා ගැනීමට ආහාර පාන සැපයීමටත් ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතු ය. ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුක ය. ඒ සියල්ල මනුෂ්‍ය පඤ්චස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුඃඛය යි."


# "උපේක්ෂා වේදනාව හා අවශේෂ ත්‍රෛභූමික සංස්කාරයන් උදයව්‍යය දෙකින් (ඉපදීම බිඳීම දෙකින්) පීඩිත වන බැවින් සංස්කාර දුඃඛ නමි."
 

# "දුක්ඛවත්ථූති දුක්ඛස්ස ඔකාසො. අත්තනො පච්චයෙහි උප්පජ්ජමානම්පි හි තං දුක්ඛං ජාතිආදීසු විජ්ජමානෙසු තබ්බත්ථුකං හුත්වා උප්පජ්ජති. දුක්ඛපච්චයෙති දුක්ඛහෙතුම්හි, දුක්ඛස්ස ජනකෙති අත්ථො. දුක්ඛපච්චයට්ඨානෙති දුක්ඛජනකකම්මස්ස සහායභූතානං අනිට්ඨරූපාදිපච්චයානං ඨානෙ. පච්චයසද්දො හි ජනකෙ ජනකසහායෙ ච පවත්තතීති. ආදි-සද්දෙන “යදනිච්චං තං දුක්ඛ”න්තිආදිනා (සං· නි· 3.15, 45-46, 76) සඞ්ඛාරදුක්ඛාදීසු පවත්ති දට්ඨබ්බා. සම්පයුත්තෙ වත්ථුඤ්ච කරජකායං සුඛයති ලද්ධස්සාදෙ අනුග්ගහිතෙ කරොතීති සුඛා. සුඛාති වෙදනාසද්දමපෙක්ඛිත්වා සුඛභාවමත්තස්ස අප්පකාසනෙන නපුංසකලිඞ්ගතා න කතා. සභාවතො සඞ්කප්පතො ච යං ඉට්ඨං, තදනුභවනං ඉට්ඨාකාරානුභවනං වා ඉට්ඨානුභවනං."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll